ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලෙවී කථාව 15:12 - Sinhala New Revised Version 2018

එවැන්නෙකු මැටි බඳුනක් ස්පර්ශ කළොත්, එය බිඳදැමිය යුතු ය. එසේ ම එවැන්නෙකු ස්පර්ශ කරන සෑම ලී බඳුනක් ම වතුරෙන් සේදිය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවැන්නෙකු මැටි බඳුනක් ස්පර්ශ කළොත්, එය බිඳදැමිය යුතු ය. එසේ ම එවැන්නෙකු ස්පර්ශ කරන සෑම ලී බඳුනක් ම වතුරෙන් සේදිය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ප්‍රමේහය ඇති අය අත ගසන මැටි භාජනය බිඳදැමිය යුතුය. සියලු ලී භාජනද වතුරෙන් සේදිය යුතුය.

පරිච්ඡේදය බලන්න



ලෙවී කථාව 15:12
10 හුවමාරු යොමු  

නුඹ දරදඬු පාලනයකින් ඔවුන් සිඳබිඳ, මැටි බඳුනක් සේ සුණු විසුණු කර ඇතැ”යි වදාරන සේක.


දෙනෝදහසක් රැස් වන මංසන්දිවල ඈ හඬනඟයි; නුවර වාසල් දොරටු ළඟ ඈ මෙසේ නිවේදනයක් කරයි:


මාගේ තරවටුව හිතට ගන්න; එසේ කළොත්, මම මුළු හිතින් ගුරුකම් දෙන්නෙමි.


මාගේ පුත්‍රය, විචක්ෂණ බුද්ධිය ද තීක්ෂණ ඥානය ද දියුණු කරගන්න. ඒවා ඔබ කෙරෙන් පහ ව යන්න ඉඩ නොදෙන්න.


මෝචනය ඇති කෙනෙකු වතුරෙන් අත් නොසෝදා, වෙන කෙනෙකු ස්පර්ශ කළොත්, ඒ තැනැත්තා තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර වනු ඇත.


තෙල් මිශ්‍රකොට එය තාච්චියක සූදානම් කළ යුතු ය. එය පිසුවාට පසු, ධාන්‍ය පූජාව මෙන් පිසූ යාග පූජාවේ කැබලි සමිඳාණන් වහන්සේට සුමිහිරි පූජාවක් ලෙස පිදිය යුතු ය.


යම්කිසි මැටි බඳුනක එය පිසිනු ලැබුවේ නම්, එම බඳුන බිඳිය යුතු ය. එය පිසිනු ලැබුවේ ලෝකඩ බඳුනක නම්, එම බඳුන මැද, වතුරෙන් සේදිය යුතු ය.


කූඩාරමක් වන අපගේ භෞමික නිවාසය ගරා වැටුණත්, දෙවියන් වහන්සේගෙන් වන, අතින් නොතැනූ, සදාතන නිවාසයක් ස්වර්ගයෙහි අපට ඇති බව අපි දනිමු.


සියල්ල තමන්ට වසඟ කර ගැනීමට ඇති ස්වකීය බලය අනුව, දැනට අපට ඇති පහත්කමේ ශරීර, තමන් වහන්සේගේ තේජාන්විත ශරීරයට සමාන වන පිණිස, උන් වහන්සේ ඒවා, වෙනස් කරන සේක.