Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 18:10 - Sinhala New Revised Version 2018

10 අතිශුද්ධස්ථානයක එය වැළඳිය යුතු ය. සෑම පිරිමියෙකුට ද ඉන් වැළඳීමට අවසර ඇත. එය ශුද්ධ දෙයක් සේ සැලකිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 අතිශුද්ධස්ථානයක එය වැළඳිය යුතු ය. සෑම පිරිමියෙකුට ද ඉන් වැළඳීමට අවසර ඇත. එය ශුද්ධ දෙයක් සේ සැලකිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 අතිශුද්ධ දේවල් ලෙස එයින් කන්න. සියලු පිරිමින්ට එයින් කන්ට පුළුවන; ඒක නුඹට ශුද්ධ වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 18:10
13 හුවමාරු යොමු  

පූජකවරුන් අතර සිටින සෑම පිරිමියෙකුට ම ඉන් වැළඳිය හැකි ය. එය වැළඳිය යුත්තේ ද ශුද්ධස්ථානයක ය. එය අතිශුද්ධ දෙයකි.


පූජකවරුන් අතර සිටින සියලු පිරිමින්ට එයින් වැළඳිය හැකි ය. එය අතිශුද්ධ ය.


ඉන්පසු එහි ඉතිරි කොටස ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් සම්මුඛ මණ්ඩප මළුවේ ශුද්ධ තැනක නුමුහුන් පූප මෙන් සාදා වැළඳිය යුතු ය.


එහෙත්, එවැන්නෙකුට අතිශුද්ධ ද ශුද්ධ ද වන දේවලින් තම දෙවියන් වහන්සේට පුදන පූප වැළඳිය හැක.


පසුව ඔහු පාප පූජාවට සහ දවන යාග පූජාවට ගන්න සතුන් මරන ශුද්ධස්ථානයේ දී බැටළු වස්සා මැරිය යුතු ය. පාප පූජාවේ සතා පූජකවරයාට හිමි සේ ම වන්දි ගෙවීමේ පූජාවේ සතා ද ඔහුට හිමි වේ. එය අතිශුද්ධ ය.


“ඔබ පාප පූජාවට ගත් සතා ශුද්ධස්ථානයේ දී නොවැළඳුවේ මන් ද? සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පව් කමාවේ පිළිවෙත ඉටු කරමින්, ජනතාවගේ පාපවලට කමාව දෙන පිණිස උන් වහන්සේ එය ඔබට දුන් සේක, එය අතිශුද්ධ ය.


එය ශුද්ධස්ථානයක වැළඳිය යුතු ය. සමිඳාණන් වහන්සේට ගින්නේ දවා පිදූ පූජාවලින් ඔබට හා ඔබේ පුත්‍රයන්ට හිමි කොටස එය වේ. මට අණ කරන ලද්දේ එලෙස ය.


පාප සඳහා එය පුදන පූජකවරයා එය වැළඳිය යුතු ය. තවද, ඔහු එය වැළඳිය යුත්තේ, සම්මුඛ මණ්ඩප මළුවේ ශුද්ධස්ථානයක ය.


තවද, ආරොන්ගේ පෙළපතින් පැවතෙන සියලු පිරිමින්ට මෙය වැළඳිය හැකි ය. මෙය වනාහි ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පිදූ පූජා පිළිබඳ ඔබේ පෙළපත් තුළ සදහට ම වලංගු නියෝගයකි. එය ස්පර්ශ කරන සෑම කෙනෙකු ම ශුද්ධ වනු ඇත.”


ගින්නෙන් නොදවා පුදන අතිශුද්ධ පූජාවලින් නුඹලාට හිමි කොටස මෙය වනු ඇත. ඔවුන් මට පූජා කරන සෑම ධාන්‍ය පූජාවක් ම, පාප පූජාවක් ම, වන්දි ගෙවීමේ පූජාවක් ම නුඹටත්, නුඹේ දරුවන්ටත් අතිශුද්ධ වනු ඇත.


“ඉශ්රායෙල් ජනයා පුදන පඬුරුවලින් පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කළ පසු ඒවායින් විශේෂ කොටසක් ද නුඹට හිමි වනු ඇත. මම ඒවා නුඹටත්, නුඹේ දරුදැරියන්ටත් සදහට ම වලංගු නියෝගයකින් දානය කොට ඇත්තෙමි. නුඹේ ගෙදර පවිත්‍ර ව සිටින සැම කෙනෙකුට ම ඉන් වැළඳිය හැකි ය.


එවිට ඔහු මට කතා කොට, “වෙන් වූ මළුවට ඉදිරිපිට තිබෙන උතුරු කාමර ද දකුණු කාමර ද ශුද්ධ කාමර වේ. එහි සමිඳාණන් වහන්සේ ළඟට පැමිණෙන පූජකයෝ අතිශුද්ධ දේ අනුභව කරන්නෝ ය. එහි ඔව්හු අතිශුද්ධ දේවල් වූ ආහාර පූජාව ද පාප පූජාව ද අපරාධ පූජාව ද තබන්නෝ ය. මන්ද, ඒ ස්ථානය ශුද්ධ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්