ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




රෝම 2:18 - Sinhala New Revised Version 2018

ඔබ උන් වහන්සේගේ කැමැත්ත දන්නහු ය; ඔබ ව්‍යවස්ථාවෙහි ඉගෙනීම ලැබ හරි දෙය අනුමත කරන්නහු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔබ උන් වහන්සේගේ කැමැත්ත දන්නහු ය; ඔබ ව්‍යවස්ථාවෙහි ඉගෙනීම ලැබ හරි දෙය අනුමත කරන්නහු ය.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

දහම් නීතියෙන් ගුරුහරුකම් ලද බැවින්, උන්වහන්සේගේ කැමැත්ත කුමක් ද කියාත්, පිළිගත යුතු වඩා උතුම් දේ කවරේ ද කියාත් ඔබ දනී නම්,

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ව්‍යවස්ථාවෙන් උගන්වනු ලැබ, උන්වහන්සේගේ කැමැත්ත දැන, වඩා උතුම් කාරණා මොනවාදැයි විමසා බලන්නෙහිනම්, නුඹ දැනගැනීමේද සැබෑකමේද විලාසය ව්‍යවස්ථාවෙන් ලැබ,

පරිච්ඡේදය බලන්න



රෝම 2:18
19 හුවමාරු යොමු  

ඔබේ වචන පැහැදිලි වන විට ආලෝකය ලැබේ. එයින් අනුවණයන්ට නුවණ ලැබේ.


සමිඳුන්ගේ අණපනත් සාධාරණ ය; සිතට සතොස වඩන්නේ ය. සමිඳුන්ගේ අණසක පැහැදිලි ය; දෙනෙතට එළිය දෙන්නේ ය,


අනුශාසනාව ඔබට පහනකි, උවදෙස් ඔබට එළියකි, ගුරූපදේශ ඔබට ජීවන මඟකි.


මා එසේ ලියන්නේ, ඔබ තුමාණන්ට උගන්වා ඇති කරුණුවල නියම සත්‍යය පහදා දෙන පිණිස ය.


සිය ස්වාමියාගේ අදහස දැනගෙනත්, ඒ අදහස පරිදි කටයුතු සංවිධානය නොකළාවූ ද ක්‍රියා නොකළාවූ ද දාසයා බොහෝ පහර ලබන්නේ ය.


ඉදින් ඔබ මේ දේවල් දන්නහු නම්, දැන ඒවා පිළිපදින්නහු නම්, ඔබ භාග්‍යවන්තයෝ ය.


ආදියෙහි ශුද්ධ ලියවිල්ලේ ලියන ලද සියල්ල, එයින් ඇති වන ඉවසීමෙන් ද සැනසීමෙන් ද අපට බලාපොරොත්තුව උදා වන පිණිස, අපේ ඉගෙනීම සඳහා ලියන ලද්දේ ය.


ඔබ එය අන්ධයන්ට මඟපෙන්වන්නෙකු ද අඳුරෙහි වසන්නවුන්ට ආලෝකයක් ද


මා අද දින ඔබ ඉදිරියෙහි තැබූ මේ සියලු නීති මෙන් සාධාරණ නීති හා නියෝග වෙන කිනම් ශ්‍රේෂ්ඨ ජාතියක් සතු ව පවතී ද?


ක්‍රිස්තුන් වහන්සේගේ දවස දක්වා අවංක ව හා නිදොස් ව සිටීමට ඔබට හැකි වේ වා.


සියල්ල විමසා බලා, යහපත් දේ තදින් අල්ලාගන්න.


එහෙත් ඝන ආහාර අවශ්‍ය වන්නේ හොඳ නරක විමසා බැලීමට අත්දැකීමෙන් තියුණු වූ ඉඳුරන් ඇති මුහුකුරා ගිය පුද්ගලයන්ට ය.


එබැවින් යමෙක් කළ යුතු යහපත දැන දැනත් එය නොකරන්නේ නම්, ඔහු පව්කාරයෙකි.