ලෙවී කථාව 14:45 - Sinhala New Revised Version 2018 ඔහු ගෙය ද එහි ගඩොල් ද ලී දඬු ද බදාම සම්පූර්ණයෙන් ද කඩාදමා නගරයෙන් පිටත කසළ ගොඩකට ඒවා ගෙන යා යුතු ය. Sinhala New Revised Version ඔහු ගෙය ද එහි ගඩොල් ද ලී දඬු ද බදාම සම්පූර්ණයෙන් ද කඩාදමා නගරයෙන් පිටත කසළ ගොඩකට ඒවා ගෙන යා යුතු ය. Sinhala Revised Old Version ඔහු ගෙය ඒකේ ගල්ද ඒකේ දඬුද ගෙයි බදාම සියල්ලද ඇතුළුව කඩාදමා නුවරින් පිටත අපවිත්‍ර ස්ථානයකට ගෙන ගිය යුතුය. |
ඔහු ගිරිකුළු දේවාල පහකර, රූපස්තම්භ කඩා, අෂේරා කප් කණු කපාදමා, මෝසෙස් විසින් සාදන ලද ලෝකඩ සර්පයා ද කැබැලි කොට දැමී ය. ඒ දවස් දක්වා ඉශ්රායෙල් ජනයා ඊට සුවඳ දුම් ඔප්පු කළහ. ඔහු ඊට නෙහුෂ්තාන් යයි නම තැබී ය.
ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාව ද රජ මාලිගාව ද ජෙරුසලමේ සියලු ගෙවල් ද ප්‍රභූවරුන්ගේ මන්දිර ද පුළුස්සාදැමුවේ ය.
නැවත එයින් ස්වල්පයක් රැගෙන, ඒවා ගින්න මැදට හෙළා, ඒවා ගින්නෙන් දවාලන්න. එයින් මුළු ඉශ්රායෙල් ජාතියට විරුද්ධ ව ගින්නක් නික්මෙන්නේ ය.”
තවද, ගෙයි ඇතුළු බිත්ති සූරා, සූරන ලද බදාම නගරයේ පිටත කසළ ගොඩකට දමන ලෙස අණ කළ යුතු වේ.
තවද, යමෙකු ඒ ගේ වසා තිබෙන කාලය තුළ එහි ඇතුළු වුවහොත්, ඔහු සවස දක්වා අපවිත්‍ර යයි සලකනු ලැබේ.
රජතුමා උදහස් වී, තමාගේ යුද්ධ සේනා යවා ඒ මිනීමරුවන් විනාශ කොට ඔවුන්ගේ නුවර ගිනි ලැවී ය.
එහෙත්, උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, “මේ සියල්ල ඔබට පෙනෙනවා නො වේ ද? සැබැවින් ම මම ඔබට කියමි, ගලක් මත ගලක් ඉතිරි නොවන ලෙස ඒවා සියල්ල ම බිඳ හෙළනු ඇතැ”යි වදාළ සේක.
මාලිගාවෙන් පිටත වූ මළුව විජාතීන්ට දී ඇති බැවින්, එය නොමැන අත් හරින්න. ඔව්හු සතළිස් දෙමාසයක් ශුද්ධ නගරය පයින් පාගා දමන්නෝ ය.