Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 11:3 - Sinhala New Revised Version 2018

3 කුරය දෙකට බෙදී, වෙන් ව තිබෙන, වමාරා කන මෘගයන් කෑමට සුදුසු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 කුරය දෙකට බෙදී, වෙන් ව තිබෙන, වමාරා කන මෘගයන් කෑමට සුදුසු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 මෘගයන් අතරෙන් කුරය දෙකට බෙදී වෙන්ව තිබෙන්නාවූ වමාරාකන්නාවූ සියල්ලන් නුඹලාට කන්ට පුළුවන.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 11:3
17 හුවමාරු යොමු  

එබැවින්: “ඔවුන් අතරෙන් නික්මවිත්, වෙන් වී සිටින්න. අපවිත්‍ර කිසිවක් ස්පර්ශ නොකරන්නැ”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. “එවිට මම ඔබ පිළිගෙන,


මෙය සිතට ගෙන ක්‍රියා කරන්න. එවිට ඔබේ දියුණුව කාටත් පෙනෙනු ඇත.


එහි සිටි අය තෙසලෝනිකයෙහි අයට වඩා උදාර ගතිගුණ ඇත්තෝ වූ හ. ඔව්හු කරුණු හරි හැටි දැන ගන්නා පිණිස, දවස්පතා ශුද්ධ ලියවිල්ල පිරික්සමින් මුළු සිතින් ධර්මය පිළිගත්හ.


අනුවණකම හැරදමා ජීවත් වන්න; නැණනුවණ මාවතෙහි ගමන් කරන්න.”


ප්‍රඥාව ඔබේ මනසට පිවිසෙයි; දැනුම ඔබේ සිතට ප්‍රීතිය ගෙන දෙයි.


“ඉශ්රායෙල් ජනයාට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “මිහි පිට සිටින සියලු මෘගයන් අතරෙන් නුඹලාට කන්නට සුදුසු සත්තු නම් මොවුහු ය.


එහෙත්, වමාරා කන හෝ කුරය දෙකට බෙදී ඇති හෝ පහත දක්වන මෘගයන් ඔබ නොකෑ යුතු ය. එනම්, ඔටුවා වමාරා කන නමුත් උගේ කුර දෙකට බෙදී නැත. ඌ අපවිත්‍ර සතෙකු ලෙස සැලකිය යුතු ය.


පොළොවේ බෙන් හාවා වමාරා කන නමුත් උගේ කුර බෙදී නැත. ඌ අපවිත්‍ර ලෙස සැලකිය යුතු ය.


හාවා වමාරා කන නමුත් උගේ කුර බෙදී නැත. ඌ අපවිත්‍ර ලෙස සැලකිය යුතු ය.


ඌරාගේ කුරය බෙදී වෙන් ව තිබෙන නමුත් ඌ වමාරා නොකයි. ඌ අපවිත්‍ර ලෙස සැලකිය යුතු ය.


කුර ඇති නමුත් ඒවා නොබෙදී ඇති නම්, හෝ වමාරා නොකන හෝ සියලු මෘගයන්ගේ මළකුණු අපවිත්‍ර ලෙස සැලකිය යුතු ය. ඒවා ස්පර්ශ කරන සියල්ලෝ අපවිත්‍ර වෙති.


සතුන් අතර කුරය බෙදී වෙන් ව තිබෙන වමාරා කන සෑම සතෙකු ම කෑමට ඔබට අවසර ඇත.


ඌරා, කුරය බෙදී ඇති සතෙකු නමුත් ඌ වමාරා නොකන බැවින් අපවිත්‍ර සතෙකු මෙන් සැලකිය යුතු ය. උන්ගේ මස් නොකෑ යුතු අතර, උන්ගේ මළකුණු ද ස්පර්ශ නොකළ යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්