“යම් පුරුෂයෙකුට ධාතු මෝචනය ඇති වුවහොත්, ඔහු ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර වනු ඇත.
ලෙවී කථාව 15:17 - Sinhala New Revised Version 2018 පුරුෂ ධාතු වැටුණු සෑම වස්ත්‍රයක් ම, සෑම සම් පිළියක් ම වතුරෙන් සේදිය යුතු ය. ඒවා සවස දක්වා අපවිත්‍ර වනු ඇත. Sinhala New Revised Version පුරුෂ ධාතු වැටුණු සෑම වස්ත්‍රයක් ම, සෑම සම් පිළියක් ම වතුරෙන් සේදිය යුතු ය. ඒවා සවස දක්වා අපවිත්‍ර වනු ඇත. Sinhala Revised Old Version ශුක්‍රධාතුව තැවරෙන සියලු වස්ත්‍රද හම්ද සෝදනු ලැබිය යුතුය, ඒවා සවස දක්වාද අපවිත්‍රවන්නේය. |
“යම් පුරුෂයෙකුට ධාතු මෝචනය ඇති වුවහොත්, ඔහු ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර වනු ඇත.
පුරුෂයෙකු ස්ත්‍රියක සමඟ සයනය කළ පසු, දෙදෙනා ම ජලස්නානය කළ යුතු ය. සවස දක්වා ඔවුන් අපවිත්‍ර වනු ඇත.
“ආරොන්ගේ පෙළපතින් පැවතෙන යමෙකුට බෝවෙන චර්ම රෝගය හෝ ධාතු මෝචනය හෝ තිබේ නම්, ඔහු පවිත්‍ර වන තෙක් ශුද්ධ පූජාවලින් නොවැළඳිය යුතු ය.
සවස් කාලයේ දී ඔහු ජලයෙන් තමා සෝදාගත් පසු, ඉර බැස ගිය විට කඳවුර තුළට ඔහු ආපසු පැමිණිය යුතු ය.
සමහරුන් ගින්නෙන් ඉවතට ඇදගනිමින්, බියෙන් යුක්ත ව ඔවුන් ගළවාගන්න. අන් සමහරුන්ට පරිස්සමෙන් අනුකම්පාව දක්වන්න. ඔවුන්ගේ පවිටු තෘෂ්ණා කරණකොටගෙන කැළැල් වූ, වස්ත්‍රවලට පවා ද්වේෂ කරන්න.