ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලෙවී කථාව 16:29 - Sinhala New Revised Version 2018

“පහත දක්වන නියෝගය නුඹලා කෙරෙහි සදහට ම වලංගු වේ: එනම්, හත් වන මාසයේ දස වන දින ඉශ්රායෙල් ජනයා වන නුඹලා ද නුඹලා අතර වසන විදේශීන් ද උපවාසයෙහි යෙදෙමින්, බර වැඩ කිරීමෙන් වැළකිය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“පහත දක්වන නියෝගය නුඹලා කෙරෙහි සදහට ම වලංගු වේ: එනම්, හත් වන මාසයේ දස වන දින ඉශ්රායෙල් ජනයා වන නුඹලා ද නුඹලා අතර වසන විදේශීන් ද උපවාසයෙහි යෙදෙමින්, බර වැඩ කිරීමෙන් වැළකිය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එය නුඹලාට නිරන්තර පනතක් වන්නේය. සත්වෙනි මාසේ දසවෙනි දිනදී නුඹලාගේ ප්‍රාණවලට පීඩාකරගත යුතුය, ස්වදේශියාවත් නුඹලා අතරේ වසන විදේශියාවත් කිසිම වැඩක් නොකළ යුතුය.

පරිච්ඡේදය බලන්න



ලෙවී කථාව 16:29
28 හුවමාරු යොමු  

සියලු ඉශ්රායෙල්වරු සත් වන මාසය වන ඒතානිම් මාසයේ මංගල්‍යයේ දී සලමොන් රජු වෙත රැස් වූවෝ‍ ය.


හත් වන මාසය වන විට, ඉශ්රායෙල් සෙනඟ තම තමන්ගේ නගරවල පදිංචි වී සිටියහ. එකල ඔව්හු එක් කෙනෙකු මෙන් ජෙරුසලමට රැස් වූ හ.


“එවිට අපේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි අප යටහත් පහත් වී, අපට සුබ ගමනක් සලසා දී, අප ද අපේ දරුදැරියන් ද අපේ සම්පත ද ආරක්ෂා කරන හැටියට උන් වහන්සේගෙන් ඉල්ලන පිණිස එහි අහවා ගංගාව ළඟ දී මම උපවාසයක් ප්‍රසිද්ධ කෙළෙමි.


ඔවුන් රෝගාතුර වූ දවසේ දී මම ගෝණි රෙදි ඇන්දෙමි; උපවාසයේ සිටියෙමි; සිරස නමා යාදිනි පිදුවෙමි.


එබැවින් මා කඳුළු සලමින් උපවාස කරන විට සෙනඟ මට නින්දා කරන්නෝ ය.


පළමු වන දිනයෙහි ද, හත් වන දිනයෙහි ද ආගමික රැස්වීමක් පැවැත්විය යුතු ය. එම දිනවල හැම දෙනා ම කෑම පිළියෙළ කිරීම හැර අන් කිසි වැඩක් නොකළ යුතු ය.


එහෙත්, හත් වන දවස නුඹේ දෙවි සමිඳාණන් වහන්සේට කැප වූ සබත ය. එදින නුඹ වත්, නුඹේ පුතු වත්, දුව වත්, නුඹේ සේවකයා වත්, සේවිකාව වත්, නුඹේ සතෙකු වත්, නුඹේ වාසල් දොරටු සීමා ඇතුළ සිටින අමුත්තෙකු වත් කිසි වැඩක් නොකළ යුතු ය.


අවුරුද්දකට වරක් ආරොන් එහි අං පිට පව් කමාව ලබාගැනීමේ පිළිවෙත ඉටු කළ යුතු ය. අවුරුද්දකට වරක් පාප කමාව ලබන පූජාවේ ලේ ගෙන, පූජාසනය මත පව් කමාව ලැබීමේ පිළිවෙත ඉටු කළ යුතු ය. එය නුඹේ සෑම පෙළපතක් මඟින් ම ඉටු කළ යුතු ය. එය සමිඳාණන් වහන්සේ වන මට කැප වූ අතිශුද්ධ පූජාසනයකි.”


එබැවින් නුඹලා සබත් දිනය පිළිපැදිය යුතු ය. එය නුඹලාට ශුද්ධ දිනයක් විය යුතු ය. එය කෙලෙසන සෑම කෙනෙක් මරණයට පත් කරනු ලැබිය යුතු වේ. තවද, එම දවසේ වැඩ කරන සෑම කෙනෙක් ම, සිය සෙනඟ අතරින් නෙරපාදමනු ලැබිය යුතු ය.


දවස් හයක් තුළ වැඩ කළ හැක, එහෙත් හත් වන දින, සමිඳාණන් වහන්සේ වන මට වෙන් කළ නිවාඩුවේ සබත් දිනය යි. සබත් දින වැඩ කරන සෑම කෙනෙක් ම මරණයට පත් කරනු ලැබිය යුතු වේ.


සමිඳාණෝ මෙසේ වදාරන සේක: “නුඹලා සබත් දවස ශුද්ධ ලෙස පවත්වා, ඒ දවසේ දී නුඹගේ කැමැත්ත නොකර, සමිඳුන්ගේ සබත ප්‍රිය වන ගෞරවණීය දවසක් යයි කියන්නහු නම්, ඒ දවසේ දී ගමන් බිමන් නොගොස්, ගනුදෙනු නොකර, අල්ලාප සල්ලාප නොදොඩා ඒ දවසට ගෞරව කරන්නහු නම්,


“සමිඳුන් සලකන්නේ නැත්නම්, අප උපවාස කරන්නේ කුමට ද? එතුමන් සිතට ගන්නේ නැත්නම්, අප වද විඳින්නේ කුමට දැ”යි සෙනඟ අසති. සමිඳාණෝ ඔවුන්ට මෙසේ වදාරන සේක: “නුඹලා උපවාසයේ යෙදී සිටින අතර නුඹලාගේ ම සැප පහසුව සොයමින් නුඹලාගේ සේවකයන්ට හිරිහැර කරන්නහු ය.


නුඹලා උපවාස කරන දවසේ දී නුඹලාට ම වද වේදනා කරගෙන පන් ගසක් මෙන් හිස නමාගෙන, ගෝණි රෙදි සහ අළු අතුරා ඒ පිට හිඳගන්නහු ය. උපවාසයෙන් නුඹලා අදහස් කරන්නේ එය ද? එවැනි උපවාස දවසක් සමිඳුන්ට ප්‍රසන්න යයි නුඹලා සිතන්නහු ද?


එදින නුඹලා ශුද්ධ නමස්කාරය පිණිස රැස්වන ලෙස ද බර වැඩ නොකරන ලෙස ද ප්‍රකාශ කළ යුතු ය. මෙය නුඹලාගේ පෙළපත් තුළ නුඹලා කොතැනක විසුවත්, සදහට ම වලංගු නියෝගයකි.


“දවස් හයක් වැඩ කළ යුතු ය. හත් වන දින වන්දනාමාන පිණිස රැස්වීම් පවත්වන නිවාඩුවේ සබත් දිනය ය. එදින කිසි ම වැඩක් නොකළ යුතු ය. නුඹලා සියලු දෙන කොතැනක වාසය කළත්, එදින සමිඳාණන් වහන්සේට අයිති සබත් දින වේ.


හත් දිනක් ම සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා ආහාර පූජාවක් ඔප්පු කළ යුතු ය. අට වන දින ශුද්ධ නමස්කාරය සඳහා රැස්වීමක් පවත්වා ගින්නෙහි දවා ආහාර පූජාවක් සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු ය. එදින ශුද්ධ නමස්කාරය සඳහා ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වන බැවින් කිසි බර වැඩක් නොකළ යුතු ය.


එවිට හත් වන මාසයේ දහ වන දින, එනම්, පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කරන දින, මුළු රට පුරා හොරණෑව රැව් පිළිරැව් දීමට සැලැස්විය යුතු ය.


නුඹ තෙල වත්, ලෙය වත් කෑමට නොගත යුතු ය. නුඹ වාසය කරන්නේ කොතැනක වේවා, මෙය නුඹේ පෙළපත් තුළ සදහට ම වලංගු නියෝගයකි.”


“හත් වන මාසයේ දහ වන දින නමස්කාරය පිණිස රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින උපවාස කර, කිසි වැඩක් නොකළ යුතු ය.


බොහෝ කල් ගත වී, උපවාස කාලය ද ගෙවී ගිය බැවින්, මුහුදු ගමන අන්තරාය සහිත වූයෙන්, පාවුලු ඔවුන්ට දැනමුතුකම් දෙමින්,


එහෙත් අපි අප ම සෝදිසි කර ගනිමු නම්, අප විනිශ්චය කරනු ලබන්නේ නැත.


දෙවියන් වහන්සේ සිය කටයුතුවලින් නිවාඩු ගත්තාක් මෙන්, උන් වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු වූ තැනැත්තා ද, සිය කටයුතුවලින් නිවාඩු ගන්නේ ය.


ඔව්හු මිශ්පා නගරයට රැස් වී වතුර ඇද සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පූජාවක් වශයෙන් වත් කොට, ඒ දවසේ නිරාහාර ව සිට, “අපි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමු”යි එහි දී කී හ. සාමුවෙල් මිශ්පාහි පදිංචි වී සිට ඉශ්රායෙල් ජනයා විනිශ්චය කෙළේ ය.