ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




විනිශ්චයකාරයෝ 18:6 - Sinhala New Revised Version 2018

“ශාන්ති සිතින් යන්න. ඔබ යන ගමන සමිඳාණන් වහන්සේගේ ආරක්ෂාව යටතේ තිබේ යැ”යි පූජකයා ඔවුන්ට කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“ශාන්ති සිතින් යන්න. ඔබ යන ගමන සමිඳාණන් වහන්සේගේ ආරක්ෂාව යටතේ තිබේ යැ”යි පූජකයා ඔවුන්ට කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

පූජක තෙමේද: සමාදානයෙන් යන්න; නුඹලා යන ගමන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබේයයි ඔවුන්ට කීවේය.

පරිච්ඡේදය බලන්න



විනිශ්චයකාරයෝ 18:6
12 හුවමාරු යොමු  

දිවැසිවරු සියල්ලෝ එලෙස ම දිවැස් වැකි කියමින්, “රාමොත්-ගිලියද්ට ගොස් ජය ගත මැනව. මන්ද, සමිඳාණන් වහන්සේ එය රජු අතට පාවා දෙන සේකැ”යි කී හ.


ඔහු රජු ළඟට ආ කල රජු ඔහුට කතා කොට, “මීකායා, අපි රාමොත්-ගිලියද්ට විරුද්ධ ව යුද්ධයට යමු ද නොයමු දැ”යි ඔහුගෙන් ඇසී ය. ඔහු ද, “ගොස් ජය ගත මැනව, සමිඳාණන් වහන්සේ එය රජු අතට පාවා දෙන සේකැ”යි උත්තර දුන්නේ ය.


එවිට ඉශ්රායෙල් රජ දිවැසිවරුන් වන හාරසියයක් පමණ මිනිසුන් රැස් කොට, “මම රාමොත්-ගිලියද්ට විරුද්ධ ව යුද්ධයට යම් ද නොයම් දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. ඔව්හු කතා කොට, “ගිය මැනව, මන්ද, සමිඳාණන් වහන්සේ එය රජු අතට පාවා දෙන සේකැ”යි කීවෝ‍ ය.


සමිඳුන්ගේ නෙත් දේව ගරුබිය ඇත්තන් කෙරෙහි ය; මරණයෙන් ගළවන පිණිස ද


මෝසෙස් තම මාමණ්ඩි වන ජෙත්රෝ වෙත ආපසු ගොස්, ඔහුට කතා කොට, “මිසරයේ සිටින මාගේ ඥාතීන් වෙත ආපසු ගොස් ඔව්හු ජීවත් ව සිටිත් දැ’යි බලනු පිණිස මට යන්න, කරුණාකර, අවසර දෙන්නැ,”යි ඉල්ලී ය. ජෙත්රෝ ද, “සුව සේ යන්නැ”යි මෝසෙස්ට කීවේ ය.


ස්වාමීන් වන මා වදාරන දේට සවන් දෙන්න. බොරු සිහින දිවැස් කීම් වශයෙන් ප්‍රකාශ කරමින්, තමන්ගේ බොරුවලින් ද හිස් පාරට්ටුවෙන් ද මාගේ සෙනඟ මුළා කරන දිවැසිවරුන්ට මම විරුද්ධ වෙමි. මම ඔවුන් නොයැව්වෙමි. ඔවුන්ට අණ නොකෙළෙමි. ඔවුන්ගෙන් මේ සෙනඟට කිසි ප්‍රයෝජනයක් නොවන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


එය ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ සලකන රටකි, අවුරුද්දේ මුල සිට අග දක්වා උන් වහන්සේගේ බැල්ම නිතර ම ඒ රට කෙරෙහි යොමු ව පවතී.


අපගේ පිය වූ දෙවියන් වහන්සේ ම ද අපගේ ස්වාමීන් වූ ජේසුස් සමිඳාණන් වහන්සේ ද ඔබලා වෙතට එන්න අපට මාර්ගය සලස්වා දෙන සේක් වා!


ඔව්හු ඔහුට කතා කොට, “අප යන මේ ගමන සඵල වේ ද කියා අප දැනගන්න පිණිස දෙවියන් වහන්සේගෙන් විමසන්නැ”යි කී හ.


එවිට ඒ පස්දෙනා පිටත් ව ගොස්, ලායිෂ්ට පැමිණ, එහි සිටින සෙනඟ ආරක්ෂා සහිත ව, සීදොන් වැසියන් හා සමාන ව සාමකාමී ව ද නිශ්චල ව ද වාසය කරන බව දුටුවෝ ය. ඔවුන්ට කිසි අගහිඟයක් තිබුණේ නැත. ඔව්හු සීදොන්වරුන්ගෙන් ඈත් ව වාසය කළහ. අරමීයයන් සමඟ ඔවුන්ට කිසි ගනුදෙනුවක් නො වී ය.


එවිට ඒලී පිළිතුරු දෙමින්, “ශාන්ති සිතින් යන්න; ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගෙන් ඔබ කළ ඉල්ලීම උන් වහන්සේ ඔබට ඉෂ්ට කර දෙන සේක්වා”යි කීවේ ය.