ඔහු රජුට කතා කොට, “සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මා විසින් මරණයට නියම කරන ලද මිනිසා නුඹ නිදහස් කර හැරිය බැවින් ඔහුගේ ප්‍රාණය වෙනුවට නුඹේ ප්‍රාණය ද ඔහුගේ සෙනඟ වෙනුවට නුඹේ සෙනඟ ද දෙන්න වේ යැ’ ”යි කීවේ ය.
ලෙවී කථාව 20:4 - Sinhala New Revised Version 2018 දේශයේ ජනතාව එවැන්නෙකු තම දරුවා මොලෙක්ට බිලි දුන් පසුත් ඔහු නොමරා, යම් හෙයකින් එය නොසලකා හැරියොත්, Sinhala New Revised Version දේශයේ ජනතාව එවැන්නෙකු තම දරුවා මොලෙක්ට බිලි දුන් පසුත් ඔහු නොමරා, යම් හෙයකින් එය නොසලකා හැරියොත්, Sinhala Revised Old Version ඒ මනුෂ්‍යයා තමාගේ දරුවන්ගෙන් කෙනෙක් මොලෙක්ට දෙන කල දේශයේ වැසියෝ යම් ආකාරයකින් ඔහු කෙරෙන් තමුන්ගේ ඇස් වසාගෙන ඔහු නොමරන්නෝනම්, |
ඔහු රජුට කතා කොට, “සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මා විසින් මරණයට නියම කරන ලද මිනිසා නුඹ නිදහස් කර හැරිය බැවින් ඔහුගේ ප්‍රාණය වෙනුවට නුඹේ ප්‍රාණය ද ඔහුගේ සෙනඟ වෙනුවට නුඹේ සෙනඟ ද දෙන්න වේ යැ’ ”යි කීවේ ය.
එවැන්නෙකු සිය දරුවා මොලෙක්ට බිලි දුන් නිසා ද මාගේ ශුද්ධස්ථානය කෙලෙසූ නිසා ද මාගේ ශුද්ධ නාමය ගැරහූ නිසා ද මම ඔහුට විරුද්ධ වී ඔහුගේ සෙනඟ කෙරෙන් ඔහු නෙරපා දමමි.
මම එවැන්නෙකුට ද එවැන්නෙකුගේ මුළු පවුලට ද මට අවිශ්වාසවන්ත වී මොලෙක් වැළඳගෙන ඔහුට පුද පූජා පවත්වන සියලු දෙනාට ද විරුද්ධ වී ඔවුන්ගේ සෙනඟ අතරෙන් ඔවුන් නෙරපා දමමි.
ඉතින් මේ නොදැනුම් කමේ කාලයන් දෙවියන් වහන්සේ නොතකා හැරිය නමුත් දැන් සියලු මනුෂ්‍යයන්ට සියලු තැන්හි පසුතැවී සිත් හරවා ගන්නට දැන් අණ කරන සේක.
ඔබ එවැන්නෙකුට සවන් දී, එකඟ නොවිය යුතු ය. ඔහුට කිසි අනුකම්පාවක් නොදක්වා, ඔහු ඉතුරු නොකර, ඔහුගේ වරද නොසඟවා,
ඉශ්රායෙල් සෙනඟට තමන්ගේ සතුරන්ට මූණපෑමට නොහැකි වූයේ ඒ නිසා ය. සාපයට අසු වූ බැවින් ඔව්හු තමන්ගේ සතුරන්ට පිටුපාති. ඒ කැප කරන ලද දේ නුඹලා කෙරෙන් විනාශ කර නොදැමුවොත් මම තවත් නුඹලා සමඟ නොසිටින්නෙමි.
එහෙත් ඔබට විරුද්ධ ව චෝදනා ස්වල්පයක් මට ඇත. ඔබ අතර බාලාම්ගේ ඉගැන්වීම් පිළිගත් අය සිටිති. බාලාම්, දේවතා රූපවලට පිදූ පිදේනි කෑමටත්, කාමමිථ්‍යාචාරය කිරීමටත්, ඉශ්රායෙල් සෙනඟ පෙළඹවීමට බාලාක්ට ඉගැන්වී ය.