නුඹ යම් ස්ත්‍රියකගේ නිරුවත අනාවරණය කළ පසු ඇගේ දුවගේ හෝ ඇගේ මිණිබිරියගේ හෝ නිරුවත අනාවරණය නොකළ යුතු ය. ඔවුන් කිට්ටු නෑයන් වන බැවින් එසේ කිරීම දුෂ්ටකමකි.
ලෙවී කථාව 20:14 - Sinhala New Revised Version 2018 යම් මිනිසෙකු භාර්යාවක සහ ඇගේ මව ද සරණ පාවාගතහොත් එය දුෂ්ටකමකි. ඒ තිදෙන ම ගින්නෙන් පුළුස්සා මැරිය යුතු ය. මෙසේ කළොත්, ඔබ අතර මෙබඳු දුෂ්ටකම් නොපවතිනු ඇත. Sinhala New Revised Version යම් මිනිසෙකු භාර්යාවක සහ ඇගේ මව ද සරණ පාවාගතහොත් එය දුෂ්ටකමකි. ඒ තිදෙන ම ගින්නෙන් පුළුස්සා මැරිය යුතු ය. මෙසේ කළොත්, ඔබ අතර මෙබඳු දුෂ්ටකම් නොපවතිනු ඇත. Sinhala Revised Old Version මනුෂ්‍යයෙක් භාර්යාවක් සහ ඇගේ මෑණියන් පාවා ගත්තොත් ඒක දූෂ්‍යකමක්ය. නුඹලා අතරේ දුෂ්ටකමක් නොවන පිණිස ඔහුද ඔව්හුද ගින්නෙන් දවනු ලබත්වා. |
නුඹ යම් ස්ත්‍රියකගේ නිරුවත අනාවරණය කළ පසු ඇගේ දුවගේ හෝ ඇගේ මිණිබිරියගේ හෝ නිරුවත අනාවරණය නොකළ යුතු ය. ඔවුන් කිට්ටු නෑයන් වන බැවින් එසේ කිරීම දුෂ්ටකමකි.
යම් පූජකයෙකුගේ දුවක වෙසඟනක මෙන් හැසුරුණොත්, ඈ තම පියාට නින්දා කරයි. ඈ ගින්නෙන් පුළුස්සා මැරිය යුතු ය.
දුබලුන් පොළොවේ ධූලි මත පාගා, අහිංසකයන් අහකට නෙරපාදමති. පියාත් පුතාත් දෙදෙන ම, එක ම දේවාල ගණිකාවන් සේවනය කර මාගේ ශුද්ධ නාමය කෙලෙසති;
කැප කරන ලද දෙය ගත් තැනැත්තා මෙසේ අසු වූ කල්හි ඔහු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම කඩ කළ නිසාත්, ඉශ්රායෙල්හි දුෂ්ටකමක් කළ නිසාත් ඔහු හා ඔහු සන්තක සියල්ල ගින්නෙන් පුළුස්සා දැමිය යුතු ය’යි ඔවුන්ට කියන්න.”
ජෝෂුවා කතා කොට, “ඔබ අප පිට මේ විපත්තිය පැමිණෙව්වේ මන් ද? සමිඳාණන් වහන්සේ අද ඔබ පිට විපත්තිය පමුණුවන සේකැ”යි කීවේ ය. එවිට සියලු ඉශ්රායෙල්වරු ඔහුට ගල් ගැසූ හ. ඔව්හු ඔවුන්ට ගල් ගසා ගින්නෙන් පුළුස්සාදැමුවෝ ය.