එවිට සුවඳ ද්‍රව්‍ය වෙනුවට දුගඳ ද බඳ පටි වෙනුවට ලණුවක් ද මනා ලෙස ගෙතූ වරලස වෙනුවට හිස් මුඩුකම ද ශෝභමාන ඇඳුම් වෙනුවට දළ රෙදි ද රූපශ්‍රීය වෙනුවට විළිලජ්ජාව ද ඔවුන්ට ඇති වන්නේ ය.
ලෙවී කථාව 13:24 - Sinhala New Revised Version 2018 “යමෙකුගේ ශරීරයේ හම ගින්නෙන් පිළිස්සී, ඒ පිළිස්සුණ ස්ථානයේ වණයේ, ලා රතු හෝ සුදු හෝ පැල්ලමක් ඇති වුණොත්, Sinhala New Revised Version “යමෙකුගේ ශරීරයේ හම ගින්නෙන් පිළිස්සී, ඒ පිළිස්සුණ ස්ථානයේ වණයේ, ලා රතු හෝ සුදු හෝ පැල්ලමක් ඇති වුණොත්, Sinhala Revised Old Version නොහොත් ශරීරයේ හමෙහි ගින්නෙන් දැවීමක් වූ කල දෑවාවූ තුවාලයේ මාංසය රතට හුරුව සුදු පල්ලක් වන්නේ නම්, |
එවිට සුවඳ ද්‍රව්‍ය වෙනුවට දුගඳ ද බඳ පටි වෙනුවට ලණුවක් ද මනා ලෙස ගෙතූ වරලස වෙනුවට හිස් මුඩුකම ද ශෝභමාන ඇඳුම් වෙනුවට දළ රෙදි ද රූපශ්‍රීය වෙනුවට විළිලජ්ජාව ද ඔවුන්ට ඇති වන්නේ ය.
ඔහු ඒ තැනැත්තා සෝදිසි කොට, හමේ බිබිල සුදු පාට නම්, එහි රෝම සුදු පාට වී බිබිල ඔඩු දුවන වණයක් වී ඇත්නම්
එම ගඩ ගෙඩිය තිබූ ස්ථානය සුදු පාට වී ඉදිමී හෝ රතට හුරු පැල්ලමක් හෝ ඇති වුවහොත්, එය පූජකවරයාට පෙන්විය යුතු ය.
එහෙත්, එම පැල්ලම පැතිරී නොගොස් එසේ ම පවතී නම්, එය ගඩ ගෙඩියේ කැළල ය. පූජකවරයා ඔහු පවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය.
පූජකවරයා ඔහු සෝදිසි කළ යුතු ය. පැල්ලමේ රෝම සුදු වී ඇති බව ද හමේ ගැඹුරට ගොස් ඇති බව ද පෙනේ නම්, එය පිළිස්සීමෙන් හට ගැනුණු බෝවෙන චර්ම රෝගයකි. එබැවින් පූජකවරයා ඔහු අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. එය බෝවෙන චර්ම රෝගයකි.