ලෙවී කථාව 25:42 - Sinhala New Revised Version 2018 මා විසින් මිසර දේශයෙන් පිටතට ගෙනෙන ලද මාගේ මෙහෙකරුවෝ ඔව්හු ය. එබැවින් වහලුන් මෙන් ඔවුන් නොවිකිණිය යුතු ය. Sinhala New Revised Version මා විසින් මිසර දේශයෙන් පිටතට ගෙනෙන ලද මාගේ මෙහෙකරුවෝ ඔව්හු ය. එබැවින් වහලුන් මෙන් ඔවුන් නොවිකිණිය යුතු ය. Sinhala Revised Old Version මක්නිසාද ඔව්හු මිසර දේශයෙන් මා විසින් ගෙනෙනලද මාගේ මෙහෙකරුවෝය. දාසයන් මෙන් ඔවුන් විකුණනු නොලැබිය යුතුය. |
එවිට ඔහු ද ඔහුගේ දරුවන් ද නුඹලාගෙන් පිට වී, තමාගේ පවුලට හා පියාගේ උරුමයට ආපසු යනු ඇත.
මන්ද, ඉශ්රායෙල් ජනයා මාගේ වහල්ලු වන්නෝ ය. මා මිසර දේශයෙන් පිටතට ගෙනා ඔව්හු මාගේ වහල්ලු ය. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.”
නුඹලා මිසර වාසීන්ගේ වහලුන් නො වන පිණිස මිසර දේශයෙන් නුඹලා පිටතට ගෙනා නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි. නුඹලා පාලනය කළ ඔවුන්ගේ බලය බිඳදමා, නුඹලාට හිස ඔසවා යෑමට මම සැලැසුවෙමි.”
එහෙත් දැන් ඔබ පාපයෙන් නිදහස ලබා දෙවියන් වහන්සේගේ දාසයන් ව සිටින බැවින් සදාතන ජීවිතයෙන් කෙළවර වන, විශුද්ධි මාර්ගයෙහි පල දරන්නහු ය.