Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 13:23 - Sinhala New Revised Version 2018

23 එහෙත්, එම පැල්ලම පැතිරී නොගොස් එසේ ම පවතී නම්, එය ගඩ ගෙඩියේ කැළල ය. පූජකවරයා ඔහු පවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 එහෙත්, එම පැල්ලම පැතිරී නොගොස් එසේ ම පවතී නම්, එය ගඩ ගෙඩියේ කැළල ය. පූජකවරයා ඔහු පවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

23 එහෙත් පල්ල පැතිර නොගොස් තිබුණු තැනම නැවතුණොත් ඒක ගඩගෙඩියේ කැලලය; පූජකයා ඔහු පවිත්‍රයයි කියාවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 13:23
13 හුවමාරු යොමු  

සහෝදරයෙනි, මිනිසෙකු යම් වරදක් කරද්දී අසු වුණොත් ශුද්ධාත්ම දායාදය ඇති ඔබ මෘදුකමින් ඔහු යහමඟට හරවාගත යුතු ය. ඔබ ද පරීක්ෂාවට නොවැටෙන පිණිස ප්‍රවේසම් වන්න.


අනෙක් අතට ඒ තැනැත්තා ඔහුගේ අධිකතර ශෝකයෙහි ගිලී නොයන පිණිස ඔහුට කමා වීම හා ධෛර්ය දීම ඔබගේ නියම යුතුකම වේ.


“කුකුළා හඬලන්න පළමු ඔබ මා හඳුනන්නේ නැත කියා තුන් වරක් කියනු ඇතැ”යි ජේසුස් වහන්සේ වදාළ වචනය සිහි කොට පේදුරු පිටතට ගොස් ඉකි බිඳිමින් හැඬී ය.


තම වරද සඟවන්නා සෞභාග්‍යය නොදනියි; වරද පිළිගෙන, එය දුරලන අයට දයාව ලැබෙයි.


එවිට දාවිත් පිළිතුරු දෙමින්, “මම සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමි”යි නාතාන්ට කී ය. නාතාන් ද කතා කරමින්, “සමිඳාණන් වහන්සේ ඔබේ පාපයට ක්ෂමාව දුන් සේක; ඔබ නො‍නසින්නෙහි ය;


ජුදා ද ඒවා හඳුනාගෙන, “මා පුත් ෂේලා ඈට නුදුන් බැවින් මට වඩා හරි දේ කර ඇත්තේ ඈ ය”යි කී ය. එහෙත්, ඉන්පසු ඈ සමඟ ඔහු සයනය කෙළේ නැත.


එය හම පුරා පැතිරී ගියහොත්, පූජකවරයා ඔහු අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. එය බෝවෙන චර්ම රෝගයකි.


“යමෙකුගේ ශරීරයේ හම ගින්නෙන් පිළිස්සී, ඒ පිළිස්සුණ ස්ථානයේ වණයේ, ලා රතු හෝ සුදු හෝ පැල්ලමක් ඇති වුණොත්,


පූජකවරයා ඔහු සෝදිසි කොට, එම පැල්ලමේ සුදු පාට රෝම නැති බවත්, එය හමේ ගැඹුරට ගොස් නැති බවත්, එය මැල වී ඇති බවත් දකී නම්, ඔහු ඒ තැනැත්තා දින හතක් වෙන් කොට තැබිය යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්