Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 29:24 - Sinhala New Revised Version 2018

24 ඉන්පසු පූජකයෝ උන් මරා, මුළු ඉශ්රායෙල් උදෙසා සමඟි කරන පිණිස උන්ගේ ලේ පාප පූජාවක් කොට පූජාසනය පිට ඉස්සෝ ය. මන්ද, “මුළු ඉශ්රායෙල් සෙනඟ උදෙසා දවන යාග පූජා වත්, පාප පූජා වත් ඔප්පු කළ යුතු ය”යි නියම කර තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 ඉන්පසු පූජකයෝ උන් මරා, මුළු ඉශ්රායෙල් උදෙසා සමඟි කරන පිණිස උන්ගේ ලේ පාප පූජාවක් කොට පූජාසනය පිට ඉස්සෝ ය. මන්ද, “මුළු ඉශ්රායෙල් සෙනඟ උදෙසා දවන යාග පූජා වත්, පාප පූජා වත් ඔප්පු කළ යුතු ය”යි නියම කර තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

24 එවිට පූජකයෝ උන් මරා, මුළු ඉශ්‍රායෙල් උදෙසා සමඟිකමක් කරන පිණිස උන්ගේ ලේ පාප පූජාවක් කොට පූජාසනය පිට ඉස්සෝය. මක්නිසාද මුළු ඉශ්‍රායෙල් උදෙසා දවන පූජාවත් පාප පූජාවත් ඔප්පුකළ යුතුයයි රජ නියමකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 29:24
15 හුවමාරු යොමු  

එබැවින් ජනතාවගේ පව් කමා කිරීමට දෙවියන් වහන්සේගේ සේවයෙහි දයාන්විත, විශ්වාසවන්ත උත්තම පූජකයෙකු වන පිණිස, හැම අතින් ම සිය සහෝදරයන් හා සමාන වන්නට උන් වහන්සේට යුතු ව තිබිණි.


අධිපතියාගේ යුතුකම් නම්, ඉශ්රායෙල් වංශයේ සියලු නියම කාලවල මංගල්‍යවලදීත්, නව සඳ පෝදිනවලදීත්, සබත් දවස්වලදීත් දවන යාග පූජා ද ආහාර පූජා ද පාන පූජා ද සපයා දීම ය. ඉශ්රායෙල් වංශය උදෙසා සමඟිකමක් කරන්නට පාප පූජා ද දවන යාග පූජාව ද සහභාගිකමේ පූජාව ද ඔහු පිළියෙළ කළ යුතු ය.”


“ඉශ්රායෙල්වරුන් උදෙසා සමඟිකමක් කිරීමට ආහාර පූජාවටත්, දවන යාග පූජාවටත්, සහභාගිකමේ පූජාවලටත් ඉශ්රායෙල් පවුල්වලට අයිති එළු බැටළු පට්ටිවලින් දෙසියයකින් එක සතෙකු බැගින් දෙන්නට යෙදේ වා”යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.


පසුව දවන යාග පූජාවත්, ධාන්‍ය පූජාවත් පූජාසනය මත පුද කොට ඒ තැනැත්තා උදෙසා පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කළ පසු ඔහු පවිත්‍ර වනු ඇත.


ඉන්පසු මෝසෙස් ඌ මරා, උගේ ලේ ගෙන, තම ඇඟිල්ලෙන් පූජාසනය වටේට තිබූ අං මත එය තවරා, පූජාසනයේ දොස් පහකොට, එහි පාමුල ඉතිරි ලේ වත් කොට එය මත පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කරමින් එය කැප කෙළේ ය.


එහෙත්, ශුද්ධස්ථානයේ පව් කමා කිරීමේ පිළිවෙත සඳහා සම්මුඛ මණ්ඩපය තුළට පාප පූජාව පිණිස පිදූ සතාගේ ලේ ගෙනෙනු ලැබුවොත්, එම පූජාවෙන් කිසිවක් නොවැළඳිය යුතු ය. එය ගින්නෙහි දැවිය යුතු ය.”


ඔහු දවන යාග පූජාව පිණිස ගත් සතාගේ හිස මත අත තැබිය යුතු ය. එවිට ඔහුට පව් කමාව දීම සඳහා ඔහු වෙනුවෙන් ඌ පිළිගනු ලැබේ.


ඉක්බිති ඔහු සෙනඟගේ පූජා පිළිගන්වමින්, සෙනඟගේ පාප පූජාව වන එළුවා ගෙන, ඌ මරා, කලින් කළ පාප පූජාව මෙන් එය පුද කෙළේ ය.


ඉන්පසු හෙසකියා ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට පාස්කු මංගල්‍යය පවත්වන පිණිස ජෙරුසලමෙහි සමිඳාණන් වහන්සේගේ මාලිගාවට එන්න කියා ඉශ්රායෙල් රට හා ජුදා දේශය මුළුල්ලෙහි දන්වා යැවී ය. එප්‍රායිම් ජනයාට සහ මනස්සේ ජනයාටත් ලියුම් ලියා යැවී ය.


තවද, ඔව්හු දෙවියන් වහන්සේගේ මාලිගාව කැප කිරීමේ දී ගොනුන් සියයක් ද බැටළුවන් දෙසියයක් ද බැටළු පැටවුන් හාරසියයක් ද ඉශ්රායෙල්වරුන්ගේ ගෝත්‍රවල ගණන ලෙස සියලු ඉශ්රායෙල්වරුන් උදෙසා පාප පූජාවක් වශයෙන් එළුවන් දොළොස් දෙනෙකු ද ඔප්පු කළෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්