“මෙවැනි ක්‍රියා කිසිවකින් නුඹ කෙලෙසා නොගන්න. මෙවැනි දේ කිරීමෙන් විජාතීහු තමන් කෙලෙසාගත්හ. නුඹලා යන්නට කලින් මම ඔවුන් ඒ රටින් පන්නාදමමි.
විනිශ්චයකාරයෝ 20:10 - Sinhala New Revised Version 2018 සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් මිනිසුන් සියයකින් දසදෙනෙකු ද දහසකින් සියයක් ද දසදහසකින් දහසක් ද බැගින් තෝරා ගනිමු. ඔව්හු බෙන්ජමින්ට අයිති මිනිසුන් විසින් ඉශ්රායෙල්හි කරන ලද නින්දිතකම ප්‍රකාරයට ඔවුන්ට පහර දෙන්නට යන හමුදාවට කෑම ගෙනෙන්නෝ ය”යි කී හ. Sinhala New Revised Version සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් මිනිසුන් සියයකින් දසදෙනෙකු ද දහසකින් සියයක් ද දසදහසකින් දහසක් ද බැගින් තෝරා ගනිමු. ඔව්හු බෙන්ජමින්ට අයිති මිනිසුන් විසින් ඉශ්රායෙල්හි කරන ලද නින්දිතකම ප්‍රකාරයට ඔවුන්ට පහර දෙන්නට යන හමුදාවට කෑම ගෙනෙන්නෝ ය”යි කී හ. Sinhala Revised Old Version සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් මනුෂ්‍යයන් සියයට දසදෙනෙක්ද දහසකට සියයක්ද දස දහසකට දහසක්ද බැගින් සෙනඟට ආහාර ගෙනෙන පිණිස අපි නියමකරගන, ඔවුන් ආවාම බෙන්යමින්ට අයිති ගිබියාහි මනුෂ්‍යයන් විසින් ඉශ්‍රායෙල්හි කළ මුළු නින්දිතකම ප්‍රකාරයට ඔවුන්ට කරන්නෙමුයයි කීවෝය. |
“මෙවැනි ක්‍රියා කිසිවකින් නුඹ කෙලෙසා නොගන්න. මෙවැනි දේ කිරීමෙන් විජාතීහු තමන් කෙලෙසාගත්හ. නුඹලා යන්නට කලින් මම ඔවුන් ඒ රටින් පන්නාදමමි.
ඔවුන් ඇගේ පියාගේ ගෘහයේ දොරකඩට ඇය ගෙනා පසු, නුවර මිනිසුන් ඇයට ගල් ගසා මරණයට පත් කළ යුතු ය. එසේ කළ යුත්තේ, ඇගේ පියාගේ ගෘහයේ දී ඈ වෙසඟනක ලෙස හැසිරෙමින්, ඉශ්රායෙල් ජනයා අතර නින්දිත දෙයක් කළ බැවිනි. මෙලෙස ඔබ අතරෙන් නපුර පහකළ යුතු වේ.
කැප කරන ලද දෙය ගත් තැනැත්තා මෙසේ අසු වූ කල්හි ඔහු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම කඩ කළ නිසාත්, ඉශ්රායෙල්හි දුෂ්ටකමක් කළ නිසාත් ඔහු හා ඔහු සන්තක සියල්ල ගින්නෙන් පුළුස්සා දැමිය යුතු ය’යි ඔවුන්ට කියන්න.”
එවිට මම මාගේ උපභාර්යාවගේ සිරුර ගෙන, එය කොටස්වලට කපා, ඉශ්රායෙල්වරුන්ට අයිති සියලු පළාත්වලට ඇරියෙමි. එසේ කෙළේ, ඔවුන් ඉශ්රායෙල්හි දුෂ්ටකමක් ද නින්දිතකමක් ද කළ බැවිනි.
“අපෙන් කිසිවෙක් තමාගේ දුවක බෙන්ජමින් ගෝත්‍රයේ මිනිසෙකුට භාර්යාව වශයෙන් නොදෙන්නේ ය”යි ඉශ්රායෙල් සෙනඟ මිශ්පාහි දී දිවුරා තිබුණේ ය.