තවද, අම්රාම් තම පියාගේ සොහොයුරිය වූ ජොකෙබෙද් බිරිඳ කොට සරණ පාවාගත්තේ ය. ඇය ඔහුට දාව ආරොන් සහ මෝසෙස් ලැබුවා ය. අම්රාම් අවුරුදු එකසිය තිස්හතක් ජීවත් විය.
ලෙවී කථාව 18:12 - Sinhala New Revised Version 2018 නුඹේ පියාගේ සොහොයුරිය, නුඹේ පියාගේ කිට්ටු නෑයෙකු බැවින් ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. Sinhala New Revised Version නුඹේ පියාගේ සොහොයුරිය, නුඹේ පියාගේ කිට්ටු නෑයෙකු බැවින් ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. Sinhala Revised Old Version නුඹේ පියාගේ සහෝදරීගේ නග්නභාවය නොහරින්න. ඈ නුඹේ පියාට කිට්ටු නෑයෙක්ය. |
තවද, අම්රාම් තම පියාගේ සොහොයුරිය වූ ජොකෙබෙද් බිරිඳ කොට සරණ පාවාගත්තේ ය. ඇය ඔහුට දාව ආරොන් සහ මෝසෙස් ලැබුවා ය. අම්රාම් අවුරුදු එකසිය තිස්හතක් ජීවත් විය.
නුඹේ පියාට දාව උපන්, ඔහුගේ වෙන කසාදයක දුව, නුඹේ සොහොයුරිය වන බැවින්, ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය.
නුඹේ මවගේ සොහොයුරිය, නුඹේ මවගේ කිට්ටු නෑයෙකු බැවින්, ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය.
“යමෙකු තම මවගේ සොහොයුරියගේ හෝ තම පියාගේ සොහොයුරියගේ හෝ නිරුවත අනාවරණය නොකළ යුතු ය. මෙවැන්නක්, තම කිට්ටු නෑයන්ට කරන නින්දාවකි. ඔවුන් තමන්ගේ නපුරුකම ගැන වගකිව යුතු ය.