උදය කාලය දක්වා ඉන් කිසිවක් ඉතිරි නොකළ යුතු ය. උදය කාලය දක්වා යමක් ඉතිරි වී නම්, එය ගින්නෙන් පුළුස්සාදැමිය යුතු ය.
ලෙවී කථාව 8:32 - Sinhala New Revised Version 2018 තවද, මස්වලින් හා පූපවලින් ඉතිරි වන කොටස ගින්නේ දැවිය යුතු ය. Sinhala New Revised Version තවද, මස්වලින් හා රොටිවලින් ඉතිරි වන කොටස ගින්නේ දැවිය යුතු ය. Sinhala Revised Old Version මාංසය හා රොටිවලින් ඉතුරු ඒවා ගින්නෙන් දවන්න. |
උදය කාලය දක්වා ඉන් කිසිවක් ඉතිරි නොකළ යුතු ය. උදය කාලය දක්වා යමක් ඉතිරි වී නම්, එය ගින්නෙන් පුළුස්සාදැමිය යුතු ය.
පූජකවරය දීමේ දී ගත් මස්වලින් හා පූපවලින් කිසිවක් උදය දක්වා ඉතිරි වුවහොත්, එය ගින්නෙන් පිළිස්සිය යුතු වේ. ඒවා ශුද්ධ බැවින් නොවැළඳිය යුතු වේ.
ඔබ අත තබන හැම කටයුත්තක් ම මුළු වීර්යයෙන් ඉටු කරන්න; ඔබ යන පාතාල ලෝකයෙහි කිසි වැඩක් වත්, යෝජනාවක් වත්, දැනගැන්ම වත්, ප්‍රඥාව වත් නැත.
කැප කිරීමේ දින ගණන අවසාන වන තෙක්, දින හතක් ඔබ සම්මුඛ මණ්ඩපයේ දොරටුවෙන් පිටතට නොයා යුතු ය. ඒ සඳහා දින හතක් ගත වේ.
මන්ද, “ප්‍රසාදජනක කාලයේ දී මම ඔබට සවන් දුනිමි, ගැළවීමේ දවසේ දී මම ඔබට පිහිට වුණෙමි”යි දෙවියන් වහන්සේ වදාරන සේක. මෙය ප්‍රසාදජනක කාලය යි. මෙය ගැළවීමේ දවස යි.