Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 8:27 - Sinhala New Revised Version 2018

27 මේ සියල්ල ම ආරොන්ගේ හා ඔහුගේ පුතුන්ගේ අත්වලට දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කෙරෙව්වේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 මේ සියල්ල ම ආරොන්ගේ හා ඔහුගේ පුතුන්ගේ අත්වලට දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කෙරෙව්වේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

27 ඒ සියල්ල ආරොන්ගේ අත්වල සහ ඔහුගේ පුත්‍රයන්ගේ අත්වලත් තබා, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තේව පූජාවක් පිණිස ඒවා තේව කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 8:27
6 හුවමාරු යොමු  

එසේ නම්, ජීවමාන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස ඔබගේ හෘදය සාක්ෂිය නිෂ්ඵල ක්‍රියාවලින් පිරිසිදු කරනු ලැබීම, සදාතන ආත්මයාණන් මඟින් තමන් ම කැළලක් නැති ව දෙවියන් වහන්සේට පූජා වූ, ක්‍රිස්තුන් වහන්සේගේ ලේ කරණකොටගෙන, ඊටත් ඉතා වැඩියෙන් පිරිසිදු නොවන්නේ ද?


ඔවුන්ගේ අධිපතියා ඔවුන්ගේ ම කෙනෙක් වන්නේ ය; ඔවුන්ගේ ආණ්ඩුකාරයා ද ඔවුන් අතරෙන් ම නැඟී එන්නේ ය. මා වෙත එන්නට මම ඔහුට අවසර දෙන්නෙමි. එවිට ඔහු මා වෙත ළඟා වන්නේ ය. කැඳවීමක් නැති ව ම මා වෙත පැමිණෙන්නට බිය නොවන්නේ කවරෙක් ද? මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ වන මම ය.


මෙසේ කළ පසු, මෝසෙස් ඒවා ඔවුන්ගේ අත්වලින් ගෙන පූජාසනයේ දවන යාග පූජාව මත දැවී ය. එය වනාහි ගින්නෙන් දවා, සමිඳාණන් වහන්සේට පුදන සුමිහිරි සුවඳැති කැප කිරීමේ පූජාවකි.


එවිට පූජකවරයා බැටළු වස්සෙකු ගෙන ඔහු උදෙසා වන්දි ගෙවීමේ පූජාවක් පිණිස තෙල් ලීටර් එකකින් තුනෙන් පංගුවක් සමඟ ඌ පුද කරමින් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කොට පිළිගැන්විය යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්