එසේ කෙළේ, ඔවුන් එතුමාණන්ගේ අණපනත් රක්ෂා කරන පිණිස ය, එතුමාණන්ගේ නීති නියෝග පවත්වන පිණිස ය. සමිඳුන්ට ප්‍රශංසා වේ වා!
ලෙවී කථාව 18:4 - Sinhala New Revised Version 2018 නුඹලා මාගේ විනිශ්චයයන් ඉටු කරමින්, නියෝග පවත්වමින් ඒවාට කීකරු විය යුතු ය. මම වනාහි නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි. Sinhala New Revised Version නුඹලා මාගේ විනිශ්චයයන් ඉටු කරමින්, නියෝග පවත්වමින් ඒවාට කීකරු විය යුතු ය. මම වනාහි නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි. Sinhala Revised Old Version නුඹලා මාගේ විනිශ්චයයන් ඉෂ්ටකර මාගේ පනත් පවත්වා ඒවායේ හැටියට හැසිරෙන්න. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය. |
එසේ කෙළේ, ඔවුන් එතුමාණන්ගේ අණපනත් රක්ෂා කරන පිණිස ය, එතුමාණන්ගේ නීති නියෝග පවත්වන පිණිස ය. සමිඳුන්ට ප්‍රශංසා වේ වා!
මම නුඹලාගේ දෙවි ස්වාමීන් වහන්සේ ය; මාගේ ආඥා ප්‍රකාර හැසිර, මාගේ පනත් අනුගමනය කර ඒවා පිළිපදින්න;
මාගේ ආත්මානුභාවය නුඹලා තුළ නිදන් කොට, නුඹලා මාගේ පනත් අනුව හැසිර මාගේ නියමයන් හරියාකාර ඉටු කරන්න සලස්වන්නෙමි.
මාගේ සේවක දාවිත් වැනි රජෙක් ඔවුන් කෙරෙහි රජ වන්නේ ය; ඔවුන් සියල්ලන්ට ම එක එඬේරෙක් වන්නේ ය. ඔව්හු මාගේ නියෝග ලෙස හැසිර, මාගේ පනත් අනුගමනය කර ඒවා ඉටු කරන්නෝ ය.
“ඉශ්රායෙල් ජනයාට කතා කොට ඔවුන්ට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “මම නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි.
එබැවින් නුඹලා මාගේ නීති ද විනිශ්චයයන් ද පවත්වා මෙවැනි කිසි ම පිළිකුල් ක්‍රියාවක් නොකටයුතු ය. නුඹලා අතරෙන් යමෙකු හෝ නුඹලා අතර වසන ඕනෑ ම විදේශිකයෙකු හෝ එවැන්නක් නොකළ යුතු ය.
මාගේ නීති හා විනිශ්චයයන් නුඹලා පිළිපැදිය යුතු ය. යමෙක් ඒවා ඉටු කරන්නේ ද ඔහු ඒ මඟින් ජීවත් වනු ඇත. මම සමිඳාණන් වහන්සේ වෙමි.
“මාගේ නීති නුඹලා ඉටු කළ යුතු ය. නුඹලාගේ ගවයන්ට වෙන වර්ගයක සතුන් සමඟ පට්ටි ගැසීමට ඉඩ නොදිය යුතු ය. දෙවර්ගයක ධාන්‍ය බීජ නුඹලාගේ කෙතේ නොවැපිරිය යුතු ය. හණ සහ ලෝම මිශ්‍ර ව සාදන ලද වස්ත්‍රයක් ද ඇඟලා නොගත යුතු ය.
එබැවින් නුඹලා මාගේ නීති ද සියලු විනිශ්චයයන් ද පිළිපැදිය යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.”
“එබැවින් නුඹලා මාගේ සියලු නීති සහ සියලු විනිශ්චයයන් පිළිපදිමින් ඒවා ඉටු කළ යුතු ය. එවිට මා නුඹලා පදිංචි කරවීමට යන දේශය නුඹලා නෙරපා නොදමනු ඇත.
මේ යුවල සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා හා නියෝග නිවැරදි ව පිළිපදිමින් දෙවියන් වහන්සේ අබිමුවෙහි දැහැමින් විසූ හ.
“ඔබ අයිති කරගන්නට යන දේශයෙහි පිළිපැදිය යුතු, දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ඉගැන්වීමට අණ කළ, අණපනත් ද නීති හා නියෝග ද මේවා ය.