ඉන් කිසිවක් අමුවෙන් හෝ වතුරෙන් තම්බා හෝ නොකෑ යුතු ය. උගේ හිස, කකුල්, බොකු හා මාංසය මඳ ගින්නේ බදින්නට උවමනා ය.
ලෙවී කථාව 9:14 - Sinhala New Revised Version 2018 ඉන්පසු ඔහු ඒ සතාගේ අතුණු සහ කකුල් සෝදා පූජාසනයේ දවන යාග පූජාව මත ඒවා දැවී ය. Sinhala New Revised Version ඉන්පසු ඔහු ඒ සතාගේ අතුණු සහ කකුල් සෝදා පූජාසනයේ දවන යාග පූජාව මත ඒවා දැවී ය. Sinhala Revised Old Version ඔහු අතුණුද කකුල්ද සෝදා පූජාසන මතුයෙහි දවන පූජාව පිට දැවුවේය. |
ඉන් කිසිවක් අමුවෙන් හෝ වතුරෙන් තම්බා හෝ නොකෑ යුතු ය. උගේ හිස, කකුල්, බොකු හා මාංසය මඳ ගින්නේ බදින්නට උවමනා ය.
ඔහු සතාගේ අතුණු හා කකුල් වතුරෙන් සෝදා සතා මුළුමනින් ම පූජාසනය මත දැවී ය. එය වනාහි සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ගින්නෙන් දවා, සමිඳාණන් වහන්සේට පුදන සුමිහිරි සුවඳක් සහිත දවන යාග පූජාවකි.
එවිට ඔවුන් දවන යාග පූජාව හිසත් ඇතුළු ව කොටස් වශයෙන් දුන් කල, ඔහු ඒවා පූජාසනය මත දැවී ය.
ඉක්බිති ඔහු සෙනඟගේ පූජා පිළිගන්වමින්, සෙනඟගේ පාප පූජාව වන එළුවා ගෙන, ඌ මරා, කලින් කළ පාප පූජාව මෙන් එය පුද කෙළේ ය.