තවද, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නුමුහුන් පූප ඇති පැසෙන් පූපයක් ද තෙලින් බැදි පූපයක් ද තුනී පූප පෙත්තක් ද ගෙන,
ලෙවී කථාව 8:26 - Sinhala New Revised Version 2018 පසුව සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තිබූ නුමුහුන් පූප පැසෙන් එක නුමුහුන් පූපයක් ද තෙල් මිශ්‍ර පූපයක් ද එක තුනී පූප පෙත්තක් ද ගෙන ඔහු ඒවා සතාගේ තෙල හා දකුණු ගාතය මත තබා Sinhala New Revised Version පසුව සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තිබූ නුමුහුන් රොටි පැසෙන් එක නුමුහුන් රොටියක් ද තෙල් මිශ්‍ර රොටියක් ද එක තුනී රොටි පෙත්තක් ද ගෙන ඔහු ඒවා සතාගේ තෙල හා දකුණු ගාතය මත තබා Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වූ මුහුන් නොදැමූ රොටි පැසින් මුහුන් නැති එක රොටියක්ද තෙල් මිශ්‍රවූ එක රොටි කැවුමක්ද එක පූප පෙත්තක්ද ගෙන ඒවා තෙල පිටත් දකුණු කළවය පිටත් තබා, |
තවද, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නුමුහුන් පූප ඇති පැසෙන් පූපයක් ද තෙලින් බැදි පූපයක් ද තුනී පූප පෙත්තක් ද ගෙන,
ඉන්පසු ඔහු සතාගේ තෙල ද එනම්, තර වල්ගය ද අතුණු මත තිබූ තෙල මුළුමනින් ම ද අක්මාව පිට ඇති සිවිය ද වකුගඩු දෙක හා ඒවායේ තෙල ද දකුණු ගාතය ද ගත්තේ ය.
ධර්මයාණෝ මාංසගත ව අප සමඟ වැඩ විසූ සේක. දේව වරප්‍රසාදයෙන් ද සත්‍යයෙන් ද පූර්ණ උන් වහන්සේගේ තේජශ්‍රීය, එනම්, පියාණන් වහන්සේ කෙරෙන් වූ එක ම පුත්‍රයාණන්ගේ තේජශ්‍රීය, අපි දුටිමු.
අපෝස්තුළුවරුන් විසින් ජනයා අතර කරන ලද ලකුණු ද අරුමපුදුම දේ ද බොහෝ විය. ඔව්හු සියලු දෙනා ම එක්සිත් ව සලමොන්ගේ සක්මන් මළුවෙහි රැස් වූ හ.
ඇත්තේ එක ම දෙවියන් වහන්සේ ය. දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයන් අතර වනුයේ එක ම මැදහත්කාරයෙකි. එනම්, මනුෂ්‍යයෙකු වූ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ය.