පූජකවරුන් අතර සිටින සියලු පිරිමින්ට එයින් වැළඳිය හැකි ය. එය අතිශුද්ධ ය.
පූජකයන් අතරෙහි සියලු පිරිමි එයින් කන්නෝය. එය අති ශුද්ධය.
එවිට ඔහු මට කතා කොට, “වෙන් වූ මළුවට ඉදිරිපිට තිබෙන උතුරු කාමර ද දකුණු කාමර ද ශුද්ධ කාමර වේ. එහි සමිඳාණන් වහන්සේ ළඟට පැමිණෙන පූජකයෝ අතිශුද්ධ දේ අනුභව කරන්නෝ ය. එහි ඔව්හු අතිශුද්ධ දේවල් වූ ආහාර පූජාව ද පාප පූජාව ද අපරාධ පූජාව ද තබන්නෝ ය. මන්ද, ඒ ස්ථානය ශුද්ධ ය.
“ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට කතා කොට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “පාප පූජාව පිළිබඳ නීතිය මේ ය: සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දවන යාග පූජාවේ සතා මරන ස්ථානයේ ම පාප පූජාවේ සතා ද මැරිය යුතු ය. එය අතිශුද්ධ ය.
පාප සඳහා එය පුදන පූජකවරයා එය වැළඳිය යුතු ය. තවද, ඔහු එය වැළඳිය යුත්තේ, සම්මුඛ මණ්ඩප මළුවේ ශුද්ධස්ථානයක ය.
පූජකවරුන් අතර සිටින සෑම පිරිමියෙකුට ම ඉන් වැළඳිය හැකි ය. එය වැළඳිය යුත්තේ ද ශුද්ධස්ථානයක ය. එය අතිශුද්ධ දෙයකි.
යමෙකු තමාගේ වස්ත්‍ර කෙළවරේ කැප කරන ලද මාංසය ගෙන යන විට ඒ වස්ත්‍ර කෙළවර පූපවල හෝ පිදූ හොදිවල හෝ මිදියුසවල හෝ තෙල්වල හෝ වෙනයම් කෑමක හෝ ගෑවුණොත් ඒවා ඒ හේතුවෙන් කැප කළ ආහාර වන්නේ ද?” ඒ ප්‍රශ්නය ඇසූ විට පූජකයෝ, “නැතැ”යි පිළිතුරු දුන්හ.
අතිශුද්ධස්ථානයක එය වැළඳිය යුතු ය. සෑම පිරිමියෙකුට ද ඉන් වැළඳීමට අවසර ඇත. එය ශුද්ධ දෙයක් සේ සැලකිය යුතු ය.