වැලපීමේ කාලය නිම වූ විට දාවිත් තමාගේ නිවෙසට ඈ ගෙන්වා ගත්තේ ය. ඔහු ඈ සරණ පාවාගත්තේ ය. ඈ දාවිත්ට දාව පුත්‍රයෙකු ලැබුවා ය. එහෙත්, දාවිත් කළ ක්‍රියාව ගැන සමිඳාණන් වහන්සේ ඉතා අප්‍රසන්න වූ සේක.
ලෙවී කථාව 18:20 - Sinhala New Revised Version 2018 තවද, වෙනත් මිනිසෙකුගේ භාර්යාවක සමඟ සයනය නොකරන්න. එසේ කළොත්, ඔබ කෙලෙසෙනු ඇත. Sinhala New Revised Version තවද, වෙනත් මිනිසෙකුගේ භාර්යාවක සමඟ සයනය නොකරන්න. එසේ කළොත්, ඔබ කෙලෙසෙනු ඇත. Sinhala Revised Old Version නුඹේ අසල්වාසියාගේ භාර්යාව සමඟ නුඹ කිලුටු වන පිණිස ඈ සමඟ සංවාසය නොකළයුතුය. |
වැලපීමේ කාලය නිම වූ විට දාවිත් තමාගේ නිවෙසට ඈ ගෙන්වා ගත්තේ ය. ඔහු ඈ සරණ පාවාගත්තේ ය. ඈ දාවිත්ට දාව පුත්‍රයෙකු ලැබුවා ය. එහෙත්, දාවිත් කළ ක්‍රියාව ගැන සමිඳාණන් වහන්සේ ඉතා අප්‍රසන්න වූ සේක.
ඔහු කිසි කලක කඳු මත පූජාස්ථානවල කෑම කන්නේ නැත; ඉශ්රායෙල්හි දේව රූප දෙසට නෙත් යොමු කරන්නේ නැත; අන් කෙනෙකුගේ භාර්යාව දූෂණය කරන්නේ නැත; ඔසප් වී සිටින ස්ත්‍රියක වෙත ළඟා වන්නේ නැත;
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම විනිශ්චය පිණිස නුඹලා ළඟට අවුත්, මන්ත්‍රකාරයන්ට ද කාමමිථ්‍යාචාරිකයන්ට ද බොරු සාක්ෂි දෙන්නන්ට ද කුලීකරුවන්ට පීඩා කරන්නන්ට ද වැන්දඹුවන්ට, අනාථයන්ට හා විදේශිකයන්ට අයුතු දේ කරන්නන්ට ද මට ගරුබිය නොදක්වන්නන්ට ද විරුද්ධ ව විගසින් සාක්ෂි දෙන්නෙමි.”
අන් මිනිසෙකු සමඟ, සැමියා නොදැනුවත්ව ම, රහසින් සයනය කොට, ඈ මෙසේ දූෂණය වූ නමුත් ඈට විරුද්ධ ව සාක්ෂිකරුවෙකු නැතුව ද වරද කරද්දී අසු නොවී ද සිටින්නට පුළුවන.
“කාමමිථ්‍යාචාරය නොකරන්නැ”යි ඔබ කියන්නහු ය; එහෙත් ඔබ ම කාමමිථ්‍යාචාරය කරන්නහු ද? ඔබ රූප නමස්කාරය පිළිකුල් කරන්නහු ය; එහෙත්, ඔබ ම දේවගෘහයන් කොල්ල කන්නහු ද?
අධර්මිෂ්ඨයන් දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම කරගන්නේ නැති බව ඔබ දන්නේ නැද් ද? නොරැවටෙන්න. අනාචාරකම් කරන්නෝ වත්, රූප වඳින්නෝ වත්, කාමමිථ්‍යාචාරිකයෝ වත්, සම ලිංගික සේවනයේ යෙදෙන්නෝ වත්,
“යම් පුරුෂයෙකු අන් විවාහක කාන්තාවක සමඟ සයනය කළහොත්, එම පුරුෂයාත් කාන්තාවත් දෙදෙන ම මරණයට පත් කළ යුතු ය. මෙලෙස ඔබ අතරෙන් නපුර පහකළ යුතු වේ.
“යම් මිනිසෙකු අන් පුරුෂයෙකුට විවාහ ගිවිසුම් බස් දුන් තරුණියක එළිමහනේ දී මුණගැසී, ඔහු බලහත්කාරකමින් ඇය දූෂණය කළහොත්, ඒ පුරුෂයා පමණක් මරණයට පත් කළ යුතු ය.
විවාහය සියල්ලන් අතර ගෞරවණීය ව ද විවාහ බැම්ම නොකැළැල් ව ද පවතී වා. මන්ද, අවකල්ක්‍රියා කරන්නන් ද කාමමිථ්‍යාචාරිකයන් ද දේව විනිශ්චයට ලක් වනු ඇත.