ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලෙවී කථාව 27:17 - Sinhala New Revised Version 2018

ඔහු තම ඉඩම ජුබිලි වර්ෂයේ දී කැප කරන්නේ නම්, සම්පූර්ණ තක්සේරු මුදල වලංගු වේ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔහු තම ඉඩම ජුබිලි වර්ෂයේ දී කැප කරන්නේ නම්, සම්පූර්ණ තක්සේරු මුදල වලංගු වේ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහු තමාගේ කෙත ජුබිලි වර්ෂය පටන් කැප කරන්නේනම් නුඹේ නියමකිරීමේ හැටියට එය ස්ථිරවන්නේය.

පරිච්ඡේදය බලන්න



ලෙවී කථාව 27:17
7 හුවමාරු යොමු  

මෙලෙස නුඹලා පනස් වන අවුරුද්ද වෙන් කොට මුළු දේශය පුරා එහි සිටින සියල්ලන්ට නිදහස දීම ගැන ප්‍රකාශයක් කළ යුතු ය. එම අවුරුද්ද ජුබිලියක් නිසා එකිනෙකා තම තමාගේ උරුමයටත් තම තමාගේ පෙළපතටත් නැවත පැමිණිය යුතු ය.


පනස් වන අවුරුද්ද ජුබිලියක් බැවින් නුඹලා නොවැපිරිය යුතු ය. ඉබේ ම වැවෙන දේවලින් අස්වැන්න නෙළා නොගත යුතු ය. අතු නොපාහින ලද මිදි වතුවලින් පලදාව රැස් කොට නොගත යුතු ය.


“මිල දී ගත් බඩු මේ අවුරුද්දේ දී හිමිකරුට ආපසු දිය යුතු ය.


එවිට හත් වන මාසයේ දහ වන දින, එනම්, පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කරන දින, මුළු රට පුරා හොරණෑව රැව් පිළිරැව් දීමට සැලැස්විය යුතු ය.


“යම් මිනිසෙකු සමිඳාණන් වහන්සේට තම නිවාසය කැප කළ විට, පූජකවරයා ද එහි හොඳ නරක තත්ත්වයේ හැටියට එහි මිල තක්සේරු කළ යුතු ය. පූජකවරයාගේ තක්සේරුව අවසාන තීරණය වනු ඇත.


“යමෙක් තමාට ප්‍රවේණියෙන් හිමි ඉඩකඩම්වලින් යමක් සමිඳාණන් වහන්සේට කැප කරයි නම්, එය තක්සේරු කළ යුත්තේ එහි වැපිරිය හැකි ප්‍රමාණය අනුව ය. බාර්ලි ඇටවලින් කිලෝග්‍රෑම් විස්සක වටිනාකම රිදී කාසි දහයකි.


එහෙත්, ඉන්පසු එය කැප කරයි නම්, පූජකවරයා ඊළඟ ජුබිලි වර්ෂය දක්වා ඇති අවුරුදු ගණන් කොට, අඩු මිලක් නියම කළ යුතු ය.