එවිට හෙසකියා කතා කොට, “දැන් ඔබ හැම සමිඳාණන් වහන්සේට කැප වී සිටින බැවින් ළං වී යාග ද ස්තුති පූජා ද සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනෙන්නැ”යි කීවේ ය. සභාව යාග ද ස්තුති පූජා ද භාර පඬුරු වශයෙන් දවන යාග පූජා ද සතුටින් ගෙනාහ.
ලෙවී කථාව 7:11 - Sinhala New Revised Version 2018 “සමිඳාණන් වහන්සේට පිදිය යුතු සහභාගිකමේ පූජා පිළිබඳ නීතිය මේ ය: Sinhala New Revised Version “සමිඳාණන් වහන්සේට පිදිය යුතු සහභාගිකමේ පූජා පිළිබඳ නීතිය මේ ය: Sinhala Revised Old Version යම් කෙනෙක් ස්වාමීන්වහන්සේට ඔප්පුකරන ශාන්ති පූජා යාගය පිළිබඳ ව්‍යවස්ථාව මේය. |
එවිට හෙසකියා කතා කොට, “දැන් ඔබ හැම සමිඳාණන් වහන්සේට කැප වී සිටින බැවින් ළං වී යාග ද ස්තුති පූජා ද සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනෙන්නැ”යි කීවේ ය. සභාව යාග ද ස්තුති පූජා ද භාර පඬුරු වශයෙන් දවන යාග පූජා ද සතුටින් ගෙනාහ.
තවද, ඔහු සමිඳාණන් වහන්සේගේ පූජාසනය පිහිටුවා, ඒ පිට සහභාගිකමේ පූජා ද ස්තුති පූජා ද ඔප්පු කොට, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න ජුදාවරුන්ට අණ කෙළේ ය.
“ඉශ්රායෙල්වරුන් උදෙසා සමඟිකමක් කිරීමට ආහාර පූජාවටත්, දවන යාග පූජාවටත්, සහභාගිකමේ පූජාවලටත් ඉශ්රායෙල් පවුල්වලට අයිති එළු බැටළු පට්ටිවලින් දෙසියයකින් එක සතෙකු බැගින් දෙන්නට යෙදේ වා”යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.
සතා මැරූ දවසේ ම නැතහොත් පසු දින උගේ මස් අනුභව කළ යුතු ය. තුන් වන දින දක්වා යමක් ඉතිරි වුවහොත්, එය ගින්නේ දැවිය යුතු ය.
නුඹ සමිඳාණන් වහන්සේට ස්තුති දීමේ පූජාවක් පුද කරන කල එය පිළිගත හැකි වන පරිදි ඉටු කළ යුතු ය.
තෙල් මිශ්‍ර සහ අමිශ්‍ර ධාන්‍ය පූජා සියල්ල ම ආරොන්ගේ පුත්‍රයන් සියලු දෙනා සම සේ බෙදාගත යුතු ය.”
“ඉශ්රායෙල් ජනතාවට කතා කොට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “යමෙක් සහභාගිකමේ පූජාවක් සමිඳාණන් වහන්සේට ඔප්පු කරන්නේ ද, ඔහු ඉන් කොටසක් දීමනාවක් වශයෙන් සමිඳාණන් වහන්සේ වෙත ගෙනා යුතු ය.
නුඹලා දවන යාග පූජා ද ආහාර පූජා ද මට ඔප්පු කරන නමුත්, මම ඒවා නොපිළිගනිමි. සහභාගිකමේ පූජා වශයෙන් මට ඔප්පු කරන පිණිස නුඹලා තර කළ සතුන් මම නොපිළිගනිමි.
සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක්, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. ශූවර්ගේ පුත් නෙතනේල්ගේ පඬුරු මේවා විය.