එම ගඩ ගෙඩිය තිබූ ස්ථානය සුදු පාට වී ඉදිමී හෝ රතට හුරු පැල්ලමක් හෝ ඇති වුවහොත්, එය පූජකවරයාට පෙන්විය යුතු ය.
ලෙවී කථාව 13:20 - Sinhala New Revised Version 2018 පූජකවරයා ද ඔහු සෝදිසි කළ පසු, එය හමේ ගැඹුරට ගොස් එහි රෝම සුදු පාට වී ඇති බව පෙනේ නම්, ඒ තැනැත්තා අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. එය ගඩ ගෙඩියකින් හට ගැනුණු චර්ම රෝගයකි. Sinhala New Revised Version පූජකවරයා ද ඔහු සෝදිසි කළ පසු, එය හමේ ගැඹුරට ගොස් එහි රෝම සුදු පාට වී ඇති බව පෙනේ නම්, ඒ තැනැත්තා අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. එය ගඩ ගෙඩියකින් හට ගැනුණු චර්ම රෝගයකි. Sinhala Revised Old Version පූජකයා බැලූ කල එය හමට වඩා පහත්වී එහි මයිල් සුදුවී තිබෙන බව දුටුවොත් ඔහු අපවිත්‍රයයි පූජකයා කිය යුතුය. එය කුෂ්ඨ ලකුණය, ඒක ගඩගෙඩියෙන් හටගත්තේය. |
එම ගඩ ගෙඩිය තිබූ ස්ථානය සුදු පාට වී ඉදිමී හෝ රතට හුරු පැල්ලමක් හෝ ඇති වුවහොත්, එය පූජකවරයාට පෙන්විය යුතු ය.
“යමෙකුගේ ශරීරයේ හමේ බිබිලක් හෝ තඩිස්සියක් හෝ පැල්ලමක් හෝ හටගෙන, එය බෝවෙන චර්ම රෝගයක් වන්නට ඉඩ තිබේ නම්, ඔහු පූජක ආරොන් වෙත හෝ පූජකයෙකු වන ඔහුගේ පුතෙකු වෙත හෝ ගෙනා යුතු ය.
එහෙත්, පූජකවරයා ඔහු සෝදිසි කළ පසු එහි සුදු පාට රෝම නැති බවත්, හමේ ගැඹුරට ගොස් නැති බවත්, එය මැල වී තිබෙන බවත් පෙනේ නම්, ඔහු ඒ තැනැත්තා දවස් හතක් වෙන් කොට තැබිය යුතු ය.
පූජකවරයා ද ඔහුගේ ශරීරයේ හමේ කුෂ්ඨය සෝදිසි කළ යුතු ය. රෝගය ඇති ස්ථානයේ රෝම සුදු පාට වී, කුෂ්ඨය හමේ ගැඹුරට ගොස් තිබේ නම්, එය බෝවෙන චර්ම රෝගයක් වේ. පූජකවරයා ද ඔහු සෝදිසි කළ පසු ඔහු අපවිත්‍ර ය කියා ප්‍රකාශ කළ යුතු ය.
එවිට ඔහු ගොස් තමාට වඩා අශුද්ධ වෙන ආත්මයන් සත් දෙනෙකු කැඳවාගෙන එන්නේ ය. ඔව්හු, එහි පිවිස එය අරක්ගනිති. මෙසේ ඒ මිනිසාගේ දෙ වන තත්ත්වය පළමු තත්ත්වයට වඩා නපුරු වන්නේ ය. මේ නපුරු පරම්පරාවට ද එසේ ම වනු ඇත.”
ඉන්පසු, ජේසුස් වහන්සේ දේව මාලිගාවේ දී ඔහු මුණගැසී, “බලන්න, ඔබ සුවපත් වී ඇත. මීට වඩා භයානක දෙයක් සිදු නොවන පිණිස තවත් පව් නොකරන්නැ”යි වදාළ සේක.
අප ස්වාමීන් ද ගැළවුම්කාරයාණන් ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දැනගැනීමෙන්, ලෝකයේ දූෂණවලින් මිදුණායින් පසු, ඔවුන් යළිත් ඒවාට පටලැවී වසඟ වුණොත්, ඔවුන්ගේ දැන් තත්ත්වය පළමු තත්ත්වයට වඩා භයානක ය.