ඔහුගේ සෙනඟ අතර ඔහුට දරු මුණුබුරෝ නැත; ඔහුගෙන් පැවත එන කිසිවෙක් ඔහුගේ නිවෙසෙහි ඉතිරි ව නැත.
ලෙවී කථාව 20:20 - Sinhala New Revised Version 2018 යම් මිනිසෙකු තම පියාගේ සහෝදරයෙකුගේ බිරිඳ සමඟ සයනය කළොත්, එවැන්නක් ඔහුගේ පියාගේ සහෝදරයාට කරන නින්දාවකි. ඔවුන් තමන්ගේ පාපය ගැන වගකිව යුතු අතර, දෙදෙනා ම දරුවන් නොලැබ මැරෙනු ඇත. Sinhala New Revised Version යම් මිනිසෙකු තම පියාගේ සහෝදරයෙකුගේ බිරිඳ සමඟ සයනය කළොත්, එවැන්නක් ඔහුගේ පියාගේ සහෝදරයාට කරන නින්දාවකි. ඔවුන් තමන්ගේ පාපය ගැන වගකිව යුතු අතර, දෙදෙනා ම දරුවන් නොලැබ මැරෙනු ඇත. Sinhala Revised Old Version මනුෂ්‍යයෙක් තමාගේ මහම්මා නොහොත් කුඩම්මා සමඟ සයනයකළොත් ඔහු තමාගේ මවුගේ සහෝදරයාගේ හෝ පියාගේ සහෝදරයාගේ හෝ නග්නභාවය හැරීයේය; ඔවුන් තමුන්ගේ පාපය දරා දරුවන් නොලැබ මැරෙනවා ඇත. |
ඔහුගේ සෙනඟ අතර ඔහුට දරු මුණුබුරෝ නැත; ඔහුගෙන් පැවත එන කිසිවෙක් ඔහුගේ නිවෙසෙහි ඉතිරි ව නැත.
‘මේ මිනිසා දරුවන් නැති, තම ජීවිත කාලයේ දී කිසි සඵලයක් නොලැබූ මිනිසෙකැ’යි කියන්න. මන්ද, ඔහුගේ වංශයේ කිසිවෙකුට තවත් දාවිත්ගේ සිංහාසනයේ හිඳ ජුදා දේශයෙහි රජකම් කිරීමට නොලැබෙන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
යම් මිනිසෙකු තම සහෝදරයාගේ බිරිඳ සරණ පාවාගතහොත් එය අපිරිසිදු ක්‍රියාවකි. එවැන්නක් ඔහු තම සහෝදරයාට කරන නින්දාවකි. ඔවුන් දෙදෙනා ම දරුවන් නොලැබ මැරෙනු ඇත.
“ලෝකයා අතර පැවති මාගේ නින්දාව පහ කරනු වස් සමිඳාණන් වහන්සේ මෙකල මා දෙස කරුණාවෙන් බලා මේ දේ කළ සේකැ”යි කීවා ය.
වඳ ස්ත්‍රීහු ද කිසි කලෙක දරුවන් නොදැරූ කුස ද කිරි නුදුන් පියයුරු ද භාග්‍යවන්ත යයි පවසන දවස් පැමිණෙන්නේ ය.