ස්වකීය පුත්‍රයාණන්ගේ සුබ අස්න දේශනා කිරීමෙන් මා මුළු සිතින් සේවය කරන දෙවියන් වහන්සේ ම, මෙහි මා කියන දේ සත්‍ය බවට සාක්ෂි දරනු ඇත.
රෝම 9:1 - Sinhala New Revised Version 2018 මම කිතුනුවෙකු වශයෙන් සත්‍යය පවසමි. මෙය මුසාවක් නොවේ. ඒ බවට ශුද්ධාත්මයාණන් වහන්සේ තුළ මාගේ හෘදය සාක්ෂිය සහතික කරයි. Sinhala New Revised Version මම කිතුනුවෙකු වශයෙන් සත්‍යය පවසමි. මෙය මුසාවක් නොවේ. ඒ බවට ශුද්ධාත්මයාණන් වහන්සේ තුළ මාගේ හෘදය සාක්ෂිය සහතික කරයි. සිංහල කාලීන පරිවර්තනය ක්‍රිස්තුස්වහන්සේ තුළ මම ඇත්ත කතා කරමි; බොරු නො කියමි. මගේ හෘදය සාක්ෂිය ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ ඒ ගැන සාක්ෂි දරයි. Sinhala Revised Old Version මට බලවත් ශෝකයද හෘදයෙහි නිරන්තර වේදනාවද තිබේයයි බොරු නොකියා ක්‍රිස්තුස්වහන්සේ තුළ සැබෑව කියමි. |
ස්වකීය පුත්‍රයාණන්ගේ සුබ අස්න දේශනා කිරීමෙන් මා මුළු සිතින් සේවය කරන දෙවියන් වහන්සේ ම, මෙහි මා කියන දේ සත්‍ය බවට සාක්ෂි දරනු ඇත.
ව්‍යවස්ථාවේ නියමයන් ඔවුන්ගේ සිත්හි ලියවී ඇති බව ඔවුන්ගේ පැවැත්මෙන් පෙනේ. ඔවුන්ගේ හෘදය සාක්ෂිය එය සැබෑ බව සහතික කරයි. මන්ද, ඔවුන්ගේ සිතුවිලි සමහර විටක ඔවුන් සදොස් බවත් සමහර විටක ඔවුන් නිදොස් බවත් හඟවන බැවිනි. දෙවියන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ ලවා මිනිසුන්ගේ සිත්වල අබිරහස් විනිශ්චය කරවන සේක. මාගේ සුබ අස්න මෙය යි.
අපගේ පාරට්ටුව මෙයයි. එනම්, ලෝකයා අතරත් විශේෂයෙන් ඔබ අතරත් අපගේ හැසිරීම, ලෞකික ප්‍රඥාවෙන් නොව දේව වරප්‍රසාදයෙන් ද දෙවියන් වහන්සේ දුන් ශුද්ධවන්තකමින් ද අවංකකමින් ද පාලනය වූ බවට අපගේ හෘදය සාක්ෂිය සහතික කරයි.
මා කොරින්තියට නාවේ ඔබට ඇති අනුකම්පාව නිසා බවට, හද පත්ලෙන් දිවුරමින්, දෙවියන් වහන්සේ මාගේ සාක්ෂිකරු වශයෙන් මම කැඳවමි.
ග්‍රීසියේ පෙදෙස්වල මා මේ කරන පාරට්ටුව නිහඬ කිරීමට කිසිවෙකුට ඉඩ නොතබමි යි ක්‍රිස්තුන් වහන්සේගේ සත්‍යය මා තුළ ඇති සේ ම දිවුරා කියමි.
මා බොරු නොකියන බව, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පියාණන් වූ සදහට ම පැසසුම් ලබන දෙවියන් වහන්සේ දන්නා සේක.
මෙතෙක් කල් ඔබ ඉදිරියේ අපේ නිදොස් බව දැක්වීමට අපි තැත් කෙළෙමු යයි ඔබට සිතිය හැකි ය. එසේ නොවේ; අප කතා කරන්නේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි කිතුනුවන් මෙන් ය. ප්‍රේමවන්තයෙනි, මේ සියල්ල ඔබගේ අභිවෘද්ධිය උදෙසා ය.
ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ සෙනෙහසින් මා ඔබට සැබැවින් ම ප්‍රේම කරන බව දෙවියන් වහන්සේ දන්නා සේක.
ඔබ දන්නා පරිදි අප කිසි කලෙක ඉච්ඡා වචන ව්‍යවහාර කළේත්, අපගේ තණ්හාව සැඟවීමට උපා යෙදුවේත් නැත. ඒ බවට දෙවියන් වහන්සේ සාක්ෂි දරන සේක.
මේ අවවාදයේ අදහස නම්, පිරිසිදු සිතකින් ද, යහපත් හෘදය සාක්ෂියෙන් ද, අවංක ඇදහිල්ලෙන් ද නික්මෙන ප්‍රේමය වර්ධනය කිරීම යි.
ඒ පිළිබඳ දේශනාකාරයෙකු ද අපෝස්තුළුවරයෙකු ද ලෙස මා පත් කරනු ලැබුවේ විජාතීන්ට සත්‍ය ඇදහිල්ල උගන්වන පිණිස ය. මා මේ කියන්නේ බොරුවක් නොව සත්‍යයක් ම ය.
කලින් ගත් තීරණයක් අනුව වත්, පක්ෂපාතකමින් වත් කිසිවක් නොකර, සාධාරණ ව ක්‍රියා කිරීම ඔබේ යුතුකමක් ලෙස දෙවියන් වහන්සේ ද ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ද තෝරාගත් දේව දූතයන් ද ඉදිරියෙහි ඔබට අණ කරමි.