ඉන්පසු පූජකයෝ උන් මරා, මුළු ඉශ්රායෙල් උදෙසා සමඟි කරන පිණිස උන්ගේ ලේ පාප පූජාවක් කොට පූජාසනය පිට ඉස්සෝ ය. මන්ද, “මුළු ඉශ්රායෙල් සෙනඟ උදෙසා දවන යාග පූජා වත්, පාප පූජා වත් ඔප්පු කළ යුතු ය”යි නියම කර තිබිණි.
ලෙවී කථාව 4:26 - Sinhala New Revised Version 2018 ඉන්පසු ඔහු සහභාගිකමේ පූජාවලට පිදූ සතුන්ගේ තෙලට කළ ලෙස, උගේ තෙල සම්පූර්ණයෙන් ම පූජාසනය මත දැවිය යුතු ය. මෙසේ පූජකවරයා ඔහුගේ පාපයට කමා කිරීමේ පිළිවෙත ඉටු කළ පසු එය ඔහුට කමා කරනු ලැබේ.” Sinhala New Revised Version ඉන්පසු ඔහු සහභාගිකමේ පූජාවලට පිදූ සතුන්ගේ තෙලට කළ ලෙස, උගේ තෙල සම්පූර්ණයෙන් ම පූජාසනය මත දැවිය යුතු ය. මෙසේ පූජකවරයා ඔහුගේ පාපයට කමා කිරීමේ පිළිවෙත ඉටු කළ පසු එය ඔහුට කමා කරනු ලැබේ.” Sinhala Revised Old Version උගේ තෙල සියල්ලම ශාන්ති පූජාවේ තෙල මෙන් පූජාසනය පිට දවන්ට ඕනෑය. මෙසේ පූජකයා ඔහුගේ පාපය ගැන ඔහු උදෙසා සමඟිකම් කරන්නේය, එවිට ඔහු ක්ෂමා කරනු ලබන්නේය. |
ඉන්පසු පූජකයෝ උන් මරා, මුළු ඉශ්රායෙල් උදෙසා සමඟි කරන පිණිස උන්ගේ ලේ පාප පූජාවක් කොට පූජාසනය පිට ඉස්සෝ ය. මන්ද, “මුළු ඉශ්රායෙල් සෙනඟ උදෙසා දවන යාග පූජා වත්, පාප පූජා වත් ඔප්පු කළ යුතු ය”යි නියම කර තිබිණි.
දෙ වන දවසේ පාප පූජාවක් පිණිස එළුවන්ගෙන් කැළලක් නැති පිරිමි සතෙකු ගෙනෙන්න. ගොනා පූජා කිරීමෙන් පූජාසනය පවිත්‍ර කළාක් මෙන් එයින් එය පවිත්‍ර කරත් වා.
ඔහු දවන යාග පූජාව පිණිස ගත් සතාගේ හිස මත අත තැබිය යුතු ය. එවිට ඔහුට පව් කමාව දීම සඳහා ඔහු වෙනුවෙන් ඌ පිළිගනු ලැබේ.
තවද, ඈට බැටළුවෙකු ගෙනෙන්නට වත්කමක් නැති නම්, කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ ගෙනා යුතු ය. එකෙක් දවන යාග පූජාව සඳහා ය, අනෙකා පාප පූජාව සඳහා ය. පූජකවරයා ඈ උදෙසා මෙලෙස පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කළ විට ඈ පවිත්‍ර වනු ඇත.”
තම අතේ ඇති ඉතිරි තෙල පවිත්‍ර වීමේ පිළිවෙත ලබන්නාගේ හිස මත වත් කරමින් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔහු වෙනුවෙන් පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කළ යුතු ය.
පූජකවරයා එක පඬුරක් පාප පූජාවක් සඳහා ද අනික දවන යාග පූජාවක් සඳහා ද ඔප්පු කළ යුතු ය. මෙලෙස ඔහු ඔප්පු කරමින් ඒ තැනැත්තාගේ මෝචනය උදෙසා පවිත්‍ර වීමේ පිළිවෙත සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඉටු කළ යුතු ය.
මන්ද, සත්ත්වයෙකුගේ ප්‍රාණය ඇත්තේ ලේවල ය. නුඹලාගේ පාපවලට, පූජාසනය මත පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කිරීමට මා නුඹලාට එය දී ඇත. පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කරන්නේ ලේ මඟිනි.
පූජකවරයා ඒ තැනැත්තා කළ පාපය උදෙසා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි වන්දි ගෙවීමේ පූජාවේ බැටළුවා ඔප්පු කරමින් ඔහු උදෙසා පව් කමාවේ පිළිවෙත ඉටු කළ යුතු ය. එවිට ඔහු කළ පාපය ඔහුට කමා කරනු ලැබේ.
ආරොන්ගේ පුත්‍රයන් ඒවා පූජාසනයේ ගින්න පිට ඇති දර උඩ තබා, දවන යාගය සමඟ දැවිය යුතු ය. ගින්නෙන් දවා පිදූ එම පූජාව සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳකි.
පාප පූජාව සඳහා පිදූ වස්සාට කළ ලෙස ඔහු මේ වස්සාට ද කළ යුතු ය. මෙසේ පූජකවරයා සෙනඟ උදෙසා පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ විට, ඔවුන්ගේ පව් කමා කරනු ලැබේ.
පසුව සහභාගිකමේ පූජාවලින් තෙල ඉවතට ගත් ලෙස උගේ තෙල ද ඉවතට ගෙන, සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් මෙන් එය පූජාසනය මත දැවිය යුතු ය. මෙසේ පූජකවරයා ඔහු වෙනුවෙන් පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ විට, ඒවා ඔහුට කමා කරනු ලැබේ.
පසුව ඔහු සහභාගිකමේ පූජාවට ගත් බැටළුවාගෙන් තෙල අහකට ගත් ලෙස උගේ තෙල් ද අහකට ගත යුතු ය. ඉන්පසු සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන පූජාවක් මෙන් එය පූජාසනය මත දැවිය යුතු ය. මෙලෙස පූජකවරයා ඔහු කළ පාපයන්ට කමා කිරීමේ පිළිවෙත ඉටු කළ විට ඒවා ඔහුට කමා කරනු ලැබේ.”
දෙ වන සතා ද සිරිත් ප්‍රකාර දවන යාග පූජාවක් මෙන් ඔප්පු කළ යුතු ය. මෙලෙස ඒ තැනැත්තා කළ පාපයට පූජකවරයා කමාව අයැදින කල, එය ඔහුට කමා කරනු ලැබේ.
මෙලෙස ඉහත දැක්වූ කරුණුවලින් යමකට විරුද්ධ ව යමෙකු කළ පාපයට පූජකවරයා පව් කමාව අයැදින කල එය ඔහුට කමා කරනු ලැබේ. ධාන්‍ය පූජාවෙන් ඉතිරි වූ කොටස මෙන්, මෙයින් ඉතිරි කොටස ද පූජකවරයාට අයිති ය.”
ඔහු ශුද්ධ දේ නොදීමෙන් කළ වංචාවට ගෙවිය යුතු වන්දි ගෙවා, තව පහෙන් පංගුවක් ද ඊට එකතු කොට පූජකවරයාට දිය යුතු ය. පූජකවරයා ද වන්දි ගෙවීමේ බැටළුවා පුදමින්, ඒ තැනැත්තාගේ පාපයට කමාව අයැදින කල ඔහුට කමා කරනු ලැබේ.
ඔහු වන්දි ගෙවීමේ පූජාවට තක්සේරු කළ ලෙස රැළෙන් එතරම් වටිනා, නොකැළැල් බැටළුවෙකු පූජකවරයා වෙත ගෙනා යුතු ය. පූජකවරයා ද ඒ තැනැත්තා නොදැනුවත්ව, අදහස් නොකර, කළ දෙයට කමාව අයැදින කල එය ඔහුට කමා කරනු ලැබේ.
පූජකවරයා ද සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔහුට පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ යුතු ය. එවිට ඔහු කළ වරද කුමක් වුව ද එය ඔහුට කමා කරනු ලැබේ.”
මුළු ඉශ්රායෙල් ජනතාව ම උදෙසා පූජකවරයා පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ පසු ඔවුන්ගේ පව් නොදැනුවත්කමින් වූ නිසා, ඔවුන්ට කමා කරනු ඇත. එහෙත් ඒ නොදැනුවත්කම උදෙසා ගින්නෙන් දවා පුදන පඬුරු සහ ඔවුන්ගේ පාප පූජා සමිඳාණන් වහන්සේ වෙත ගෙනා යුතු ය.
මෙලෙස යමෙකු නොදැනුවත්කමින් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළොත් පූජකවරයා ඔහු වෙනුවෙන් පව් කමාවේ පිළිවෙත ඉටු කළ පසු, ඔහුගේ පව් කමා කරනු ලැබේ.