ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලෙවී කථාව 11:26 - Sinhala New Revised Version 2018

කුර ඇති නමුත් ඒවා නොබෙදී ඇති නම්, හෝ වමාරා නොකන හෝ සියලු මෘගයන්ගේ මළකුණු අපවිත්‍ර ලෙස සැලකිය යුතු ය. ඒවා ස්පර්ශ කරන සියල්ලෝ අපවිත්‍ර වෙති.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

කුර ඇති නමුත් ඒවා නොබෙදී ඇති නම්, හෝ වමාරා නොකන හෝ සියලු මෘගයන්ගේ මළකුණු අපවිත්‍ර ලෙස සැලකිය යුතු ය. ඒවා ස්පර්ශ කරන සියල්ලෝ අපවිත්‍ර වෙති.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

බෙදුණු නුමුත් වෙන්නූණ කුර ඇති වමාරානොකන සියලු මෘගයෝ නුඹලාට අපවිත්‍රය. උන්ට ස්පර්ශවන සියල්ලෝද අපවිත්‍ර වන්නෝය.

පරිච්ඡේදය බලන්න



ලෙවී කථාව 11:26
5 හුවමාරු යොමු  

යන්න, බබිලෝනියෙන් පිට වී යන්න, අපිරිසිදු දේකට අත නොපාන්න. නොනැවතී පිට වී යන්න, සමිඳුන්ගේ භාණ්ඩ උසුලාගෙන යන නුඹලා පිරිසිදු වන්න.


තවද, යමෙකු උන්ගේ මළකුණු උසුලාගෙන ගියොත්, ඔහු සිය වස්ත්‍ර සෝදාගත යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර වේ.


පා සතරින් ඇවිදින සියලු වර්ගවල සතුන් අතර පතුල් තබා යන සතුන් අපවිත්‍ර ලෙස සැලකිය යුතු ය. උන්ගේ මළකුණු ස්පර්ශ කරන සෑම කෙනෙක් ම සවස දක්වා අපවිත්‍ර වේ.


කුරය දෙකට බෙදී, වෙන් ව තිබෙන, වමාරා කන මෘගයන් කෑමට සුදුසු ය.


ඌරා, කුරය බෙදී ඇති සතෙකු නමුත් ඌ වමාරා නොකන බැවින් අපවිත්‍ර සතෙකු මෙන් සැලකිය යුතු ය. උන්ගේ මස් නොකෑ යුතු අතර, උන්ගේ මළකුණු ද ස්පර්ශ නොකළ යුතු ය.