නිකරුණේ මට වෛර කරන්නන්ගේ ගණන මාගේ ඉසකෙස්වලටත් වඩා වැඩි ය. මුසා දොඩමින් මා වනසන්නට බලන අය බලවත් ය. එබැවින් මා සොරා නොගත් දේ ආපසු දෙන්න ඔව්හු මට බල කරන්නෝ ය.
ලෙවී කථාව 5:16 - Sinhala New Revised Version 2018 ඔහු ශුද්ධ දේ නොදීමෙන් කළ වංචාවට ගෙවිය යුතු වන්දි ගෙවා, තව පහෙන් පංගුවක් ද ඊට එකතු කොට පූජකවරයාට දිය යුතු ය. පූජකවරයා ද වන්දි ගෙවීමේ බැටළුවා පුදමින්, ඒ තැනැත්තාගේ පාපයට කමාව අයැදින කල ඔහුට කමා කරනු ලැබේ. Sinhala New Revised Version ඔහු ශුද්ධ දේ නොදීමෙන් කළ වංචාවට ගෙවිය යුතු වන්දි ගෙවා, තව පහෙන් පංගුවක් ද ඊට එකතු කොට පූජකවරයාට දිය යුතු ය. පූජකවරයා ද වන්දි ගෙවීමේ බැටළුවා පුදමින්, ඒ තැනැත්තාගේ පාපයට කමාව අයැදින කල ඔහුට කමා කරනු ලැබේ. Sinhala Revised Old Version ශුද්ධවූ දේ ගැන කළාවූ දෝෂයට වන්දි ගෙවීමක් කොට ඊට පහෙන් කොටසක් එකතුකර ඒක පූජකයාට දිය යුතුය. පූජකයාද අපරාධ පූජාවේ බැටළුවාගෙන් ඔහු උදෙසා සමගිකමක් කරන්නේය, ඔහුද ක්ෂමාකරනු ලබන්නේය. |
නිකරුණේ මට වෛර කරන්නන්ගේ ගණන මාගේ ඉසකෙස්වලටත් වඩා වැඩි ය. මුසා දොඩමින් මා වනසන්නට බලන අය බලවත් ය. එබැවින් මා සොරා නොගත් දේ ආපසු දෙන්න ඔව්හු මට බල කරන්නෝ ය.
“යමෙක් ගොනෙකු හෝ බැටළුවෙකු හෝ සොරකම් කොට ඌ මරන්නේ ද නැත්නම් ඌ විකුණන්නේ ද එවිට ඔහු ගොනෙකු වෙනුවට ගොනුන් පස්දෙනෙකු බැගින් ද, බැටළුවෙකු වෙනුවට බැටළුවන් හතරදෙනෙකු බැගින් ද වන්දි ගෙවිය යුතු ය.
“පූජක පවුලට අයිති නොවන යමෙකු නොදැනුවත් ව ශුද්ධ දෙයින් අනුභව කළහොත්, ඊට අමතර ව තව පහෙන් කොටසක් එකතු කොට එය පූජකවරයාට දිය යුතු ය.
ඒ තැනැත්තා ඌ නිදහස් කරගැනීමට කැමැති නම්, නියම කළ මිලට අමතර ව තව එයින් පහෙන් පංගුවක් ඊට එකතු කළ යුතු ය.
එය කැප කළ තැනැත්තා, ඒ නිවාසය නිදහස් කරගැනීමට කැමැති නම්, එහි මිලට අමතර ව එයින් පහෙන් පංගුවක් එකතු කළ යුතු ය. එවිට නිවාසය ඔහුගේ වනු ඇත.
එහෙත්, කුලුඳුල් සතා අපවිත්‍ර සතෙක් නම්, තක්සේරු මුදල අනුව ඊට පහෙන් පංගුවක් එකතු කොට ඌ මුදාගත යුතු ය. ඌ මුදා නොගන්නේ නම්, යමෙකුට නියම මුදලට ඌ විකිණිය හැක.
යමෙක් ඒ දහයෙන් පංගුව නිදහස් කරගනු කැමැති නම්, එයින් පහෙන් පංගුවක් ඊට අමතර ව එකතු කළ යුතු ය.
පාප පූජාව සඳහා පිදූ වස්සාට කළ ලෙස ඔහු මේ වස්සාට ද කළ යුතු ය. මෙසේ පූජකවරයා සෙනඟ උදෙසා පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ විට, ඔවුන්ගේ පව් කමා කරනු ලැබේ.
ඉන්පසු ඔහු සහභාගිකමේ පූජාවලට පිදූ සතුන්ගේ තෙලට කළ ලෙස, උගේ තෙල සම්පූර්ණයෙන් ම පූජාසනය මත දැවිය යුතු ය. මෙසේ පූජකවරයා ඔහුගේ පාපයට කමා කිරීමේ පිළිවෙත ඉටු කළ පසු එය ඔහුට කමා කරනු ලැබේ.”
දෙ වන සතා ද සිරිත් ප්‍රකාර දවන යාග පූජාවක් මෙන් ඔප්පු කළ යුතු ය. මෙලෙස ඒ තැනැත්තා කළ පාපයට පූජකවරයා කමාව අයැදින කල, එය ඔහුට කමා කරනු ලැබේ.
මෙලෙස ඉහත දැක්වූ කරුණුවලින් යමකට විරුද්ධ ව යමෙකු කළ පාපයට පූජකවරයා පව් කමාව අයැදින කල එය ඔහුට කමා කරනු ලැබේ. ධාන්‍ය පූජාවෙන් ඉතිරි වූ කොටස මෙන්, මෙයින් ඉතිරි කොටස ද පූජකවරයාට අයිති ය.”
තවද, ඔහු තමා වරදකරුවෙකු කළ පාපය වෙනුවට සමිඳාණන් වහන්සේ වෙත වන්දි ගෙවීමේ පූජාවක් පිණිස රැළෙන් ගැහැණු සතෙකු වන එළු පැටියෙකු හෝ බැටළු පැටියෙකු හෝ ගෙනා යුතු ය. පූජකවරයා ද ඔහු කළ පාපයට සමාව අයැදිනු ඇත.
දවන යාග පූජාව පිණිස සතා මරන ස්ථානයේ දී වන්දි ගෙවීමේ පූජාව පිණිස ගත් සතා ද මැරිය යුතු ය. පසුව උගේ ලේ පූජාසනය පිට හාත්පසින් ඉසිය යුතු ය.
එවිට ඔවුන් කළ පාපය උච්චාරණය කළ යුතු ය. ඉන්පසු මුළු වන්දිය වශයෙන්, කළ අලාභයට තව පහෙන් පංගුවක් එකතු කර යම් කෙනෙකුට විරුද්ධ ව වැරැද්දක් කෙළේ ද එය ඔහුට ගෙවිය යුතු ය.
එහෙත්, වන්දිය ගෙවීම සඳහා ඔහුට නෑයෙක් නැත්නම්, එම වන්දිය පූජකවරයා විසින් ගනු පිණිස සමිඳාණන් වහන්සේට ගෙවිය යුතු වේ. මේ වන්දිය ඔහු උදෙසා පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කිරීමට පුදන බැටළු වස්සාට අමතර ව ය.
සාකෙවුස් නැඟිට, “ස්වාමීනි, මා සන්තක දෙයින් දෙකෙන් කොටසක් දිළිඳුන්ට දෙමි, යමෙකුගෙන් අයුතු ලෙස යමක් ගෙන තිබේ නම්, ඔහුට සතර ගුණයක් ආපසු දෙමි”යි සමිඳාණන් වහන්සේට කී ය.
පළමුකොට දමස්කයේ හා ජෙරුසලමේ ද පසුව ජුදා රට මුළුල්ලෙහි ද වැසියන්ටත්, විජාතීන්ටත්, පසුතැවී සිත් හරවා ගෙන දෙවියන් වහන්සේ වෙත හැරී, පසුතැවී සිත් හරවා ගත් බව දක්වන ක්‍රියා කරන්නැ යි ප්‍රකාශ කෙළෙමි.
ඔව්හු පිළිතුරු දෙමින්, “ඔබ, ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ආපසු යවන්නහු නම්, එය හිස් අතින් නෑර, ඔබේ පව් වෙනුවෙන් වන්දි පූජාවක් උන් වහන්සේට යවන්න. එවිට ඔබ සුව වන්නහු ය. උන් වහන්සේගේ බාහු බලයෙන් කෙරෙන පීඩා ඔබ කෙරෙන් පහ ව නොයන්නේ කුමක් නිසා ද කියා ඔබට දැනගන්නට ලැබෙනු ඇතැ”යි කීවෝ ය.