ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලෙවී කථාව 8:30 - Sinhala New Revised Version 2018

ඉන්පසු මෝසෙස් ආලේප තෛලයෙන් හා පූජාසනය මත වූ ලෙයින් ස්වල්පයක් ගෙන ආරොන් හා ඔහුගේ වස්ත්‍ර මත ද ඔහුගේ පුත්‍රයන් හා ඔවුන්ගේ වස්ත්‍ර මත ද ඉස, ආරොන් සහ ඔහුගේ වස්ත්‍ර ද ඔහුගේ පුත්‍රයන් හා ඔවුන්ගේ වස්ත්‍ර ද කැප කෙළේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඉන්පසු මෝසෙස් ආලේප තෛලයෙන් හා පූජාසනය මත වූ ලෙයින් ස්වල්පයක් ගෙන ආරොන් හා ඔහුගේ වස්ත්‍ර මත ද ඔහුගේ පුත්‍රයන් හා ඔවුන්ගේ වස්ත්‍ර මත ද ඉස, ආරොන් සහ ඔහුගේ වස්ත්‍ර ද ඔහුගේ පුත්‍රයන් හා ඔවුන්ගේ වස්ත්‍ර ද කැප කෙළේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මෝසෙස් ආලේප තෙලින් හා පූජාසනය පිට තිබුණු ලෙයින් රැගෙන ඒවා ආරොන් පිටද ඔහුගේ වස්ත්‍ර පිටද ඔහුගේ පුත්‍රයන් පිටද ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍ර පිටද ඉස ආරොන් සහ ඔහුගේ වස්ත්‍රද ඔහුගේ පුත්‍රයන් සහ ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍රද විශුද්ධ කෙළේය.

පරිච්ඡේදය බලන්න



ලෙවී කථාව 8:30
15 හුවමාරු යොමු  

නුඹේ සහෝදරයා වන ආරොන් සඳහා ගරුත්වය හා අලංකාරය ගෙන දෙන ශුද්ධ වස්ත්‍ර සෑදිය යුතු ය.


පසුව පූජාසනය මත ඇති ලෙයින් ටිකක් ද ආලේප තෛලයෙන් ටිකක් ද ගෙන ආරොන් මත ද ඔහුගේ වස්ත්‍ර මත ද ඔහුගේ පුත්‍රයන් මත ද ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍ර මත ද ඉසිය යුතු ය. මෙලෙස ඔහු ද ඔහුගේ වස්ත්‍ර ද ඔහුගේ පුත්‍රයන් හා ඔවුන්ගේ වස්ත්‍ර ද ඔහු සමඟ කැප වනු ඇත.


ඉන්පසු නුඹ ආරොන් සහ ඔහුගේ පුතුන් ආලේප කොට ඔවුන් මට පූජක පදවියේ සේවා කරන පිණිස ඔවුන්ට පූජකවරය ප්‍රදානය කළ යුතු ය.


මහෝත්තම දෙවි සමිඳුන්ගේ ආත්මානුභාවය මා කෙරෙහි පිහිටා ඇත. දිළිඳුන්ට සුබ අස්න දෙසීමට ද බිඳුණු සිත් ඇත්තන්ට සුව සෙත දීමට ද වහලුන්ට මිදීම දානය කරන්න ද සිරකරුවන්ට නිදහස දන්වන්න ද එතුමාණෝ මා ආලේප කළ සේක.


සියොන්හි දුක් වන සෑම දෙනාට අළු වෙනුවට මල්මාලා ද දුක් කඳුළු වෙනුවට ප්‍රීතිය නමැති තෛලය ද කලකිරී සිටින්නන්ට පැසසුම් නමැති වස්ත්‍රය ද ප්‍රදානය කරන පිණිස එතුමාණෝ මා ආලේප කළ සේක. ඔවුන්ගේ දැහැමිතාව සමිඳුන් රෝපණය කළ කිහිරි ගස් මෙන් ස්ථිර යයි කියනු ලැබේ. එයින් එතුමන්ට ම මහිමය හිමි වන්නේ ය.


එවිට මෝසෙස් ආරොන්ට කතා කොට, “සමිඳාණන් වහන්සේ වදාළ දේ මේ ය: ‘මට ළඟා වන්නන් මඟින් මාගේ ශුද්ධ බව පාන්නෙමි. සියලු ජනතාව අබිමුව මම මාගේ මහිමාලංකාරය දක්වන්නෙමි’ ”කීවේ ය. ආරොන් ද නිහඬ විය.


ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් පූජක නිල තනතුරේ සමිඳාණන් වහන්සේට සේවය කරනු පිණිස ඉදිරිපත් කොට, ඔවුන් ආලේප කළ දවසේ දී ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පුදන පූජාවලින් ඔවුන්ට හිමි කොටස මෙය වේ.


මෝසෙස් ඔවුන් ආලේප කරන දවසේ දී ඉශ්රායෙල් ජනයා ඔවුන්ට දිය යුතු ලෙස සමිඳාණන් වහන්සේ ඔවුන්ට අණ කළ දේ මේ ය. තවද, මෙය ඔවුන්ගේ පෙළපත් තුළ සදහට ම වලංගු නියෝගයකි.


පසුව ඔහු ආලේප තෛලය ආරොන්ගේ හිස මත වත් කොට ඔහු කැප කරමින් ආලේප කෙළේ ය.


පූජක නිලයේ සමිඳාණන් වහන්සේගේ සේවාවට කැප කරන පිණිස ආරොන් ආලේප කළ ඔහුගේ පුත්‍රයෝ මොවුහු වූ හ.


මන්ද, පිරිසිදු කරන්නා ද පිරිසිදු කරනු ලබන්නෝ ද යන සියල්ලෝ ම එක ම පියාණන් වහන්සේගෙන් වෙති. ඒ කාරණය නිසා ජේසුස් වහන්සේ ඔවුන්ට සහෝදරයන් යයි කීමට ලජ්ජා නොවී:


දෙවි පියාණන් වහන්සේගේ පෙර දැනුම අනුව තෝරාගනු ලැබූ, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට කීකරු වීමට හා උන් වහන්සේගේ ලේ ඉසිනු ලැබීමට, ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් පවිත්‍ර කරනු ලැබූ අයට ය. කරුණාවත් ශාන්තියත් ඔබට අධික ලෙස වේ වා!


උන් වහන්සේගෙන් ලැබූ ආලේපය ඔබ තුළ පවතින හෙයින් ඔබට ඉගැන්වීමට අන් කිසිවෙක් වුවමනා නැත. උන් වහන්සේගේ ඒ ආලේපය ඔබට සියල්ල උගන්වනු ඇත. එය සත්‍යම ය; අසත්‍යයක් නොවේ. ඒ ආලේපය ඔබට ඉගැන්වූ පරිදි, උන් වහන්සේ තුළ පැවතී සිටින්න.


“මාගේ ස්වාමීනි, ඔබ එය දන්නෙහි ය”යි මම ඔහුට කීමි. එවිට ඔහු මා අමතා, “මොවුහු මහත් පීඩා මැදින් එන්නාහ. ඔව්හු තම සළු බැටළු පෝතකයාණන්ගේ ලෙයින් සෝදා සුදු කරගත්තෝ ය.