Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 27:13 - Sinhala New Revised Version 2018

13 ඒ තැනැත්තා ඌ නිදහස් කරගැනීමට කැමැති නම්, නියම කළ මිලට අමතර ව තව එයින් පහෙන් පංගුවක් ඊට එකතු කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 ඒ තැනැත්තා ඌ නිදහස් කරගැනීමට කැමැති නම්, නියම කළ මිලට අමතර ව තව එයින් පහෙන් පංගුවක් ඊට එකතු කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 නුමුත් ඌ මුදාගන්ට ඔහු කැමතිනම් නුඹ නියමකරන ගණනට ඔහු පහෙන් පංගුවක් එකතුකර දිය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 27:13
9 හුවමාරු යොමු  

ඉඩම කැප කළ තැනැත්තා එය නිදහස් කරගැනීමට කැමැති නම්, නියම කළ මුදලට අමතර ව තව පහෙන් පංගුවක් ඊට එකතු කළ යුතු ය. එවිට එය ඔහුගේ වනු ඇත.


එය කැප කළ තැනැත්තා, ඒ නිවාසය නිදහස් කරගැනීමට කැමැති නම්, එහි මිලට අමතර ව එයින් පහෙන් පංගුවක් එකතු කළ යුතු ය. එවිට නිවාසය ඔහුගේ වනු ඇත.


“පූජක පවුලට අයිති නොවන යමෙකු නොදැනුවත් ව ශුද්ධ දෙයින් අනුභව කළහොත්, ඊට අමතර ව තව පහෙන් කොටසක් එකතු කොට එය පූජකවරයාට දිය යුතු ය.


ඔහු බාර වූ පසු හොඳ සතෙකුට නරක සතෙකු හෝ නරක සතෙකුට හොඳ සතෙකු හෝ වශයෙන් මාරු නොකළ යුතු ය. එසේ මාරු කළොත්, සතුන් දෙදෙනා ම සමිඳාණන් වහන්සේට කැප කළ වස්තු වෙත්.


ඔහු ශුද්ධ දේ නොදීමෙන් කළ වංචාවට ගෙවිය යුතු වන්දි ගෙවා, තව පහෙන් පංගුවක් ද ඊට එකතු කොට පූජකවරයාට දිය යුතු ය. පූජකවරයා ද වන්දි ගෙවීමේ බැටළුවා පුදමින්, ඒ තැනැත්තාගේ පාපයට කමාව අයැදින කල ඔහුට කමා කරනු ලැබේ.‍


පූජකවරයා ද උගේ හොඳ නරක හැටියට මිල නියම කළ පසු, ඒ මිල අවසාන තීරණය වනු ඇත.


“යම් මිනිසෙකු සමිඳාණන් වහන්සේට තම නිවාසය කැප කළ විට, පූජකවරයා ද එහි හොඳ නරක තත්ත්වයේ හැටියට එහි මිල තක්සේරු කළ යුතු ය. පූජකවරයාගේ තක්සේරුව අවසාන තීරණය වනු ඇත.


එහෙත්, කුලුඳුල් සතා අපවිත්‍ර සතෙක් නම්, තක්සේරු මුදල අනුව ඊට පහෙන් පංගුවක් එකතු කොට ඌ මුදාගත යුතු ය. ඌ මුදා නොගන්නේ නම්, යමෙකුට නියම මුදලට ඌ විකිණිය හැක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්