ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




විනිශ්චයකාරයෝ 15:20 - Sinhala New Revised Version 2018

පිලිස්තිවරුන් සිටි කාලයේ දී විසි අවුරුද්දක් සම්සොන් ඉශ්රායෙල්වරුන් පාලනය කෙළේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

පිලිස්තිවරුන් සිටි කාලයේ දී විසි අවුරුද්දක් සම්සොන් ඉශ්රායෙල්වරුන් පාලනය කෙළේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහු පිලිස්තිවරුන්ගේ දවස්වල විසි අවුරුද්දක් ඉශ්‍රායෙල්වරුන් විනිශ්චයකෙළේය.

පරිච්ඡේදය බලන්න



විනිශ්චයකාරයෝ 15:20
6 හුවමාරු යොමු  

දාන්, තම සෙනඟගේ විනිසකරුවෙකි. ඒ සෙනඟ ඉශ්රායෙල් ගෝත්‍රවලින් එකකි.


තවදුරටත් කීම අවශ්‍ය ද? ගිඩියොන් ද බාරක් ද සම්සොන් ද ජෙප්තා ද දාවිත් ද සාමුවෙල් ද දිවැසිවරයන් ද ගැන කීමට කල් වේලා නැත.


ඉශ්රායෙල් සෙනඟ නැවතත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පව් කළෝ ය. සමිඳාණන් වහන්සේ ඔවුන් පිලිස්තිවරුන්ගේ අතට සතළිස් අවුරුද්දකට පාවා දුන් සේක.


මන්ද, නුඹ පිළිසිඳගෙන පුත්‍රයෙකු ලබන්නෙහි ය. දැළි පිහියකින් ඔහුගේ කෙස් නොකැපිය යුතු ය. මන්ද, දරුවා ගර්භයේ පටන් දෙවියන් වහන්සේට කැප කරන ලද නාසරීයයෙකු විය යුතු බැවිනි. ඔහු පිලිස්තිවරුන්ගේ අතින් ඉශ්රායෙල්වරුන් ගළවා ගන්නේ ය.”


එවිට ඔහුගේ සහෝදරයෝ ද ඔහුගේ පියාගේ මුළු පවුල ද ගොස් ඔහු ගෙනවුත්, ශොරා ද එෂ්තායොල් ද අතරේ තිබෙන ඔහුගේ පිය වූ මානෝවාගේ සොහොන් පොළේ තැන්පත් කළෝ ය. සම්සොන් විසි අවුරුද්දක් ඉශ්රායෙල්වරුන් පාලනය කෙළේ ය.


ඔහු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගැන සඳහන් කළ විට, ඒලී හුනස්නෙන් දොරටුව සමීපයෙහි පස්සට වැටී බෙල්ල කැඩී මළේ ය. මන්ද, ඔහු මහලු තරබාරු මිනිසෙකු වූ බැවිනි. ඔහු සතළිස් අවුරුද්දක් ඉශ්රායෙල්වරුන් පාලනය කෙළේ ය.