Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 5:7 - Sinhala Revised Old Version

7 එළු පැටවෙකු හෝ බැටළු පැටවෙකු හෝ ගෙනෙන්ට ඔහුට වත්කම නැත්නම් ඔහු තමා කළ පාපය ගැන කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ ස්වාමීන්වහන්සේ වෙතට ගෙනෙන්ට ඕනෑය; එකෙක් පාප පූජාවක් පිණිසය, අනිකා දවන පූජාවක් පිණිසය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 “එළු පැටවියක හෝ බැටළු පැටවියක හෝ ගෙනෙන්නට ඔහුට වත්කම නැත්නම්, ඔහු තමා කළ පාපයට වන්දි ගෙවීමේ පූජාවක් වශයෙන් සමිඳාණන් වහන්සේ වෙත කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ ගෙනා යුතු ය. එකෙක් පාප පූජාවක් වශයෙනි, අනිකා දවන යාග පූජාවක් වශයෙනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 “එළු පැටවියක හෝ බැටළු පැටවියක හෝ ගෙනෙන්නට ඔහුට වත්කම නැත්නම්, ඔහු තමා කළ පාපයට වන්දි ගෙවීමේ පූජාවක් වශයෙන් සමිඳාණන් වහන්සේ වෙත කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ ගෙනා යුතු ය. එකෙක් පාප පූජාවක් වශයෙනි, අනිකා දවන යාග පූජාවක් වශයෙනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 5:7
24 හුවමාරු යොමු  

බැටළුපැටවෙකු ගෙනෙන්ට ඈට වත්කම නැත්නම් ඈ කොබෙයියන් දෙදෙනෙක් හෝ පරෙවිපැටවුන් දෙදෙනෙක් හෝ ගෙනේවා; එයින් එකෙක් දවන පූජාවටය, අනිකා පාප පූජාවටය. පූජකයාද ඈ උදෙසා සමගිකමක් කරන්නේය, ඈ පවිත්‍රවන්නීයයි කීසේක.


වෘකයන් මැදට බැටළුවන් මෙන් මම නුඹලා යවමි. එහෙයින් සර්පයන් මෙන් නුවණ ඇතිව, පරෙවියන් මෙන් අහිංසකව සිටින්න.


මක්නිසාද මනාපය තිබේ නම්, යමෙකුට නැති දේ ප්‍රකාරයට නොව ඇති දේ ප්‍රකාරයට පිළිගනු ලැබේ.


යේසුස්වහන්සේ බව්තීස්ම ලැබ එකෙණෙහිම දියෙන් ගොඩනැගුණුසේක. බලව, අහස උන්වහන්සේට විවරවිය, දෙවියන්වහන්සේගේ ආත්මයාණන් පරෙවියෙකු මෙන් බසිනවාද තමන් පිටට පැමිණෙනවාද උන්වහන්සේ දුටුසේක;


තමාගේ වත්කමේ හැටියට එකෙක් පාප පූජාවක් කොටද අනිකා දවන පූජාවක් කොටද ආහාර පූජාව ඇතුළුව ඔප්පුකෙරේවා. එසේ පූජකයා පවිත්‍රවෙන්ට සිටින්නා උදෙසා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සමගිකමක් කරන්නේය.


ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි කියා තිබෙන හැටියට කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ පූජාකරන පිණිසද, ඔව්හු උන්වහන්සේ යෙරුසලමට ගෙනාවෝය.


ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සභාවෙන් පාප පූජාවකට එළුවන් දෙන්නෙක්ද දවන පූජාවකට එක බැටළුවෙක්ද ගන්නේය.


පූජකයාද එකෙක් පාප පූජාවක් පිණිසද අනිකා දවන පූජාවක් පිණිසද ඔප්පුකොට ඇගේ අපවිත්‍රකමේ වැගිරීම සඳහා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඈ උදෙසා සමගිකමක් කරන්නේය.


නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකරමින්: ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පූජාකරන්ට පාප පූජාවක් පිණිස එළුවෙක්ද දවන පූජාවක් පිණිස අවුරුද්දක් පිරුණු කැලලක් නැති එළවස්සෙක් හා බැටළු පැටවෙක්ද,


කොබෙයියන් දෙදෙනෙක්වත් පරෙවි පැටවුන් දෙදෙනෙක්වත් ගෙනෙන්ට ඔහුට වත්කම නැත්නම්, ඔහු කළ පාපය ගැන පාප පූජාවක් පිණිස සිහින් පිටි ඒඵාවකින් දසයෙන් කොටසක් ගෙනෙන්ට ඕනෑය; ඒවා පාප පූජාවක් බැවින් ඒ පිට තෙල්වත් තුවරලාවත් නොදැමිය යුතුය.


යේසුස්වහන්සේ දේව මාළිගාවට ඇතුල්ව, මාළිගාවෙහි විකුණමින්ද මිලේට ගනිමින්ද සිටි සියලු දෙන පිටතට එළවා, මිල මාරුකරන්නන්ගේ මේසද පරෙවියන් විකුණන්නන්ගේ ආසනද පෙරළාදමා:


අපරාධ පූජාව පිළිබඳ ව්‍යවස්ථාව මේය: එය අති ශුද්ධය.


පුත්‍රයෙකු සඳහා හෝ දුවෙකු සඳහා හෝ ඇගේ පවිත්‍රවීමේ දවස් සම්පූර්ණවූ කල්හි දවන පූජාවකට අවුරුද්දක්වූ බැටළුවස්සෙක්ද පාප පූජාවකට පරෙවි පැටියෙක් හෝ කොබෙයියෙක්ද සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට පූජකයා වෙතට ගෙනා යුතුය.


එවිට ඔහු තමාගේ වත්කමේ හැටියට කොබෙයියන්ගෙන්වත් පරෙවි පැටවුන්ගෙන්වත්,


ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න–පුරුෂයෙක් හෝ ස්ත්‍රියෙක් හෝ මනුෂ්‍යයන් විසින් කරන කොයියම් පාපයක් නුමුත් කර ස්වාමීන්වහන්සේට විරුද්ධව අපරාධයක් කළොත් එසේ ඒ අය වරදකාරයන් වුණාම,


අටවෙනි දවසෙහි ඔහු කොබෙයියන් දෙන්නෙක් හෝ පරෙවි පැටවුන් දෙන්නෙක් හෝ සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩට පූජකයා වෙතට ගෙනේවා.


පූජකයාද එකෙකු පාප පූජාවක් පිණිසද අනිකා දවන පූජාවක් පිණිසද ඔප්පුකර, මෘත ශරීරය නිසා ඔහු වරදකළ බැවින්, ඔහු උදෙසා සමඟිකම් කරාවා, ඔහු එමදාම කැපව හිස පිරිසිදුකරගනීවා.


නුමුත් ඔහු නුඹ නියමකරන ගණනේ තරම ගෙවන්ට බැරි දිළින්දෙක් නම් පූජකයා ඉදිරිපිට සිටවනු ලැබිය යුතුය, පූජකයා ඔහුට ගණනක් නියම කෙරේවා; භාරයක්වූ තැනැත්තාගේ වත්කමේ ප්‍රකාරයට පූජකයා ඔහුට නියමකෙරේවා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්