තවද, ඉශ්රායෙල් ඒ රටේ පදිංචි ව සිටිය දී රූබන් ගොස්, තම පියාගේ අනියම් බිරිඳ වන බිල්හා සමඟ සැතපුණේ ය. ඉශ්රායෙල්ට ද එපවත් සැළ විය. ජාකොබ්ට පුත්‍රයෝ දොළොස්දෙනෙක් සිටියහ.
ලෙවී කථාව 18:8 - Sinhala New Revised Version 2018 නුඹේ පියාගේ බිරිඳකගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. එසේ කිරීම නුඹේ පියාට කරන නින්දාවකි. Sinhala New Revised Version නුඹේ පියාගේ බිරිඳකගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. එසේ කිරීම නුඹේ පියාට කරන නින්දාවකි. Sinhala Revised Old Version නුඹේ පියාගේ භාර්යාවගේ නග්නභාවය නොහරින්න. එය නුඹේ පියාගේ නග්නභාවයය. |
තවද, ඉශ්රායෙල් ඒ රටේ පදිංචි ව සිටිය දී රූබන් ගොස්, තම පියාගේ අනියම් බිරිඳ වන බිල්හා සමඟ සැතපුණේ ය. ඉශ්රායෙල්ට ද එපවත් සැළ විය. ජාකොබ්ට පුත්‍රයෝ දොළොස්දෙනෙක් සිටියහ.
එහෙත්, ඔබ මැඩලිය නොහැකි ගංවතුරකි, ඔබට ප්‍රමුඛත්වය නොලැබෙන්නේ ය. ඒ මන්ද, ඔබ පියාගේ යහනට නැඟ, මා දුක් ගන්වා, එය කෙලෙසූ බැවිනි.
සමහරු සිය පියාගේ බිරිඳගේ නිරුවත අනාවරණය කළහ; ඔසප් ව සිටි ස්ත්‍රීන්ට බලහත්කාරකම් කළහ.
යමෙකු තම පියාගේ භාර්යාවක සමඟ සයනය කළොත්, ඔහු තම පියාට නින්දා කරනු ඇත; ඒ දෙදෙනා ම මරණයට පත් කළ යුතු ය. තමන්ගේ මරණ ගැන ඒ දෙදෙනා ම වගකිව යුතු ය.
දුබලුන් පොළොවේ ධූලි මත පාගා, අහිංසකයන් අහකට නෙරපාදමති. පියාත් පුතාත් දෙදෙන ම, එක ම දේවාල ගණිකාවන් සේවනය කර මාගේ ශුද්ධ නාමය කෙලෙසති;
මිසදිටුවන් වුව ද නුරුස්සන තරමේ අනාචාර ක්‍රියාවක් ඔබ අතර ඇති බව මට ඇත්තට ම ආරංචි වී ඇත. එනම්, ඔබගෙන් කෙනෙකු සිය පියාගේ බිරිඳ තබාගෙන ඉන්න බව ය.
‘තම පියාගේ බිරිඳ සමඟ සයනය කොට, පියාට නින්දා කරන්නාට සාප වේ වා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය.