සලමොන් රජ බොහෝ විජාතික ස්ත්‍රීන්ට එනම්, පාරාවෝගේ දුව ඇතුළු මෝවබ්වරුන්ගේ ද අම්මොන්වරුන්ගේ ද ඒදොම්වරුන්ගේ ද සීදොන්වරුන්ගේ ද හිත්තීවරුන්ගේ ද කාන්තාවන් වන බොහෝ විජාතික ස්ත්‍රීන්ට ඇළුම් ව සිටියේ ය.
විනිශ්චයකාරයෝ 16:4 - Sinhala New Revised Version 2018 ඉන්පසු සම්සොන් සෝරෙක් නම් මිටියාවතේ සිටි දෙලීලා නම් ස්ත්‍රියකට ප්‍රේම කෙළේ ය. Sinhala New Revised Version ඉන්පසු සම්සොන් සෝරෙක් නම් මිටියාවතේ සිටි දෙලීලා නම් ස්ත්‍රියකට ප්‍රේම කෙළේ ය. Sinhala Revised Old Version ඉන්පසු ඔහු සොරෙක් මිටියාවතෙහි සිටියාවූ දෙලීලා නම් ස්ත්‍රියෙකුට ආදරේවිය. |
සලමොන් රජ බොහෝ විජාතික ස්ත්‍රීන්ට එනම්, පාරාවෝගේ දුව ඇතුළු මෝවබ්වරුන්ගේ ද අම්මොන්වරුන්ගේ ද ඒදොම්වරුන්ගේ ද සීදොන්වරුන්ගේ ද හිත්තීවරුන්ගේ ද කාන්තාවන් වන බොහෝ විජාතික ස්ත්‍රීන්ට ඇළුම් ව සිටියේ ය.
මම ඔවුන් අමතා මෙසේ කීවෙමි: “ඉශ්රායෙල් රජු වූ සලමොන් මේ දේ කිරීමෙන් පව් කළා නොවේ ද? බොහෝ ජාතීන් අතරේ ඔහුට සමාන රජෙක් සිටියේ නැත; ඔහුගේ දෙවියන් වහන්සේ ද ඔහුට ප්‍රේම කොට මුළු ඉශ්රායෙල්වරුන්ගේ රජු වශයෙන් ඔහු පත් කළ සේක. එසේ වී නමුත්, ඔහු පවා අන්‍ය ජාතික ස්ත්‍රීන් විසින් පාපයට පොළඹවන ලදී.
ඔවුන් නපුරු දෙයට ඇලුම් කළාක් මෙන්, අපත් නපුරු දෙයට ඇලුම් නොකරන පිණිස, මේ සියල්ල සිදු වූයේ අපට පාඩමක් වශයෙනි.
සම්සොන් මධ්‍යම රාත්‍රිය දක්වා නිදා හිඳ, රෑ මැදියම් වේලේ නැඟිට, නුවර දොරටුවේ දොරවල් ද උළුවහු කණු දෙක ද අගුල් ආදිය ද සමඟ උගුලා කර පිට තබාගෙන හෙබ්‍රොන් ඉදිරිපිට තිබෙන කන්ද මුදුනට ගියේ ය.
පිලිස්තිවරුන්ගේ අධිපතීහු ඈ ළඟට අවුත් ඈට කතා කොට, “ඔබ ඔහු චාටුවෙන් පොළඹවා ඔහුගේ යෝධ ශක්තිය තිබෙන්නේ කොතැන්හි ද කියාත්, අප ඔහුට පීඩා කිරීමට ඔහු බැඳ තබන පිණිස ඔහු දමනය කරන්නට පුළුවන් කෙසේ ද කියාත් දැනගන්න. එවිට අපි එක් එක්කෙනා රිදී එක්දහස් එකසියයක් බැගින් ඔබට දෙන්නෙමු”යි කීවෝ ය.