එහෙත්, ලෝවැසි සෙසු හැම දෙන ම දෙවියන් වහන්සේ අබිමුවෙහි දූෂ්‍ය වී සිටියහ; ඔව්හු සැහැසිකමින් පිරී සිටියහ.
විනිශ්චයකාරයෝ 2:19 - Sinhala New Revised Version 2018 එහෙත්, වීර පුරුෂයෙකු මැරුණු කල, ඔව්හු හැරී අන් දෙවිවරුන් අනුව ගොස්, ඔවුන්ට වැඳුම්පිදුම් හා නමස්කාර කරමින්, තමන්ගේ පියවරුන්ටත් වඩා දූෂ්‍යකම් කළහ. ඔව්හු ඔවුන්ගේ ක්‍රියාවලින් වත්, මුරණ්ඩුකම්වලින් වත් කිසිවක් අත්නෑරියෝ ය. Sinhala New Revised Version එහෙත්, වීර පුරුෂයෙකු මැරුණු කල, ඔව්හු හැරී අන් දෙවිවරුන් අනුව ගොස්, ඔවුන්ට වැඳුම්පිදුම් හා නමස්කාර කරමින්, තමන්ගේ පියවරුන්ටත් වඩා දූෂ්‍යකම් කළහ. ඔව්හු ඔවුන්ගේ ක්‍රියාවලින් වත්, මුරණ්ඩුකම්වලින් වත් කිසිවක් අත්නෑරියෝ ය. Sinhala Revised Old Version නුමුත් විනිශ්චයකාරයා මැරුණු කල, ඔව්හු හැරී අන් දෙවිවරුන් පස්සේ ගොස්, ඔවුන්ට සේවයකොට නමස්කාරකරමින්, තමුන්ගේ පියවරුන්ටත් වඩා දූෂ්‍යකම් කළෝය; ඔව්හු තමුන්ගේ ක්‍රියාවලින්වත් තමුන්ගේ මුරණ්ඩු මාර්ගයෙන්වත් කිසිවක් අත්නෑරියෝය. |
එහෙත්, ලෝවැසි සෙසු හැම දෙන ම දෙවියන් වහන්සේ අබිමුවෙහි දූෂ්‍ය වී සිටියහ; ඔව්හු සැහැසිකමින් පිරී සිටියහ.
එහෙත්, ඔවුන්ට නිදහස ලැබුණ විට ඔව්හු නැවත ඔබ ඉදිරියෙහි නපුරුකම් කළෝ ය. එවිට ඔවුන්ගේ සතුරන් ඔවුන් කෙරෙහි බලය පවත්වනු පිණිස ඔබ ඔවුන් සතුරන්ගේ අතට පාවා දුන් සේක. එහෙත්, ඔවුන් නැවතත් මොරගැසූ විට ඔබ ස්වර්ගයේ සිට අසා, ඔබේ අනුකම්පාවේ හැටියට, බොහෝ වතාවල ඔවුන් නිදහස් කළ සේක.
මෙසේ ඔව්හු ඔවුන්ගේ පියවරුන් මෙන් හිතුවක්කාර, කැරලිකාර පරපුරක් නොවන්නෝ ය. මන්ද, ඒ පරපුරේ අය දෙවිඳුන් කෙරෙහි ස්ථිර ව නොසිටියහ. ඔව්හු දෙවිඳුන්ට පක්ෂපාත ව නොසිටියෝ ය.
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “යන්න, හනික කන්දෙන් බසින්න. නුඹ මිසර දේශයෙන් පිටතට ගෙනා නුඹේ සෙනඟ තමන් ම දූෂ්‍ය කරගෙන සිටිති.
නුඹලා නුඹලාගේ පියවරුන්ටත් වඩා නපුරු ලෙස ක්‍රියා කර ඇත. නුඹලා මට සවන් නො දී, නුඹලාගේ මුරණ්ඩු නපුරු සිතුවිලි අනුව හැසිරෙන්නහු ය.
මාගේ වචනය හෙළා දකින අයට ඔව්හු, ‘නුඹලාට ශුභසිද්ධ වේ වා!’යි කියති. මුරණ්ඩු සිතින් සිය කැමැත්ත අනුව යන අයට ඔව්හු, ‘නුඹලාට කිසි විපතක් නොවේ ය’යි කියති.
ඒ කාලය පැමිණි විට ජෙරුසලම සමිඳාණන් වහන්සේගේ සිංහාසනය යයි කියනු ලබන්නේ ය. සියලු ජාතීන් සමිඳාණන් වහන්සේ වැඩ සිටින ජෙරුසලමේ රැස් වනු ඇත. ඔව්හු තමන්ගේ නපුරු සිතිවිලි අනුව මුරණ්ඩුකමින් තවත් නොහැසිරෙන්නෝ ය.
එබැවින් ඉශ්රායෙල් සෙනඟට මෙසේ කියන්න: මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නුඹලාගේ පියවරුන් කළාක් මෙන් දෙවි දේවතා වැඳීමෙන් හා වේශ්‍යාකම් කිරීමෙන් නුඹලා තමන් ම අපවිත්‍ර කරගන්නහු ද?
මාගේ මරණින් පසු ඔබ හැම සම්පූර්ණයෙන් ම දූෂ්‍ය වී මා නියම කළ මාර්ගයෙන් ඉවතට යන බව මම දනිමි. සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දුෂ්ටකම් කර, ඔබේ ක්‍රියාවලින් උන් වහන්සේගේ කෝපය අවුස්සන බැවින් මතු කාලයේ දී ඔබ පිට මහා දුර්භාග්‍ය පැමිණෙනු ඇත.”
ඉශ්රායෙල්වරු ජෝෂුවා සිටි මුළු කාලයේ දී ද ඔහුට පසුව ජීවත් ව සිටි, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් උදෙසා කළ උන් වහන්සේගේ සියලු ක්‍රියා දැනගෙන සිටි ප්‍රජා මූලිකයන් ජීවත් ව සිටි මුළු කාලයේ දී ද සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කළෝ ය.
එහෙත්, නුඹලා මා අත්හැර අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් කළහු ය. එබැවින් දැන් මම නුඹලා නොගළවන්නෙමි.
සමිඳාණන් වහන්සේ ඔවුන්ට වීර නායකයන් පත් කර දුන් විට උන් වහන්සේ වීර නායකයන් සමඟ සිට, ඔවුන්ගේ මුළු ජීවිත කාලය තුළ ඉශ්රායෙල්වරුන් සතුරන්ගේ අතින් ගැළෙවු සේක. ඔවුන්ට පීඩා කළාවූ ද ඔවුන් පොඩි කළාවූ ද අය කරණකොටගෙන හටගත් ඔවුන්ගේ කෙඳිරිගෑම නිසා සමිඳාණන් වහන්සේ ඔවුන්ට අනුකම්පා කළ සේක.
සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව ඇවිළුණේ ය. එවිට උන් වහන්සේ මෙසේ වදාළ සේක: “මේ ජාතිය මාගේ හඬට සවන් නොදී, මා ඔවුන්ගේ පියවරුන්ට අණ කළ මාගේ ගිවිසුම කඩ කළ බැවින්,
ඉශ්රායෙල් සෙනඟ ජෝෂුවා ජීවත් ව සිටි මුළු කාලය තුළ දී ද, ජෝෂුවාට පසුව ජීවත් ව සිටි, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් උදෙසා කළ, උන් වහන්සේගේ සකල බලවත් ක්‍රියා දුටු, ප්‍රජා මූලිකයන් ජීවත් ව සිටි කාලය තුළ දී ද සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කළෝ ය.
ගිඩියොන් මියගිය පසු ඉශ්රායෙල් ජනයා යළිත් වහා ම සමිඳාණන් වහන්සේට අවිශ්වාසවන්ත වී බාල් දේවතාවා වැළඳ ගෙන ඔහුට නමස්කාර කරන්නට පටන්ගෙන බාල්-බෙරිත් තමන්ට දෙවි ලෙස තබා ගත්තෝ ය.
මන්ද, කැරලිකාරකම අනවින කිරීමේ පාපයට සමාන ය. මුරණ්ඩුකම රූප ඇදහීමට සමාන ය. ඔබ සමිඳාණන් වහන්සේගේ වචනය ප්‍රතික්ෂේප කළ නිසා උන් වහන්සේ ඔබ රජකමෙන් ඉවත් කළ සේකැ”යි කීවේ ය.