Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 1:25 - Sinhala New Revised Version 2018

25 “ලෝකයා අතර පැවති මාගේ නින්දාව පහ කරනු වස් සමිඳාණන් වහන්සේ මෙ‍කල මා දෙස කරුණාවෙන් බලා මේ දේ කළ සේකැ”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 “ලෝකයා අතර පැවති මාගේ නින්දාව පහ කරනු වස් සමිඳාණන් වහන්සේ මෙ‍කල මා දෙස කරුණාවෙන් බලා මේ දේ කළ සේකැ”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

25 “ස්වාමින්වහන්සේ මා දෙස බලා, මෙසේ කළ සේක, මේ දවස්හි ජනයා අතර වූ මගේ නින්දාව පහ කළ සේකැ” යි කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

25 මනුෂ්‍යයන් අතරේ වූ මාගේ නින්දාව පහකරන පිණිස ස්වාමීන්වහන්සේ මා දෙස බැලූ දවස්වලදී මට මෙසේ කරුණාකළසේකැයි කියා, පස් මසක් සැඟවී සිටියාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 1:25
14 හුවමාරු යොමු  

ඒ කාලයේ දී, ස්ත්‍රීන් හත්දෙනෙක් එක මිනිසෙකු අල්ලාගෙන, “තනිව සිටීමේ නින්දාව පහ කරගන්න පිණිස නුඹ අපේ ස්වාමි පුරුෂයා යයි කියන්න අපට ඉඩ දුන මැනව; අපේ කෑම බීම හා ඇඳුම්පැළඳුම් අපට ම සපයාගත හැකි යැ”යි කියන්නෝ ය.


ඇදහිල්ලෙන්, සාරා පොරොන්දුව දුන් තැනැන් වහන්සේ විශ්වාස කටයුතු කෙනෙකැ යි පිළිගත් නිසා, නිසි වයස ඉක්මවා ගිය ද පිළිසිඳගැනීමේ ශක්තිය ලැබුවා ය.


දේව දූතයා ඔහුට කතා කොට, “සෙකරියස්, බිය නොවන්න. මන්ද, ඔබේ යාච්ඤාව අසනු ලැබී ය. ඔබේ බිරිඳ වන එලිසබෙත් ඔබගෙන් පුතෙකු ලබන්නී ය. ඔහුට ජොහන් යයි නම් තබන්න.


සමිඳාණන් වහන්සේ ඇගේ ගර්භය පියවා තිබුණු බැවින්, ඇගේ විරුද්ධකාරී ඈ කෝප කරවන පිණිස ඈට නින්දා කළා ය.


ඈ වඳ ස්ත්‍රියක වූයෙන්, ඔහු තම බිරිඳ උදෙසා බැගෑපත් ලෙස සමිඳාණන් වහන්සේ අයැදී ය. උන් වහන්සේ ඔහුගේ ඉල්ලීමට සවන් දුන් සේක. රෙබෙකා ගැබ්ගත්තා ය.


තවදුරටත් ඈ පියාට කතා කොට, “මෙසේ මට අවසර ලැබේ වා. මා ද මාගේ යෙහෙළියන් ද ගොස් කඳුවල ඇවිද, මාගේ කන්‍යාභාවය ගැන වැලපෙන්නට මට දෙමසක් කල් දුන මැනවැ”යි කීවා ය.


මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මරණය සදහට ම විනාශ කරදමන සේක. සියලු මුහුණුවලින් කඳුළු පිසදමන සේක. ලොව මුළුල්ලේ තමන්ගේ සෙනඟට ඇති වී තිබෙන නින්දාව පහකරන සේක. මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ ම ය.


මඳ කලකට පසු ඔහුගේ බිරිඳ වන එලිසබෙත් ගැබ්ගෙන, පස් මසක් රහසිගත ව වෙසෙමින්,


එබැවින් සාවුල්ගේ දුව වන මීකල්ට මැරෙන තුරු දරුවෙක් නො‍ලැබුණේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්