එහෙත්, යමෙකුට ඒවා මිල දී ගැනීමට කිට්ටු නෑයෙකු නැති වුවත්, ඒ තැනැත්තා පසුව ධනවත් ව මිල දී ගැනීමට සෑහෙන වත්කමක් ලබන්නට පුළුවන.
ලෙවී කථාව 25:49 - Sinhala New Revised Version 2018 ඔහුගේ මාමාට හෝ මාමාගේ පුතුට හෝ තම පවුලේ කිට්ටු නෑයෙකුට හෝ මුදල් ගෙවා ඔහු ආපසු ගත හැක. ඔහුට වත්කමක් තිබේ නම්, මුදල් ගෙවා තමාට ම නිදහස ලබාගත හැකි ය. Sinhala New Revised Version ඔහුගේ මාමාට හෝ මාමාගේ පුතුට හෝ තම පවුලේ කිට්ටු නෑයෙකුට හෝ මුදල් ගෙවා ඔහු ආපසු ගත හැක. ඔහුට වත්කමක් තිබේ නම්, මුදල් ගෙවා තමාට ම නිදහස ලබාගත හැකි ය. Sinhala Revised Old Version ඔහුගේ මවුගේවත් පියාගේවත් සහෝදරයාට හෝ මවුගේවත් පියාගේවත් සහෝදරයාගේ පුත්‍රයාට හෝ ඔහුගේ පවුලට ළඟ නෑයින්ගෙන් කෙනෙකුට හෝ ඔහු මුදාගන්ට පුළුවන; නොහොත් ඔහු ධනවත් වන්නේනම් තමාම මුදාගන්ට හැකිවන්නේය. |
එහෙත්, යමෙකුට ඒවා මිල දී ගැනීමට කිට්ටු නෑයෙකු නැති වුවත්, ඒ තැනැත්තා පසුව ධනවත් ව මිල දී ගැනීමට සෑහෙන වත්කමක් ලබන්නට පුළුවන.
එවැනි අවස්ථාවක දී ඔහු විකුණූ දා සිට අවුරුදු ගණන ගණන් කොට, ඊළඟ ජුබිලිය දක්වා තිබෙන අවුරුදු ගණන අනුව, ඒවා මිල දී ගත් තැනැත්තාට ආපසු ගෙවා තම ඉඩකඩම් ආපසු ලබා ගන්නේ ය.
ඔහු තමා මිල දී ගත් තැනැත්තා සමඟ එකඟ වී, තමා ම විකුණාගත් දින සිට ජුබිලි වර්ෂය දක්වා ඇති අවුරුදු ගණන් කළ යුතු ය. පසුව ඔහුට නිදහස දීම සඳහා ගෙවිය යුතු මිල නියම කළ යුත්තේ, කුලීකරුවෙකුට ගෙවන වේතනය අනුව ය.