Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 30:12 - Sinhala New Revised Version 2018

12 තවද, ඔව්හු අත්තික්කා කැටියකින් කැබැල්ලක් ද මුද්‍රික පල පොකුරු දෙකක් ද ඔහුට දුන්හ. ඔහු කෑ පසු ප්‍රාණවත් විය. මන්ද, ඔහු දවල් තුනකුත් රෑ තුනකුත් කෑම කෑවේ වත්, වතුර බීවේ වත් නැතුව සිටිය බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 තවද, ඔව්හු අත්තික්කා කැටියකින් කැබැල්ලක් ද මුද්‍රික පල පොකුරු දෙකක් ද ඔහුට දුන්හ. ඔහු කෑ පසු ප්‍රාණවත් විය. මන්ද, ඔහු දවල් තුනකුත් රෑ තුනකුත් කෑම කෑවේ වත්, වතුර බීවේ වත් නැතුව සිටිය බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 තවද ඔව්හු අත්තික්කා කැටියකින්, කැබෙල්ලක්ද මුද්‍රිකඵල පොකුරු දෙකක්ද ඔහුට දුන්නෝය; ඔහු කෑ පසු ප්‍රාණවත්විය. මක්නිසාද ඔහු දවල් තුනකුත් රෑ තුනකුත් කෑම කෑවේවත් වතුර බීවේත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 30:12
9 හුවමාරු යොමු  

එවිට දෙවියන් වහන්සේ පොළොවෙහි වළක් විවර කළ සේක. ඒ වළ ලෙහියෙහි ඇත. එයින් වතුර නික්මුණේ ය. සම්සොන් එයින් බී ශක්තිය ලැබ ප්‍රාණවත් විය. එබැවින් ඒ ස්ථානයට ‘හඬගැසූ අයගේ උල්පත’ යන අර්ථය ඇති එන්-හක්-කෝරේ යන නම තබන ලදී. එය අද දවස දක්වා ලෙහිය නගරයේ දක්නට තිබේ.


එහෙත්, තම පියා සෙනඟගෙන් දිවුරුමක් ගෙන තිබෙන බව ජොනතන් දැන සිටියේ නැත. ඒ නිසා ඔහු තමාගේ අතේ තිබුණ සැරයටිය දිගු කොට එහි අග මී වදයක ගල්වා ඒවා අරගෙන කටට ගත්තේ ය. එයින් ඔහුට අමුතු ශක්තියක් ලැබුණේ ය.


“ස්වාමීනි, ඒ වංචාකාරයා ජීවත් ව සිටිය දී, ‘මම තුන් දවසකට පසු මරණින් උත්ථාන වන්නෙමි’යි කී බව අපට මතක ය.


සමිඳාණන් වහන්සේ ද ජෝනා ගිලගන්න පිණිස මහා මත්ස්‍යයෙකු සූදානම් කළ සේක. ඒ මත්ස්‍යයාගේ කුස තුළ ජෝනා දාවල් තුනක් ද රෑ තුනක් ද සිටියේ ය.


දාවිත් ඔහු අමතා, “ඔබ කාට අයිති ද? කොතැනින් ආයේ දැ”යි ඇසී ය. ඔහු පිළිතුරු දෙමින්, “මම අමෙලෙක් මනුෂ්‍යයෙකුගේ වහලෙකු ව සිටින මිසර ජාතික තරුණයෙක් ය; තුන් දවසකට පෙර මට අසනීප වූ බැවින් මාගේ ස්වාමියා මා අත්හැර දමා ගියේ ය.


දාවිත්ගේ සෙනඟට නුවරෙන් පිටත දී මිසර වැසියෙක් සම්බ විය. ඔව්හු ඒ මිනිසා දාවිත් ළඟට ගෙනවුත්, කන්නට රොටි ද බොන්නට වතුර ද ඔහුට දුන්හ.


ඇගේ මුළු සෙනඟ කෑම සොයමින් සුසුම්ලති. පණ රැකගන්න පිණිස ඔව්හු ආහාර වෙනුවට තමන්ගේ වටිනා දේ දුන්නෝ ය. සමිඳුනි, මා නීච වී සිටින බව බලා මා සැලකුව මැනව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්