එවිට දෙවි සමිඳාණන් වහන්සේ ස්ත්‍රියට කතා කොට, “නුඹ මෙය කෙළේ මන්දැ”යි ඇසූ සේක. “සර්පයා මා රැවටී ය; මමත් කෑවෙමි”යි ඈ පිළිතුරු දුන්නා ය.
ලෙවී කථාව 12:5 - Sinhala New Revised Version 2018 එහෙත්, ඈ ගැහැණු දරුවෙකු ලැබුවොත්, ඈ ඔසප් දිනවල දී මෙන් සති දෙකක් අපවිත්‍ර ව සිටින්නී ය. ඉන්පසු ඈ සම්මත චාරිත්‍ර අනුව ඇගේ ලේ යෑමෙන් පවිත්‍ර වීම පිණිස දවස් හැටහයක් සිටිය යුතු ය. Sinhala New Revised Version එහෙත්, ඈ ගැහැණු දරුවෙකු ලැබුවොත්, ඈ ඔසප් දිනවල දී මෙන් සති දෙකක් අපවිත්‍ර ව සිටින්නී ය. ඉන්පසු ඈ සම්මත චාරිත්‍ර අනුව ඇගේ ලේ යෑමෙන් පවිත්‍ර වීම පිණිස දවස් හැටහයක් සිටිය යුතු ය. Sinhala Revised Old Version එහෙත් ඈ ගෑනු ළමයෙකු වැදුවොත් ඇගේ වෙන්ව සිටීම ලෙස ඈ දෙසතියක් අපවිත්‍රව සිටින්නීය; ඇගේ ලෙයින් පවිත්‍රවීම පිණිස ඈ හැටහදවසක් සිටිය යුතුය. |
එවිට දෙවි සමිඳාණන් වහන්සේ ස්ත්‍රියට කතා කොට, “නුඹ මෙය කෙළේ මන්දැ”යි ඇසූ සේක. “සර්පයා මා රැවටී ය; මමත් කෑවෙමි”යි ඈ පිළිතුරු දුන්නා ය.
“ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “ස්ත්‍රියක ගැබ්ගෙන පිරිමි දරුවෙකු ලැබුවොත්, ඈ ඔසප් ව සිටිය දිනවල දී මෙන් ම හත් දවසක් අපවිත්‍ර ව සිටින්නී ය.
ඉන්පසු ඈ සම්මත චාරිත්‍ර අනුව ඇගේ ලේ යාමෙන් පවිත්‍ර වීම පිණිස දවස් තිස්තුනක් සිටිය යුතු ය. ඇගේ පවිත්‍ර වීමේ දවස් සම්පූර්ණ වන තෙක් ඈ කිසි ශුද්ධ දෙයක් ස්පර්ශ නොකළ යුතු ය. ශුද්ධස්ථානයට ඇතුළු නොවිය යුතු ය.
“පුතෙකු හෝ දුවක හෝ සඳහා ඇගේ පවිත්‍ර වීමේ කාලය සම්පූර්ණ වූ පසු ඈ සම්මුඛ මණ්ඩපයේ දොරකඩ පූජකවරයා වෙත දවන යාග පූජාවක් සඳහා අවුරුද්දක් වයසැති බැටළුවෙකු ද පාප පූජාවක් සඳහා පරෙවි පැටියෙකු හෝ කොබෙයියෙකු ද ගෙනා යුතු ය.