“පුතෙකු හෝ දුවක හෝ සඳහා ඇගේ පවිත්‍ර වීමේ කාලය සම්පූර්ණ වූ පසු ඈ සම්මුඛ මණ්ඩපයේ දොරකඩ පූජකවරයා වෙත දවන යාග පූජාවක් සඳහා අවුරුද්දක් වයසැති බැටළුවෙකු ද පාප පූජාවක් සඳහා පරෙවි පැටියෙකු හෝ කොබෙයියෙකු ද ගෙනා යුතු ය.
ලෙවී කථාව 5:7 - Sinhala New Revised Version 2018 “එළු පැටවියක හෝ බැටළු පැටවියක හෝ ගෙනෙන්නට ඔහුට වත්කම නැත්නම්, ඔහු තමා කළ පාපයට වන්දි ගෙවීමේ පූජාවක් වශයෙන් සමිඳාණන් වහන්සේ වෙත කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ ගෙනා යුතු ය. එකෙක් පාප පූජාවක් වශයෙනි, අනිකා දවන යාග පූජාවක් වශයෙනි. Sinhala New Revised Version “එළු පැටවියක හෝ බැටළු පැටවියක හෝ ගෙනෙන්නට ඔහුට වත්කම නැත්නම්, ඔහු තමා කළ පාපයට වන්දි ගෙවීමේ පූජාවක් වශයෙන් සමිඳාණන් වහන්සේ වෙත කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ ගෙනා යුතු ය. එකෙක් පාප පූජාවක් වශයෙනි, අනිකා දවන යාග පූජාවක් වශයෙනි. Sinhala Revised Old Version එළු පැටවෙකු හෝ බැටළු පැටවෙකු හෝ ගෙනෙන්ට ඔහුට වත්කම නැත්නම් ඔහු තමා කළ පාපය ගැන කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ ස්වාමීන්වහන්සේ වෙතට ගෙනෙන්ට ඕනෑය; එකෙක් පාප පූජාවක් පිණිසය, අනිකා දවන පූජාවක් පිණිසය. |
“පුතෙකු හෝ දුවක හෝ සඳහා ඇගේ පවිත්‍ර වීමේ කාලය සම්පූර්ණ වූ පසු ඈ සම්මුඛ මණ්ඩපයේ දොරකඩ පූජකවරයා වෙත දවන යාග පූජාවක් සඳහා අවුරුද්දක් වයසැති බැටළුවෙකු ද පාප පූජාවක් සඳහා පරෙවි පැටියෙකු හෝ කොබෙයියෙකු ද ගෙනා යුතු ය.
තවද, ඈට බැටළුවෙකු ගෙනෙන්නට වත්කමක් නැති නම්, කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ ගෙනා යුතු ය. එකෙක් දවන යාග පූජාව සඳහා ය, අනෙකා පාප පූජාව සඳහා ය. පූජකවරයා ඈ උදෙසා මෙලෙස පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කළ විට ඈ පවිත්‍ර වනු ඇත.”
එකෙකු ඔප්පු කළ යුත්තේ පාප පූජාවක් සඳහා ය; අනිකා ධාන්‍ය පූජාවක් සමඟ ඔප්පු කළ යුත්තේ දවන යාග පූජාවක් සඳහා ය; මෙලෙස පූජකවරයා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පවිත්‍ර වීම ලබන්නා වෙනුවට පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කළ යුතු ය.
පූජකවරයා එක පූජාවක් පාප පූජාව පිණිස ද අනික් පූජාව දවන යාග පූජාවක් පිණිස ද ඔප්පු කළ යුතු ය. මෙසේ ඔහු ඇගේ ලේ ගලා යෑමෙන් පවිත්‍ර කිරීමේ පිළිවෙත සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඉටු කරන්නේ ය.
මුළු ඉශ්රායෙල් ජනයා ඔහුට පාප පූජාවක් සඳහා එළුවන් දෙදෙනෙකු ද දවන යාග පූජාවක් සඳහා එක බැටළුවෙකු ද දිය යුතු ය.
“බාරය වූ තැනැත්තා, නියම කළ මුදල ගෙවීමට නොහැකි දුප්පතෙක් නම්, ඔහු පූජකවරයා ඉදිරියෙහි පෙනී සිටිය යුතු ය. පූජකවරයා ද ඔහුගේ වත්කම අනුව මුදලක් නියම කරනු ඇත.
“තවද, ඔහුට කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ ගෙනෙන්නට වත්කම නැති නම්, ඔහු තමා කළ පාපය වෙනුවට පාප පූජාවක් වශයෙන් සිහින් පිටි කිලෝග්‍රෑම් එකක් ගෙනා යුතු ය. ඔහු එය මත තෙල් හෝ තුවරලා හෝ නොදැමිය යුතු ය. මන්ද, එය පාප පූජාවකි.
තවද, ඔබ ඉශ්රායෙල් ජනයාට කතා කොට, ‘පාප පූජාවක් සඳහා නොකැළැල් එළුවෙකු ද දවන යාග පූජාවක් සඳහා අවුරුද්දක් වයසැති නොකැළැල් වස්සෙකු හා බැටළුවෙකු ද
“ඉශ්රායෙල් ජනයාට මෙසේ කියන්න: ‘සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය කඩ කරන යම් පාපයක්, යම් කිසි ස්ත්‍රියක හෝ පුරුෂයෙකු හෝ කළොත් ඒ තැනැත්තා වරදකරුවෙකු වනු ඇත.
අට වන දින ඔහු කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවියන් දෙදෙනෙකු හෝ සම්මුඛ මණ්ඩපයේ දොරකඩට පූජකවරයා වෙත ගෙනා යුතු ය.
පූජකවරයා ඉන් එකෙකු පාප පූජාවක් සඳහා ද, අනිකා දවන යාග පූජාවක් සඳහා ද ඔප්පු කොට, මළකඳ නිසා වූ පාපයට, ඔහු උදෙසා පව් කමාවේ පිළිවෙත ඉටු කර, එදින ම ඔහුගේ කේශ කලාපය ඔහු යළි කැප කළ යුතු ය.
“සවන් දෙන්න: මම වෘකයන් මැදට බැටළුවන් යවන්නාක් මෙන් ඔබ යවමි. එහෙයින් සර්පයන් මෙන් නැණවත් ව පරෙවියන් මෙන් අහිංසක ව සිටින්න.
ජේසුස් වහන්සේ දේව මාලිගාවට ඇතුළු ව, එහි වෙළහෙළඳාම් කරමින් සිටි සියල්ලන් පිටතට පලවා හැර, මුදල් මාරු කරන්නන්ගේ මේස ද පරෙවි වෙළෙඳුන්ගේ ආසන ද පෙරළා දමා,
ජේසුස් වහන්සේ බව්තීස්ම-ස්නාපනය ලැබ, එකෙණෙහි ම දියෙන් ගොඩ ආ සේක. එවිට ස්වර්ගය විවර විය. දෙවියන් වහන්සේගේ ආත්මයාණන් පරෙවියෙකු මෙන් බසිමින් තමන් පිට පැමිණෙනු උන් වහන්සේ දුටු සේක.
එහි ම කියා ඇති පරිදි කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ පූජා කරන පිණිසත් ය.
දීමට උද්‍යෝගිමත් බවක් ඇති නම් දෙවියන් වහන්සේ, යමෙකුගෙන් නැති දේ නොඉල්ලා, යමෙකුට ඇති පමණින් දෙන දීමනාව පිළිගන්නා සේක.