Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 1:17 - Sinhala New Revised Version 2018

17 පසුව උගේ අත්තටු සමඟ කෑලි දෙකකට වෙන් නොවන සේ ඌ පළා, පූජාසනයේ ගිනි පිට ඇති දර උඩ තබා දැවිය යුතු ය. ගින්නේ දවා පුදන ලද මේ දවන යාගය සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳකි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 පසුව උගේ අත්තටු සමඟ කෑලි දෙකකට වෙන් නොවන සේ ඌ පළා, පූජාසනයේ ගිනි පිට ඇති දර උඩ තබා දැවිය යුතු ය. ගින්නේ දවා පුදන ලද මේ දවන යාගය සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳකි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 ඌ වෙන් නොකොට අත්හැඳි ළඟින් ඉරා පූජකයා පූජාසනය පිට ගින්නෙහි තිබෙන දර පිට ඌ දැවිය යුතුය. ඒක ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ මිහිරි සුවඳක් ඇති දවන පූජාවක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 1:17
20 හුවමාරු යොමු  

ආබ්‍රම් ද මේ සියල්ල උන් වහන්සේ වෙත ගෙන අවුත් ඔවුන් දෙපළු කොට, පළු දෙක එකිනෙකට මූණලා තැබී ය. එහෙත් ඔහු පක්ෂීන් දෙපළු කෙළේ නැත.


ක්‍රිස්තුන් වහන්සේ ඔබේ පව් උදෙසා වරක් දිවි පිදූ සේක. උන් වහන්සේ ධර්මිෂ්ඨ ව සිටි නමුත් දෙවියන් වහන්සේ වෙතට ඔබ පමුණුවන පිණිස අධර්මිෂ්ඨයන් වෙනුවෙන් දිවි පිදූ සේක. උන් වහන්සේ මනුෂ්‍ය ස්වභාවයෙන් මරණයට පත් කරනු ලැබූ සේක; ආත්මික ස්වභාවයෙන් උත්ථාන කරනු ලැබූ සේක.


උන් වහන්සේ වනාහි අපේ පව් නිසා මරණයට පාවා දෙනු ලැබ, අප දෙවියන් වහන්සේ හා සමඟ දමිටු බවට පමුණුවනු පිණිස උත්ථාන කරනු ලැබූ සේක.


ජේසුස් වහන්සේ විනාකිරි පිළිගත් පසු, “සියල්ල නිම වී ය”යි වදාරා, හිස නමා ස්වකීය ප්‍රාණය භාර දුන් සේක.


ජේසුස් වහන්සේ යළිත් මහහඬින් හඬගා අවසන් හුස්ම හෙළූ සේක.


මන්ද, ඔබ මා පාතාලයෙහි නොරඳවන සේක; ඔබේ දැහැමි තැනැත්තාට ජරාපත් වීමට ඉඩ නොදෙන සේක.


පූජකවරයා වෙත උන් ගෙනා පසු ඔහු පළමුවෙන් පාප පූජාව ඔප්පු කරමින්, උගේ බොටුව මිරිකා, හිස වෙන් නොකොට


උගේ අතුණු ද කකුල් ද වතුරෙන් සෝදා, පූජකවරයා ඒ සියල්ල ගෙන පූජාසනය මත දැවිය යුතු ය. ගින්නේ දවා පුදන ලද මේ දවන යාග පූජාව සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් වනු ඇත.


සමිඳාණන් වහන්සේ ඒ යාග පූජාවන්හි මිහිරි සුවඳ ආඝ්‍රාණය කර මෙසේ සිතා ගත් සේක: “මිනිසා නිසා මින් මතු කවදා වත් මම පොළොවට සාප නොකරමි; යොවුන් වියේ පටන් මිනිසාගේ සිත නපුරට ඇදී යන බව මම දනිමි; මා මෙවර කළාක් මෙන් මින් මතු කවදා වත් සියලු ජීවමාන සතුන් විනාශ නොකරන්නෙමි.


එවිට ඔවුන් දවන යාග පූජාව හිසත් ඇතුළු ව කොටස් වශයෙන් දුන් කල, ඔහු ඒවා පූජාසනය මත දැවී ය.


පසුව පූජකයන් වන ආරොන්ගේ පුතුන් වෙත ඔහු එය ගෙනා යුතු ය. පූජකවරයා පිටිවලින් හා තෙලින් අතලොස්සක් ද එහි ඇති තුවරලා සියල්ල ද ගෙන පූජාසනය මත එය සිහිවීමේ කොටස වශයෙන් දැවිය යුතු ය. ගින්නෙන් දවා පුදන ලද මේ පූජාව සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳකි.


ආරොන්ගේ පුත්‍රයන් ඒවා පූජාසනයේ ගින්න පිට ඇති දර උඩ තබා, දවන යාගය සමඟ දැවිය යුතු ය. ගින්නෙන් දවා පිදූ එම පූජාව සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳකි.


“ධාන්‍ය පූජාව පිළිබඳ නීතිය මෙය ය: ආරොන්ගේ පුත්‍රයන්ගෙන් කෙනෙකු පූජාසනය ඉදිරියෙහි සමිඳාණන් වහන්සේට එය පුද කළ යුතු ය.


ඔහු සතාගේ අතුණු හා කකුල් වතුරෙන් සෝදා සතා මුළුමනින් ම පූජාසනය මත දැවී ය. එය වනාහි සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ගින්නෙන් දවා, සමිඳාණන් වහන්සේට පුදන සුමිහිරි සුවඳක් සහිත දවන යාග පූජාවකි.


ගව පට්ටිවලින් හෝ එළු බැටළු පට්ටිවලින් හෝ ගත් සතෙකු සමිඳාණන් වහන්සේගේ මහිමයට ගින්නෙන් දවා, දවන යාග පූජාවක් වශයෙන් හෝ බාරයක් ඔප්පු කිරීමක් වශයෙන් හෝ ස්වේච්ඡා පූජාවක් වශයෙන් හෝ මංගල දිනක දී පුදන පූජාවක් වශයෙන් හෝ පුදන්නහු නම්, ඒවා සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් වනු ඇත.


අනික් බැටළු පැටවා සවස ඔප්පු කළ යුතු ය. උදය පිදූ ධාන්‍ය පූජාව සහ පානීය පූජාව පරිදි සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් මෙන්, එය ගින්නෙන් දවා ඔප්පු කළ යුතු ය.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්