Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 7:11 - Sinhala Revised Old Version

11 යම් කෙනෙක් ස්වාමීන්වහන්සේට ඔප්පුකරන ශාන්ති පූජා යාගය පිළිබඳ ව්‍යවස්ථාව මේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 “සමිඳාණන් වහන්සේට පිදිය යුතු සහභාගිකමේ පූජා පිළිබඳ නීතිය මේ ය:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 “සමිඳාණන් වහන්සේට පිදිය යුතු සහභාගිකමේ පූජා පිළිබඳ නීතිය මේ ය:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 7:11
12 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල්වරුන් උදෙසා සමඟිකමක් කිරීමට ආහාර පූජාවටත් දවන පූජාවටත් ශාන්ති පූජාවලටත් ඔවුන්ගේ සාරවත් බිම්වල එළු බැටළු රැළවලින් දෙසියයකින් එක සතෙකු බැගින් දෙන්ට යෙදේවයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


තෙලින් මිශ්‍රවූද අමිශ්‍රවූද සියලු ආහාර පූජා ආරොන්ගේ පුත්‍රයන් හැමදෙනාටම එකාකාරයෙන් හිමිවන්නේය.


ශාන්ති පූජා යාගය පිණිස ගවයන් දෙන්නෙක්ද බැටළුවන් පස්දෙනෙක්ද එළුවන් පස්දෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් පස්දෙනෙක්ද යන මේය. ශූවර්ගේ පුත්‍රවූ නෙතනේල්ගේ පඬුර මේය.


තවද ඔහු ස්වාමීන්වහන්සේගේ පූජාසනය පිහිටුවා, ඒ පිට ශාන්ති පූජාද ස්තුති පූජාද ඔප්පුකොට, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට සේවයකරන්ට යූදාවරුන්ට අණකෙළේය.


ශාන්ති පූජා මා ළඟ තිබේ; අද මාගේ භාර ඉෂ්ටකෙළෙමි.


නුඹලා දවන පූජාද නුඹලාගේ ආහාර පූජාද මට ඔප්පුකරන නුමුත් ඒවා පිළිනොගන්නෙමි. නුඹලාගේ තර සතුන්ගෙන් ඔප්පුකරන ශාන්ති පූජාවන්ද නොසලකන්නෙමි.


ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකරමින් මෙසේ කියන්න– ස්වාමීන්වහන්සේට ශාන්ති පූජා යාගය ඔප්පුකරන තැනැත්තේ තමාගේ ශාන්ති පූජාවල යාගයෙන් තමාගේ පූජාව ස්වාමීන්වහන්සේ වෙතට ගෙනේවා.


එය නුඹලා විසින් පූජාකරන දවසේදීද පසු දවසේදීද කෑ යුතුය. තුන්වෙනි දවස දක්වා කිසිවක් ඉතුරුව තිබුණොත් ඒවා ගින්නෙන් දවනු ලැබිය යුතුය.


නුඹලා ස්තුති පූජාවක් ස්වාමීන්වහන්සේට පූජාකරන කල්හි නුඹලා පිළිගනු ලබන ලෙස පූජාකරන්න.


එවිට හෙසකියා කථාකොට: දැන් නුඹලාම ස්වාමීන්වහන්සේට කැපවී සිටින බැවින් ළංවී යාගද ස්තුති පූජාද ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගෙනෙන්නැයි කීවේය; සභාව යාගද ස්තුති පූජාද කැමති සියල්ලෝ දවන පූජාද ගෙනාවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්