Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 13:20 - Sinhala Revised Old Version

20 පූජකයා බැලූ කල එය හමට වඩා පහත්වී එහි මයිල් සුදුවී තිබෙන බව දුටුවොත් ඔහු අපවිත්‍රයයි පූජකයා කිය යුතුය. එය කුෂ්ඨ ලකුණය, ඒක ගඩගෙඩියෙන් හටගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 පූජකවරයා ද ඔහු සෝදිසි කළ පසු, එය හමේ ගැඹුරට ගොස් එහි රෝම සුදු පාට වී ඇති බව පෙනේ නම්, ඒ තැනැත්තා අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. එය ගඩ ගෙඩියකින් හට ගැනුණු චර්ම රෝගයකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 පූජකවරයා ද ඔහු සෝදිසි කළ පසු, එය හමේ ගැඹුරට ගොස් එහි රෝම සුදු පාට වී ඇති බව පෙනේ නම්, ඒ තැනැත්තා අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. එය ගඩ ගෙඩියකින් හට ගැනුණු චර්ම රෝගයකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 13:20
7 හුවමාරු යොමු  

මක්නිසාද ස්වාමිවූ ගැළවුම්කාරවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව දැනගැනීමෙන් ලෝකයේ කිලුටුකම්වලින් මිදුණායින් පසු ඔවුන් නැවත ඒවාට පටලැවී වහල්වුණොත්, ඔවුන්ගේ පළමු ස්වභාවට වඩා අන්තිම ස්වභාව නපුරු වන්නේය.


ඉන්පසු යේසුස්වහන්සේ දේවමාළිගාවේදී ඔහු දැක: බලන්න, නුඹ සුවය ලැබුවෙහිය. නුඹට මීට වඩා නරකක් සිදු නොවන පිණිස, තවත් පව් නොකරන්නැයි ඔහුට කීසේක.


එවිට ඔහු ගොස් තමාට වඩා දුෂ්ටවූ වෙන ආත්මයන් සත්දෙනෙකු තමා කැටුව ගෙන එන්නේය, ඔව්හු ඇතුල්ව එහි වාසයකරති. එසේ ඒ මනුෂ්‍යයාගේ පළමු ස්වභාවට වඩා අන්තිම ස්වභාව නපුරුවන්නේය. මේ නපුරු පරම්පරාවටද එසේම වන්නේයයි කීසේක.


පූජකයාද ශරීරයේ හමෙහි රෝගය බලාවා. රෝගය තිබෙන තැන මයිල් සුදුවූ බවද ඒ රෝගය සෑදී තිබෙන ස්ථානය ඔහුගේ ශරීරයේ හමට වඩා පහත්ව තිබෙන බවද පෙනේනම් ඒක කුෂ්ඨයේ ලකුණක්ය. පූජකයා ඔහු බලා ඔහු අපවිත්‍රයයි කිය යුතුය.


මනුෂ්‍යයෙකුගේ ශරීරයේ හමෙහි බිබිලක්වත් කබොල්ලක්වත් රතුපල්ලක්වත් හටගැනී ඒක ඔහුගේ ශරීරයේ හමෙහි කුෂ්ඨ ලකුණක් වන්නේ නම් ඔහු පූජකයාවූ ආරොන් වෙතට හෝ ඔහුගේ පුත්‍රයන්වූ පූජකයන්ගෙන් එක්කෙනෙකු වෙතට හෝ පමුණුවනු ලබාවා.


ගඩගෙඩිය තිබුණු තැන සුදු බිබිලක්වත් රතට හුරු සුදු පල්ලක්වත් හටගත්තොත් එය පූජකයාට පෙන්විය යුතුය;


එහෙත් පූජකයා එය බැලූ කල එහි තුළ සුදු මයිල් නැතුව හමට වඩා පහත් නොවී මැලවී තිබුණොත් පූජකයා ඔහු සත් දිනක් වෙන්කර සිටුවිය යුතුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්