ලෙවී කථාව 25:3 - Sinhala New Revised Version 2018 අවුරුදු හයක් තුළ නුඹලාට කෙත් වැපිරිය හැකි ය; මිදි වතුවල අතු පෑහිය හැකි ය; ඒවා කප්පාදු කොට පල නෙළාගත හැකි ය. Sinhala New Revised Version අවුරුදු හයක් තුළ නුඹලාට කෙත් වැපිරිය හැකි ය; මිදි වතුවල අතු පෑහිය හැකි ය; ඒවා කප්පාදු කොට පල නෙළාගත හැකි ය. Sinhala Revised Old Version සාවුරුද්දක් නුඹේ කෙත වපුරන්න, සාවුරුද්දක් නුඹේ මිදිවැල් කප්පාදුකොට එහි ඵල එක්කරගන්න; |
එහෙත් සත් වන අවුරුද්දේ දී ඒවා පුරන් ව තිබෙන්නට හැර, ඒවායේ ඇති වන පලදාව නොගත යුතු ය. එවිට නුඹේ සෙනඟ අතර සිටින දිළිඳුන්ට ඒවා කන්න පුළුවන. ඔවුන් ඉතිරි කරන දේ වන මෘගයන්ට කන්න පුළුවන. නුඹේ මිදි වතු හා ඔලීව වතු සම්බන්ධයෙන් ද එලෙස කළ යුතු ය.
“ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙය කියන්න: මා නුඹලාට දෙන්නට යන දේශයට පැමිණි කල, සමිඳාණන් වහන්සේගේ ගෞරවය පිණිස එම දේශයට සබත් විවේකයක් දිය යුතු ය.