ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




විනිශ්චයකාරයෝ 19:5 - Sinhala New Revised Version 2018

සතර වන දින අලුයම ඔහු නැඟිට පිටත් වී යන්නට සූදානම් විය. තරුණියගේ පියා කතා කොට, “කෑම ටිකක් කා ඔබේ සිත සනසාගෙන පසුව ඔබට යන්නට පුළුවනැ”යි තම බෑණාට කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සතර වන දින අලුයම ඔහු නැඟිට පිටත් වී යන්නට සූදානම් විය. තරුණියගේ පියා කතා කොට, “කෑම ටිකක් කා ඔබේ සිත සනසාගෙන පසුව ඔබට යන්නට පුළුවනැ”යි තම බෑණාට කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

සතරවෙනිදා ඔවුන් අලුයම නැගුටුණ විට ඔහු යන්ට හැදුවේය. යෞවනියගේ පියාද: කෑම ටිකකින් නුඹේ සිත සනසාගන පසුව යන්ට පුළුවනැයි ඔහුගේ බෑනාට කීවේය.

පරිච්ඡේදය බලන්න



විනිශ්චයකාරයෝ 19:5
9 හුවමාරු යොමු  

මම ද කෑම ටිකක් ගෙනෙන්නෙමි. එය වළඳා, ඔබේ ගත සිත සනසාගෙන, මේ ගමන යන්න. ඔබේ දාසයාගේ නිවසට ඔබ පැමිණියේ ඒ නිසා යැ”යි කී ය. ඔව්හු ද, “ඔබ කී ලෙස කරන්නෙමු”යි පිළිතුරු දුන්හ.


රජ ද, “මා සමඟ ගෙදරට පැමිණ විඩා හැරගන්න; ඔබට තුටු පඬුරක් දෙමි”යි ඒ මනුෂ්‍යයාට කීවේ ය.


තවද, ඔබ මිනිසාගේ හද සතුටු කරන මිදියුස ද වත පැහැපත් කරන තෙල ද ගත සවිමත් කරන අහර ද සපයන සේක.


ජේසුස් වහන්සේ ඔවුන් අමතා, “මාගේ භෝජනය නම්, මා එවූ තැනැන් වහන්සේගේ කැමැත්ත කිරීමත්, උන් වහන්සේගේ කාර්යය නිමාවට පත් කිරීමත් ය.


කෑම කා යළිත් ශක්තිය ලැබී ය. සාවුල් දමස්කයේ ශ්‍රාවකයන් සමඟ කීප දවසක් නතර ව සිටියේ ය.


ඔහුගේ මාමා වන තරුණියගේ පියා ඔහු නවත්වා ගත්තේ ය. ඔහු තුන් දවසක් ඔහු සමඟ විසී ය. එලෙස ඔව්හු කමින් බොමින් එහි නැවතී සිටියෝ ය.


පස් වන දා අලුයම ඔහු යන්නට සැරසුණ විට, තරුණියගේ පියා ඔහුට කතා කොට, “අනේ ඔබේ සිත සනසාගන්න, සවස් වන තෙක් නවතින්නැ”යි කීවේ ය. එබැවින් ඔව්හු දෙදෙන කෑම කෑහ.


තවද, ඔව්හු අත්තික්කා කැටියකින් කැබැල්ලක් ද මුද්‍රික පල පොකුරු දෙකක් ද ඔහුට දුන්හ. ඔහු කෑ පසු ප්‍රාණවත් විය. මන්ද, ඔහු දවල් තුනකුත් රෑ තුනකුත් කෑම කෑවේ වත්, වතුර බීවේ වත් නැතුව සිටිය බැවිනි.