උගේ අතුණු ද කකුල් ද වතුරෙන් සෝදා, පූජකවරයා ඒ සියල්ල ගෙන පූජාසනය මත දැවිය යුතු ය. ගින්නේ දවා පුදන ලද මේ දවන යාග පූජාව සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් වනු ඇත.
ලෙවී කථාව 5:12 - Sinhala New Revised Version 2018 ඔහු පූජකවරයා වෙත එය ගෙනා විට පූජකවරයා එයින් අහුරක් ගෙන, සිහිවීමේ කොටස වශයෙන් ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පුදන පූජාවක් මෙන් එය පූජාසනයේ දැවිය යුතු ය. මෙය පාප පූජාවකි. Sinhala New Revised Version ඔහු පූජකවරයා වෙත එය ගෙනා විට පූජකවරයා එයින් අහුරක් ගෙන, සිහිවීමේ කොටස වශයෙන් ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පුදන පූජාවක් මෙන් එය පූජාසනයේ දැවිය යුතු ය. මෙය පාප පූජාවකි. Sinhala Revised Old Version ඔහු ඒවා පූජකයා වෙතට ගෙනා යුතුය, පූජකයාද එයින් අහුරක් වන එහි සිහිවීමේ කොටස ගෙන පූජාසනය පිට ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජා මතුයෙහි දැවිය යුතුය. එය පාප පූජාවක්ය. |
උගේ අතුණු ද කකුල් ද වතුරෙන් සෝදා, පූජකවරයා ඒ සියල්ල ගෙන පූජාසනය මත දැවිය යුතු ය. ගින්නේ දවා පුදන ලද මේ දවන යාග පූජාව සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් වනු ඇත.
පසුව උගේ අත්තටු සමඟ කෑලි දෙකකට වෙන් නොවන සේ ඌ පළා, පූජාසනයේ ගිනි පිට ඇති දර උඩ තබා දැවිය යුතු ය. ගින්නේ දවා පුදන ලද මේ දවන යාගය සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳකි.”
එහෙත්, උගේ අතුණු ද කකුල් ද වතුරෙන් සෝදා, පූජකවරයා ඒ සියල්ල පූජාසනය මත දැවිය යුතු ය. එවිට ගින්නෙන් දවා පුදන ලද, මේ දවන යාග පූජාව සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් වනු ඇත.
පොඩි කළ ධාන්‍යවලින් කොටසක් ද තෙලින් කොටසක් ද එහි තුවරලා සියල්ල සමඟ සිහිවීමේ කොටස වශයෙන් පූජකවරයා විසින් දවනු ලැබිය යුතු ය. එය ද ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පිදූ පූජාවකි.”
පසුව පූජකයන් වන ආරොන්ගේ පුතුන් වෙත ඔහු එය ගෙනා යුතු ය. පූජකවරයා පිටිවලින් හා තෙලින් අතලොස්සක් ද එහි ඇති තුවරලා සියල්ල ද ගෙන පූජාසනය මත එය සිහිවීමේ කොටස වශයෙන් දැවිය යුතු ය. ගින්නෙන් දවා පුදන ලද මේ පූජාව සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳකි.
පූජකවරයා ද එම ධාන්‍ය පූජාවෙන් සිහිවීමේ කොටස ගෙන එය පූජාසනය මත දැවිය යුතු ය. ගින්නෙන් දවා පිදූ එම පූජාව සමිඳාණන් වහන්සේ වෙත නඟින ඉමිහිරි සුවඳකි.
පූජකවරයා ඒවා පූජාසනය මත දැවිය යුතු ය. මෙය ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පුදන ආහාර පූජාවකි.
වකුගඩු දෙක හා ඒවා මත තුනටිය පෙදෙසෙහි තිබෙන තෙල සහ වකුගඩු සමඟ අක්මාව පිට ඇති සිවිය ද වේ.
පසුව ඔහු සහභාගිකමේ පූජාවට ගත් බැටළුවාගෙන් තෙල අහකට ගත් ලෙස උගේ තෙල් ද අහකට ගත යුතු ය. ඉන්පසු සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන පූජාවක් මෙන් එය පූජාසනය මත දැවිය යුතු ය. මෙලෙස පූජකවරයා ඔහු කළ පාපයන්ට කමා කිරීමේ පිළිවෙත ඉටු කළ විට ඒවා ඔහුට කමා කරනු ලැබේ.”
“තවද, ඔහුට කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ ගෙනෙන්නට වත්කම නැති නම්, ඔහු තමා කළ පාපය වෙනුවට පාප පූජාවක් වශයෙන් සිහින් පිටි කිලෝග්‍රෑම් එකක් ගෙනා යුතු ය. ඔහු එය මත තෙල් හෝ තුවරලා හෝ නොදැමිය යුතු ය. මන්ද, එය පාප පූජාවකි.
මෙලෙස ඉහත දැක්වූ කරුණුවලින් යමකට විරුද්ධ ව යමෙකු කළ පාපයට පූජකවරයා පව් කමාව අයැදින කල එය ඔහුට කමා කරනු ලැබේ. ධාන්‍ය පූජාවෙන් ඉතිරි වූ කොටස මෙන්, මෙයින් ඉතිරි කොටස ද පූජකවරයාට අයිති ය.”
ඔවුන්ගෙන් කෙනෙකු ධාන්‍ය පූජාවේ පිටිවලින් අහුරක් ද එහි තෙල් ද එය මත ඇති තුවරලා සියල්ල ද ගෙන පූජාසනය මත සිහිවීමේ කොටස දැවිය යුතු ය. එය සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳකි.
ඔහු සිහිකිරීමේ පඬුරින් අහුරක් ගෙන, පූජාසනය මත එය දවා, ඉන්පසු ස්ත්‍රියට වතුර බීමට සැලසිය යුතු ය.
දූතයා දෙස නෙත් යොමා බලා, බියපත් වී, “ස්වාමීනි, කිමෙක් දැ”යි ඇසී ය. දූතයා කතා කොට, “ඔබේ යාච්ඤා ද දාන ද සිහිවටන වශයෙන් දෙවියන් වහන්සේ ඉදිරියට නැඟී ඇත.
ක්‍රිස්තුන් වහන්සේ අපට ප්‍රේම කොට, මිහිරි සුගන්ධ පූජාවක් ද යාගයක් ද හැටියට අප වෙනුවෙන් දෙවියන් වහන්සේට සිය ජීවිතය පරිත්‍යාග කළාක් මෙන්, ඔබත් ප්‍රේමයෙන් ජීවත් වන්න.