Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 25:50 - Sinhala New Revised Version 2018

50 ඔහු තමා මිල දී ගත් තැනැත්තා සමඟ එකඟ වී, තමා ම විකුණාගත් දින සිට ජුබිලි වර්ෂය දක්වා ඇති අවුරුදු ගණන් කළ යුතු ය. පසුව ඔහුට නිදහස දීම සඳහා ගෙවිය යුතු මිල නියම කළ යුත්තේ, කුලීකරුවෙකුට ගෙවන වේතනය අනුව ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

50 ඔහු තමා මිල දී ගත් තැනැත්තා සමඟ එකඟ වී, තමා ම විකුණාගත් දින සිට ජුබිලි වර්ෂය දක්වා ඇති අවුරුදු ගණන් කළ යුතු ය. පසුව ඔහුට නිදහස දීම සඳහා ගෙවිය යුතු මිල නියම කළ යුත්තේ, කුලීකරුවෙකුට ගෙවන වේතනය අනුව ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

50 ඔහු මිලේට ගත් තැනැත්තා සමඟ විකුණනු ලබන අවුරුද්ද පටන් ජුබිලි අවුරුද්ද දක්වා ගණන්බලාවා. ඔහුගේ විකිණීමේ මිල ඒ අවුරුදු ගණන හැටියට වන්නේය; ඔහු පඩියට වැඩකරන්නෙකුගේ කාලය ලෙස ඔහු සමඟ සිටීවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 25:50
10 හුවමාරු යොමු  

එවිට සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “හරියට තව අවුරුද්දකින් කේදාර්හි ගෝත්‍රවල බලය නැතිවී යන්නේ ය.


එහෙත්, දැන් සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “කුලීකරුවාගේ සේවා කාලය අවසාන වන්නා සේ අවුරුදු තුනක් ඇතුළත දී මෝවබ්හි සියලු යසඉසුරු නැති වී යන්නේ ය. විශාල සමූහයක් අතරෙන් ඉතිරි වන්නේ ස්වල්ප දෙනෙක් පමණ ය. ඔව්හු ද දුර්වල අය වෙති.”


පැයවල් ගණන් බලමින් කුලීකරුවෙකු මෙන් සිටින ඔහුගෙන් ඔබේ ඇස් ඉවතට ගෙන ඔහුට විවේකය දුන මැනව.


දාසයෙකු නිදහස් කර යන්නට හරින විට ඔහු කෙරෙහි අමනාපයක් නොදක්වන්න. මන්ද, ඔහු සාවුරුද්දක් ඔබට සේවය කිරීම නිසා ඔහුගේ අගය කුලීකරුවෙකුගේ අගය මෙන් දෙගුණයක් වන බැවිනි. මෙලෙස ඔබ ඉටු කළොත් ඔබේ වැඩ කටයුතු සියල්ලෙහි දී දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක.”


තවද, ගෙවිය යුතු මුදල ගණන් ගත යුත්තේ කුලීකරුවෙකුට අවුරුදුපතා ගෙවන වේතනය අනුව ය, ඔහුගේ ස්වාමියා ද දැඩි ලෙස ඔහු පාලනය නොකළ යුතු ය.


එහෙත්, කුලීකරුවෙකු මෙන් ද ආගන්තුකයෙකු මෙන් ද ඔහුට නුඹලා සමඟ විසිය හැක. ජුබිලි වර්ෂය දක්වා ඔහු නුඹලාට මෙහෙ කළ යුතු ය.


එහෙත්, ඔහුට මිල දී ගන්නට නොහැකි නම්, එය ජුබිලි වර්ෂය වන තෙක් ඊට මුදල් ගෙවූ තැනැත්තාට අයිති ය. ජුබිලි වර්ෂයේ දී නැවත එය පළමු අයිතිකාරයා සතු වන්නේ ය.


ඔහුගේ මාමාට හෝ මාමාගේ පුතුට හෝ තම පවුලේ කිට්ටු නෑයෙකුට හෝ මුදල් ගෙවා ඔහු ආපසු ගත හැක. ඔහුට වත්කමක් තිබේ නම්, මුදල් ගෙවා තමාට ම නිදහස ලබාගත හැකි ය.


ජුබිලි වර්ෂය දක්වා ඇති අවුරුදු ගණන බොහෝ නම්, ඒ අවුරුදු ගණන අනුව මිල දී ගත් මුදලින් කොටසක් නිදහස දීමේ දී ඔහුට ආපසු ගෙවිය යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්